IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්න නිවාදමයි



(ඩී.කේ.රත්න)

අක්කර 500ක් පමණ දැවෙමින්  දින 02ක් පුරා පැතිරී ගිය රාවණා ඇල්ල අභයභූමියට අයත් රක්ෂිතයේ ගින්න දැඩි මෙහෙයුමකින් අද (6) සවස සම්පූර්ණයෙන්ම නිවා දැමීය.

යුද හමුදා, පොලිස්, වනජීවී, වන සංරක්ෂණ සහ බණ්ඩාරවෙල ගිනි නිවන ඒකකයේ නිලධාරීහු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවල සහයෝගයද ලබා ගනිමින් මෙම ගින්න නිවා දැමීමට කටයුතු කළහ.

මෙහිදී ගුවන් හමුදාවේ බෙල් 12 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් වැල්ලවාය අලිකොටආර ජලාශයෙන් ජලය රැගෙනවිත් ගුවනේ සිට මෙම ගින්නට දැමීෙමන් ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාවෙන් විශාල සහයෝගයක් ලැබිණි.

ඇල්ල රාවණා ඇල්ල අභයභූමියට අයත් රක්ෂිත ප්‍රදේශයේ දැඩි බෑවුම් සහිත ප්‍රදේශයක මෙම ගින්න හට ගැනීමත් සමග මෙම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු විණි.

ඇල්ල රාවණා ඇල්ල අභයභූමියට අයත් රක්ෂිත ප්‍රදේශයේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ අක්කර 500 ක් පමණ මෙම ගින්නෙන් විනාශ වී ඇතැයි වනජීවී නිලධාරිහු පවසති.  

අද (6) උදෑසන සිටම මෙම ගින්න නිවා දැමීමේ මෙහෙයුම සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (2)

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්න නිවාදමයි

janahitha UAE Sunday, 07 March 2021 03:39 AM

සියලු දෙනාටම අපගේ ස්තුතිය..!!!

:       0       0

දෙහිවත්ත Sunday, 07 March 2021 04:26 PM

දැන් වතු දෙමළ අයත් එතන තේ වගා කරාවි...!!! කොහෙත් වෙන දේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site