වරාය විකිණීම නවතන්නැයි විරෝධතා පෙත්මකට අත්සන් තැබේ ආයෝජනයට මුවා වී වරාය විකිණීම නවතන්නැයි ඉල්ලා සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලයේ සාමාජිකයෝ අද(01) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතා පෙත්සමකට අත්සන් කළහ. 01 February 2021
කොළඹ පියාසර සාමාජය යළි පණගන්වයි තරුණ ගුවන් සේවා ලෝලීන් අතර දැනුවත්භාවය හා උද්යෝගය ඇති කිරීමේ අරමුණින් 1937 දශකයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ අදහසකට අනුව ඇරඹි කොළඹ පියාසර සමාජය (THE COLOMBO FLYING CLUB) වසර තිස් පහකට පසු නැවතත් අද (31) ආරම්භ කෙරිණි. ඒ නිමිත්තෙන් කුඩා ගුවන් රථ ප්රදර්ශනයක්ද ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් තොටුපලේදි පැවැත්විණි. 31 January 2021
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා‘ එන්නත පොලිස් නිලධාරීන්ට ලබා දෙයි ඉන්දියාවේ නිෂ්පාදිත ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා‘ ප්‍රතිශක්තීකරණ එන්නත පොලිස් නිලධාරීන් සදහා ලබා දීම අද (31) ඇරැඹිණි. 31 January 2021
පස්සර වතුකම්කරුවෝ පාරට බසිති රජය අයවැයෙන් පොරොන්දුවූ පරිදි වතු කම්කරුවන් හට රුපියල් 1000 දෛනික වැටුප වහා ලබාදෙන ලෙස ඉල්ලා අද (31) දහවල් පස්සර නගරයේදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි. 31 January 2021
නිදහස් දා පෙරහුරු පෙළපාලිය පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන 73 වන ජාතික නිදහස් දින උළෙල සඳහා වන පෙරහුරු පෙළපාළියේ අද (31) පැවැත්විණි. 31 January 2021
නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු අද සිට 73 වැනි නිදහස් දින සැමරුම් උළෙල වෙනුවෙන් පෙරහුරු අවස්ථා අද (30) නිදහස් චතුරස්රයේදී ආරම්භ විය. 30 January 2021
වරාය අසළ උද්ඝෝෂණයක් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීමේ ගැටලුවට රජය මෙතෙක් නිසි විසදුමක් ලබා නොදීමට විරෝධය පල කරමින් වරාය වෘත්තීය සමිති සංවිධානය කළ විරෝධතාවයක් අද(29) පැවැත්විණි. 29 January 2021
කොරෝනා මර්දන එන්නත දීම ඇරැඹෙයි ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු කෝව්ඩ් 19 වයිරසය පාලනය සදහා වූ කොවිෂීල්ඩ් එන්නත’’ අද (29) එන්නත් කිරීම ඇරැඹිණි. 29 January 2021
ශ්‍රී දළදා මාලිගාවේදී අලුත් සහල් මංගල්‍ය පවත්වයි මහනුවර ශ්‍රී දළදා මාලිගාව වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් එකක් වන අලුත් සහල් මංගල්‍යය දුරුතු පුන් පොහෝ දිනය යෙදුණු අද (28) ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකෙරිණි. 28 January 2021
ලංකෝපකාර මුද්‍රණාලය වසර 9 කට පසු අලුත්වෙයි මෙයට වසර නමයකට පෙර ගින්නෙන් විනාශ වූ ලංකාවේ පළමුවන සිංහල පුවත්පත මුද්‍රණය කරන ලද ලංකෝපකාර මුද්‍රණාලය තායිලන්ත රජයේ වියදමින් ප්‍රතිසංස්කරණය කර ප්‍රදර්ශන කුටියක තැන්පත් කිරිම අහංගම කතලුව රන්වැල්ල විහාරස්ථානයේ දී තායිලන්ත තානාපතිනි චූලමනි චට්සුආන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28) සිදුකෙරිණි. 28 January 2021
සබරගමුව සරසවියට නව ගොඩනැගිලි සංකීර්ණයක් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට මුලපුරමින් ඒ සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාව අද(27) උත්සවාකාරයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. 27 January 2021
එජාප නියෝජ්‍ය නායක-මහ ලේකම් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනිති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් රංග බණ්ඩාර යන මහත්වරු ඇතුළු මැතිඇමතිවරු පිරිසක් අද(27) ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබාගත්හ. 27 January 2021
මීගමුව හිරේ සුපිරි පාටියෙන්... බන්ධනාගාර රැඳවියන්ට තහනම් භාණ්ඩ සැපයීමට අදාළ ලිපි ලේඛන කූඨ ලේඛන සැකසීම සහ විෂමාචාර දූෂණ ක්‍රියා සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා විසින් බන්ධනාගාර රැඳවියන්ට ලබා දෙන ලදැයි කියන සුඛෝපභෝගී පහසුකම් සම්බන්ධයෙන් වූ ඡායාරූප පෙළක් බුද්ධි අංශ විසින් සොයා ගනු ලැබ ඇත. 27 January 2021
කඩයිම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සිසුන් සරසවියට ගන්නැයි උද්ඝෝෂණයක් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (26) කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී පැවැත්විණි. 26 January 2021
නිකරවැරටියේ කුඹුරු අක්කර 5000 ක් කීඩෑ-දිලීර රෝගයන්ට ගොදුරුවෙලා නිකවැරටිය රිඳීබැඳි ඇළ ව්‍යාපාර යටතේ මෙවර වගා කර ඇති පීදුන කුඹුරු අක්කර 5000 ක් පමණ කීඩෑ උවදුරට සහ දිලීර රෝගයකට ලක්ව ඇති බව ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානය අද (26) පැවසීය. 26 January 2021
කලාකීර්ති එඩ්වින් ආරියදාස අවසන් ගමන් යයි කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ බොරැල්ල කනත්තේදී අද (25) පස්වරුවේ සිදුකෙරිණ. 25 January 2021
රංජන්ට ජනපති සමාව ඉල්ලා ගාලුමුවදොරදී උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමයක මහතාට ජනාධිපති සාමාව ලබාදෙන ලෙසත්, ඒ මහතාට දී ඇති දඬුවම ලිහිල් කරන ලෙසත් ඉල්ලා සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරීහු පිරිසක් අද(25) කොළඹ ගාලුමුවදොර උද්ඝෝෂණ පැවැත්වීමට ඇති ස්ථානයේදී නිහඬ උද්ඝෝෂණයක යෙදුණහ. 25 January 2021
කොරෝනා එන්නත දීමේ පෙරහුරුවක් කොරෝනාවෙන් ආරක්ෂා වීම සඳහා ඉදිරියේදී ලබාදීමට නියමිත ඔක්ස්ෆර්ඩ් සෙනාකා එන්නත දීම සම්බන්ධයෙන් පෙරහුරුවක් අද (23) පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මීට සමගාමීව පිළියන්දල දිසා රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ දී ද මෙම වැඩසටහන පැවැත්වුණි. 23 January 2021
කන්දන්කුලම් වැව රැකගන්න බැම්ම කපයි ජලය කාන්දුවීම හේතුවෙන් කැඩීයාමේ අවදානමක් මතුව තිබෙන කිලිනොච්චිය, කන්දන්කුලම් වැව ආරක්ෂා කිරීම සඳහා අද (22) එහි වැව් බැම්ම කපා ජලය ඉවත් කිරීමට පියවර ගත් බව කිලිනොච්චිය වාරි ඉංජිනේරු කාර්යාලය පැවසීය. 22 January 2021
කොළඹ වරායේ පිවිසුම් දොරටුව අසළ උද්ඝෝෂණයක් කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියානු ‘අදානි’ සමාගමට බදුදීමට රජය ගෙන ඇති තීරණය වහාම අකුලා ගන්න යැයි පවසමින් වරාය වෘත්තීය සමිති එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට අද (22) පැවැත්විණි. 22 January 2021
සරසවි වරම් අහිමි සිසුහු තංගල්ලේදී විරෝධතාවක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ 2019 වර්ෂයේදී පැරණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමෙහි අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් අද(22) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි. 22 January 2021
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු.1000ක් කරන්නැයි විරෝධතාවක් වතු කම්කරු මධ්‍යස්ථානය හා ලංකා වැවිලි සේවා සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (21) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. 21 January 2021
එජාප නව නිලධාරී මණ්ඩලය වැඩ බාරගනී එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද (24) පෙරවරුවේ වැඩබාරගත්තේය. 21 January 2021
ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු පහළ දමන්නැයි උද්ඝෝෂණයක් ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පාසල්වලට බදවා ගැනීමේ කඩයිම් ලකුණු පහත දමන ලෙස රජයට බලකරමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යපාරය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද( 21) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි. 21 January 2021
නිල්ගල ඔසු උයන පුරා ගුරුළුරාජ පිපෙයි බිබිල නිල්ගල ඖෂධීය වනය මැද විශාල ගස් ආධාරකරගනිමින් මේ දිනවල ගුරුළුරාජ පැළෑටිය සරුවට වැඩී එහි දම් පැහැති මල් පිපී තිබේ. 21 January 2021
වනාතවිල්ලුව කඩොලාන ප්‍රතිස්ථාපනයට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් එයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාතවිල්ලුව තිරික්කපල්ලම පුබුදුගම කඩොලාන ප්‍රතිස්ථාපන භූමිය නිරීක්ෂණය කිරීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සහාරා හුල්ටන් මහත්මිය අද(20) පැමිණියාය. 20 January 2021
මැදපෙරදිග ශ්‍රමිකයින් ගෙන්වා ගන්නැයි ඉල්ලති ලෝකයේ විවිධ රටවල මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ රටවල සේවයේ නියුතුව සිට මේ වනවිට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටින සහ අනෙකුත් ගැටළු වලට මැදිවී සිටින ශ්‍රමිකයන් වහාම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස රජයට බලකර සිටීමේ නිහඬ උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී අද (19) පැවැත්විණ. 19 January 2021
යුක්රේන ජාතික සංචාරකයෝ 45 ක් සීගිරියට ශ්‍රීලංකාවට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (18) දින දහවල් සීගිරිය නැරඹීම සඳහා පැමිණ සිටියහ. 18 January 2021
බණ්ඩාරනායක කෞතුකාගාරය වල්බිහිවෙමින් අනුරාධපුර පුජා භුමියට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ සිංහ කණුව සමීපයේ ඉදිකර ඇති දිවංගත බණ්ඩාරනායක අගමැතිවරයා වෙනුවෙන් ඉදිකරන ලද බණ්ඩාරනායක කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානය වසර ගණනාවක් තිස්සේ වල්බිහිවෙමින් පවති. 17 January 2021
මුතුරාජවෙල ගොඩකිරීමට එරෙහිව ජාඇළ දී විරෝධතාවක් ගොල්ෆ් ක්‍රීඩාංගණයක් හා තවත් ඉදිකිරීම් සඳහා මුතුරාජවෙල තෙත් බිම් අභය භූමියේ අක්කර 700ක් ගොඩ කිරීමට එරෙහිව සුරකිමු මුතුරාජවෙල සංවිධානය විසින් ජා-ඇල නගරයේ දී උද්ඝෝෂණයක් අද(14) පවත්වනූ ලැබීය. 14 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026