16 වැනි සුනාමි අනුස්මරණයෙන්... සුනාමි ව්‍යවසනය සිදුවී වසර 16ක් පිරීම නිමිති කරගෙන මියගිය සියලු දෙනා උදෙසා විවිධ ප්‍රදේශවල ආගමික වතාවත් සහ පුණ්‍යානුමෝදනා කටයුතු රැසක් සංවිධාන කර තිබුණි. 26 December 2020
රට පුරා බැතිමත්හු උතුම් නත්තල සමරති ජේසුතුමන්ගේ උපත සමරන නත්තල් දිනය අද(25)ට යෙදී තිබේ. 25 December 2020
නත්තල් දා දේව මෙහෙය සෙබෙස්තියන් දෙව්මැදුරේදී නත්තල්දා රාත්‍රී දේව මෙහෙය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කදාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී ඊයේ(24) මධ්‍යම රාත්‍රියේ දී පැවැත්විණි. 25 December 2020
දුරකථන සංඥා සොයා මහරෑටත් වෑමැඬිල්ල ගල්තලාවට යන්න වෙලා නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන පහක පාසල් දරුවන් 2,000 කට ආසන්න පිරිසකට අන්තර් ජාල පහසුකම් සපයා ගැනීමට දුරකතන සංඥා නොමැතිවීමෙන් ඔන්ලයින් ක්‍රමය යටතේ අධ්‍යාපනය හැදෑරිමේ හැකියාවන් අහිමි වී දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි කියති. 24 December 2020
කලාවැවේ වාන් දොරටු අඩි 6 දක්වා විවෘත කරයි කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අද( 23) පස්වරු 04.30 සිට අඩි 06 දක්වා විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ. 23 December 2020
දුරකතන සංඥා සොයමින් දුර කතර ගෙවා කඳු තරණයේ අන්තර්ජාලය හරහා ඉගෙනුම් කටයුතු සිදු කිරිමට කන්දක් නැග දුරකතන සංඥා සොයා යන පාසල් දුදරුවන් සිටින ගමක් පිළිබඳව බලන්ගොඩ මොළමුරේ ප්‍රදේශයෙන් වාර්තා වේ. 23 December 2020
කොරෝන මරණ බලහත්කාරයෙන් ආදාහනයට විරෝධය කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ බලහත්කාරයෙන් ආදාහනයට එරෙහි සාමකාමී විරෝධතාවය අද (23) බොරැල්ල සුසාන භූමිය ඉදිපිටදී පැවැත්විය 23 December 2020
ගම් වැදුණ අලි වගා බිම් වනසති මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය අතරතුරේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසකට දිවා රාත්‍රී දෙකෙහිම වන අලින් ගම්වැදීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. 23 December 2020
සෞඛ්‍යාරක්ෂිතව ඩෝල්පින්ලා බලන්න කල්පිටි එන්න සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දෙස් විදෙස් සංචාරකයින් සදහා කල්පිටියේ ඩොල්පින් මසුන් නැරඹුම් ඇරඹී ඇති බව ,කල්පිටිය පරිසර හිතකාමී සංචාරක පදනමේ සභාපති මඩු රාජ් ප්‍රනාන්දු පැවසීය.දෙසැම්බර් අග භාගයෙන් ඇරඹෙන ඩොල්පින් නැරඹුම් සමය අප්‍රේල් අග භාගය හෝ මැයි මුල් භාගය තෙක් දිව යයි. 22 December 2020
රාජ්‍ය නත්තල් උත්සවය කුරුණෑගලදී රාජ්‍ය නත්තල් උත්සවය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මල්කඩුවාව ෆාතිමා දේවස්ථානයේදී අද (19) පැවැත්වුනි . 19 December 2020
මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉල්ලා උද්ඝෝෂණයක් කොරෝන වයිරසය හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා ගැනීම සඳහා අද (16) තව්හීද් ජමාත් සංවිධානය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් ගාලුමෝදර උද්ඝෝෂණ සදහා වෙන් වූ ස්ථනය දී පැවැත්විණි. 16 December 2020
මොරගස්වැව පෞරාණික ගල් තලාව නිධන්හොරුන්ගේ ග්‍රහණයට ඓතිහාසික සිගිරිය අසන්නයේ පිහිටි මොරගස්වැව වනාන්තර රක්ෂිතයේ පිහිටි දෙහිඅත්තාව වැව ඉස්මත්තේ ඇති පෞරාණික ගල් තලාව සහ පොකුණ නිධන් සොරුන් විනාශ කර ඇත. 16 December 2020
විරෝධතාවක් කොළඹ ලිප්ටන් වටරවුමේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණක් හා පා ගමනක් අද (15 ) කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවැත් විය. 15 December 2020
සිරුරු ආදාහනය නොකරන්නැයි උද්ඝෝෂණයක් කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුර ආදාහනය නොකර මිහිදන් කරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතිකයෙක් අද( 14 )පෙරවරුවේ සිට මාලිගාවත්ත දුම්රිය නිවාස සංකීර්ණයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවයක නිරත වෙමින් සිටී. 14 December 2020
කුරුල්ලෝ තබ්බෝව ජලාශය හැඩ කරති ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොවි ජනපදය වූ තබ්බෝව ගොවි ජනපදයේ ගොවි බිම් සරු කරන තබ්බෝව ජලාශය මේ දිනවල ජලයෙන් පිරී ඇති අයුරු පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමන් කරන අයට දැක ගත හැක. 13 December 2020
සෝම හිමි ගුණ සමරුවට ඔසු උයනක් දැයක් අවදි කල ගංගොඩවිල සෝම හිමි 17 වන ගුණ සමරුව වෙනුවෙන්, කොටවෙහෙර ’’ සදහම් සෙවන ’’ විහාර බිම ආශ්‍රිතව ඛෙහෙත් නෙල්ලි ඔසු උයනක් ආරම්භ කිරීම විහාරාධිපති මහමිතව පඤ්ඤාරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) දහවල් සිදු කෙරිණි. 12 December 2020
වැස්සාම යටවෙන පාලවිය සිංහල මහා විද්‍යාලය මහ වැසිත් සමග ගලා එන ජල කද පාසල් භුමියෙන් පිටතට යාමට නිසි ක්‍රම වේදයන් නොමැති කමින් පුත්තලම පාලවිය සිංහල මහා 11 December 2020
කොරෝනා අර්බුදය මැද්දේ මන්ත්‍රීවරු ස්නූකර් ගසති පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අතර සුහද ස්නුකර් තරගාවලියක් අද (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය. 10 December 2020
මැතිවරණ කොමිසමේ නව සභාපති වැඩ බාරගනී මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ලෙස නිමල් ජි.පුංචිහේවා මහතා අද(10) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. 10 December 2020
පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද ට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සිරකරුවන් ඇතුළු සියලු ජනතාවගේ ජීවත්වීමේ මානව අයිතිය සුරකිනු යන තේමාව යටතේ ප්රගතිශීලීස්ත්රී සාමුහිකයන් සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද 10 පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත් විය. 10 December 2020
නාවික හමුදාවේ දැවැන්තයෝ ගාලුමුවදොරට එති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අද(09) ට යෙදී තිබේ. 09 December 2020
දෙමටපැලැස්ස රක්ෂිතයේ වළකට වැටුණු අලි පැටවා උඩවලට ඇත්අතුරු සෙවණට කොස්ලන්ද මහලන්ද දෙමට පැලස්ස වන රක්ෂිතයේ කුඩා වළකට වැටී අතරමං වී සිටි සතියක් පමණ වයස අලි පැටවෙකු ඉන් ගොඩට ගෙන වනජීවි නිලධාරීන්ගේ මාර්ගයෙන් උඩවලව ඇත්අතුරු සෙවනට බාරදුන් බව කොස්ලන්ද පොලිසිය පවසයි. 09 December 2020
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ විරෝධයක ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (07) නිහඩ විරෝධතාවයක නිරත වූහ. 07 December 2020
පෑලියගොඩ නව මැනිං වෙළෙද සංකීර්ණයේ වෙළදුන්ගේ විරෝධතාවක් පෑලියගොඩ නව මැනිං වෙළෙද සංකීර්ණයේ කඩ කාමර බෙදා වෙන්කර දීමේදී වෙළදුන්ට අසාධාරණයක් වී ඇතැයි පවසමින් එහි වෙළඳාම් කළ පිරිසක් , ගාලූමුවදොර ජනාධිපති කාර්යාලය ආසන්නයේ විරෝධතා පැවැත්වීම සඳහා වෙන්කර ඇති ස්ථානයේදී අද(07) විරෝධතාවක නිරත වූහ. 07 December 2020
පැල ලක්ෂයක් සිටුවයි පැල ලක්ෂයක් සිටවමින් නිකවැරටිය නගරය හරිත නගරයක්.කිරීමේ මහා සංග්‍රාමය අද (05) කොටවෙහෙරදී ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි . 05 December 2020
මද්දට හසු වූ දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී අරණායක, කලුගල කලෑ ප්‍රදේශයකදී මද්දකට හසුව සිටියදි බේරා ගනු ලැබු දිවියාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවත සුදුසු කැළෑවකට මුදා හැරීමට පියවර ගත්බව වනජීවී නිලධාරීහු පවසති. 04 December 2020
’බුරවී’ ගේ බලපෑමෙන් පුත්තලම කළපුවේ ජලය ගොඩබිමට බුරවී සුළි කුණාටුවේ බලපෑමෙන් පුත්තලම නගරයේ සිට මුල්ලිපුරම් දක්වා, කලපු මාර්ග ආසන්නයට පුත්තලම කලපුව ගොඩබිමට ගලා විත් තිබේ. 03 December 2020
බූරවී සුළි කුණාටුව විනාශය අරඹයි බූරවී සුලි කුණාටු තත්වය හේතුවෙන් උතුරු පලාතේ ප්‍රදේශ කිහිපයකට බලපෑම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට හා නිවාස කිහිපයකට අද (02) සවස හානි සිදුව ඇති අතර පුද්ගල අතුරුදන්වීමක්ද වාර්තා වී ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය කියා සිටියි. 02 December 2020
සුළඟෙන් - වැස්සෙන් කිලිනොච්චියේ නිවාස රැසකට හානි ‘බුරවි‘ සුළි කුණාටුවේ බලපෑමත් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික්කට ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් ගස්කඩා වැටීමෙන් සමඟ නිවාස රැසකට හානි සිදුව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 02 December 2020
පාර්ලිමේන්තු වටරවුමේ ගුරු උද්ඝෝෂණයක් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාලව මෙවර අයවැයෙන් කටයුතු කරන බවට රජය විසින් දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී එහෙත් මෙවර අයවැයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්රතිපාදනයක් වෙන් නොකිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (01 ) බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට පැවැත්විණි. 01 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026