හින්දු ජනයා තෛපොංගල් සමරති හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් දින උත්සවය අද(14) ට යෙදී ඇත. නව වසරක උදාව තෛපොංගල් වශයෙන් හැඳින්වේ. 14 January 2021
භාෂණයේ නිදහස උදෙසා විපක්ෂයේ විරෝධතාවයක් සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පොදු එකමුතුව සංවිධානය කළ “භාෂණයේ නිදහස සුරකිමු” නිදහස උදෙසා විරෝධතාවය කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී අද(13) පස්වරුවේ පැවැත්විණි. 13 January 2021
නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ගනී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් වෘත්තිය සමිති එකමුතුව විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද ( 13) සිදු කෙරිණි. 13 January 2021
නිදහස් අධ්‍යාපන සිසු ජන ව්‍යාපාරයේ සිසුන් උද්ඝෝෂණයක 2019 කඩයිම් ලකුණු ගැටලූවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලයට වහා බඳවා ගන්නා ලෙස රජයට බලකරමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (12) අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 12 January 2021
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජ.වි.පෙ විරෝධයක කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(12) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 12 January 2021
රංජන්ට වසර 4ක සිරදඬුවම් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය. 12 January 2021
සෝමාවතිය පුදබිමේ පිවිසුම් මාර්ගය ජලයෙන් යටවෙයි නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව සෝමාවතීය ප්‍රධාන මාර්ගයේ සුංගාවිල පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබිම දක්වා ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීමෙන් එහි රථ වාහන ගමනාගමනය අද (11) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 11 January 2021
උතුරේ හර්තාල් යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා අද (11) උතුරු පළාත පුරා හර් තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුණි. 11 January 2021
කලාවැවේ වාන් දොරටු ඇරේ කලාවැව හදිසි වාන් දොරටු දෙක අද (10) සවස අඩි 3 බැගින් විවෘත කළ බව කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි. 10 January 2021
වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා කදුරට කම්කරුවෝ වීදි බසිති වතුකම්කරුවන් සඳහා රුපියල් 1000 වැටුප් වැඩිකරන්නැයි ඉල්ලමින් අද(10) නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කඳුරට ජනතා පෙරමුණ සහ කඳුරට කම්කරු පෙරමුණ ඒකාබද්ධව උද්ඝෝෂණයක නිරත වුහ. 10 January 2021
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කරයි පොලොන්නරුවට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රය මේවන විට වැසි ජලයෙන් පිරි පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සදහා අද (10) වාන් දොරටු 10 ම අඩි එක බැගින් විවෘත කළ බව පොලොන්නරුව කලාප භාර වාරි අධක්ෂක එස් කේ හේවාගම මහතා පැවසීය. 10 January 2021
පරාක්‍රම සමුද්‍රය - තබ්බෝව වාන් දොරටු අරී නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරී පවතින හෙයින් එහි වාන් දොරටු 10න් වාන් දොරටු 04ක් අඩි 01 බැගින් විවෘත කල බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 09 January 2021
හැටන් පාසල් විෂබීජහරණයට පළමු පාසල් වාරය 11 වැනිදා ආරම්භ කිරීම සඳහා හැටන් ප්‍රදේශයේ සියළුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විෂබීජ හරණයට ලක් කිරීම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් අද (09) ආරම්භ කරනු ලැබීය. 09 January 2021
ලසන්ත වික්‍රමතුංග 12වැනි ගුණ සමරුව අද සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ, අභාවප්‍රාප්ත ලසන්ත වික්‍රමතුංග මහතාගේ 12 වන ගුණසමරුව අද (08) හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානතත්වයෙන් බොරැල්ල කනත්තේ දී පැවැත්විණි. 08 January 2021
පිදුරංගලට ආ අලි-ඇත්තු විහාරස්ථානයට හානි කර ගිහින් සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථානයට ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇතෙකු හා අලියෙකු පැමිණ එහි බෝධි ප්රාකාරයට, බෝධීන් වහන්සේට, විහාරස්ථානයේ ඇති මල්ගස් රැසකට අලාභ හානි කර ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති. 08 January 2021
විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්නැයි මන්ත්‍රීවරු පාරට බසිති කොරෝනා වසංගත තත්වය නිසා අසරණ වූ, විදේශීය රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් වහාම ලංකාවට ගෙන්වන්නයි රජයට බලකරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අද (07) බත්තරමුල්ල විදේශ සේවා නියුක්ත කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. 07 January 2021
ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සෙනට් සභා ගොඩනැගිල්ලට කඩාවදිති ඇමෙරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර සෙනට් සභාව පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් කඩාවැදී එහි සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු මිය ගොස් ඇත. 07 January 2021
කණ්ඩලම වාන්දිය මතින් හිතුමතේ රිය පදවති කන්ඩලම ජලාශය ඊයේ(5) පස්වරුවේ සිට වාන් ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති. ඉහළ ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ විශාල වශයෙන් ජලය අඩු වී තිබුණු කන්ඩලම ජලාශය පිරී මේ වන විට වාන් දැමීම ආරම්භවීම නිසා දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට යම් බාධාවක් එල්ල වී ඇතැයි මහවැලි නිලධාරීහු වැඩිදුරටත් පවසති. 06 January 2021
සරසවියේ පාලනාධිකාරයට එරෙහිව තාක්ෂණික නිලධාරියෙක් මාරාන්තික උපවාසයක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ, මහනුවර වැලිගල්ලේ පදිංචි සංජීව රවීන්ද්‍ර රාජපක්ෂ නමැත්තා, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයේ සිට මාරාන්තික උපවාසයක් අද (04) ආරම්භ කළේය. 04 January 2021
කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වැඩබාර ගනී කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් පත්වූ අනුෂ පැල්පිට මහතා අද මහා සංගරත්නයෙ ආශිර්වාද මැද අද (04) කර්මාන්ත අමාත්‍යාංශය දී වැඩ භාර ගත්තේය. 04 January 2021
කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර නොදෙන්නැයි විරෝධයක් කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් මියයන රෝගීන්ගේ මළසිරුරු භූමිදානය කිරීමට කිසිසේත් අවසර නොදෙන්න යැයි රජයට බලකරමින් ‘සිංහල සංවිධාන එකමුතුව’ විසින් සංවිදානය කළ විරෝධතාවක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද (04) පැවැතිවිණි. 04 January 2021
ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සභාපති ධූරය ප්‍රදීප් ද සිල්වාට ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස පත්වූ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා එම ධුරයේ පිහිටුවීමේ උත්සවය අද (03) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් කොලඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 03 January 2021
කල්පිටියෙන් ’’අලි මඩුවෙක්’’ කල්පිටිය කුඩාව මුහුදේ කිලෝ ග්රැම් 1000 කට ආසන්න බරින් යුතු,’’අලි මඩුවෙකු’’ අද (2 ) සවස ධීවර දැළකට හසු වූ බැව් කුඩාව සෙමුතු ධීවර සමිතියේ සභාපති සුගත් එම්මානුවෙල් මහතා පවසයි. 02 January 2021
තෙරුවන් නැමඳ නව වසර අරඹති නව වසර උදාවීමත් සමග ජනතාව ආශිර්වාදය ලබා ගැනීමට ආගමික ස්ථාන වෙත පැමිණෙන අයුරු දැක ගන්නට ලැබිණි. 01 January 2021
ජපුර ඉන්ජිනේරු පීඨයේ නව ගොඩනැල්ලේ ඉදිකිරීම් අරඹයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට යෝජිත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අද(31) පෙරවරුවේ මත්තෙගොඩදී ආරම්භ කෙරිණි. 31 December 2020
සධාතුක කරඩුව - සමන්දේව ප්‍රතිමාව - දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවට වැඩම කෙරේ ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකුලව හෙට(29) දින උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීම සදහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පලාත ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ. 28 December 2020
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ සියලු මරණ ආදාහනය කරන ලෙස රජයට බලකරමින් හික්ෂුන් වහන්සේලා පිරිසක් අද 28 කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය. 28 December 2020
ශ්‍රී පාද පෙරහැර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල විහාරස්ථානයෙන් ගමන් අරඹයි මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජ මහා විහාරයේ තැන්පත් කර තිබුණ සාධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව මාර්ග හතරක් ඔස්සේ පෙරහැර හතරකින් නල්ලතන්නිය දක්වා වැඩම කරවීම අද (28) අලුයම ආරම්භ කෙරිණි. 28 December 2020
කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන්නැයි උද්ඝෝෂණයක් කෝවිඩ් ආසාදිත තත්ත්වයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය සිදු නොකර භූමදානය ට අවසර දෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවක් අද (27) ගාල්ල දෙවට කටුගොඩදී පැවැත්විණි. 27 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026