
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය කුඩාව මුහුදේ කිලෝ ග්‍රැම් 1000 කට ආසන්න බරින් යුතු,"අලි මඩුවෙකු" අද (2 ) සවස ධීවර දැළකට හසු වූ බැව් කුඩාව සෙමුතු ධීවර සමිතියේ සභාපති සුගත් එම්මානුවෙල් මහතා පවසයි.
මෙම මඩුවා විශාල කඹයක ආධාරයෙන් ගැට ගසා ගෙන ගොඩ බිමට ඇදගෙන ආ බැව් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ය.
නව වසර වෙනුවෙන් දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් වශයෙන් සලකා මෙම මත්ස්‍යා ,තොටුපළේ ධීවර ප්‍රජාව බෙදා ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් "? මොන පව්කාර අදහස්ද මේවා? මේ අහිංසක සතාගේ ජීවිතේ නැති කරපු මේ අයට දෙවියන් බලයිද?
ක්‍රියාවෙන් එකල්හි ලබන සුළු ලාභයක් විය හැක. එය ත්‍යාගයක් යැයි ගැනුම නොවටී. කිමදයත් පර පණ නැසීමෙහි මතු විපාකය දරුණු වන බැවිනි.
මිනිස්සුන්ට පිස්සු ... තව ඔහොම යමුකෝ...
අනේ කරුණාව දක්වලා මේ සතා මුදා හැරියා නම් කොච්චර හොඳද?
මිථ්‍යාව ..., ධම්මික පැණිය වගේම තමයි.
මෙම මුහුදු සත්වයා පිළිබඳව අඩු වශයෙන් වාර්තාමය වැඩසටහනක් කිසිවෙකුට නැරඹීමට හැකි නම් මෙම ජීවියා පිළිබඳව ඇති වන්නේ මහත් වූ සංවේගයකි.
දෙවියන් විසින් තවත් සතෙකු බිල්ලට දෙනවද?...
මාරයි දෙයියෝ...
ලෝකෙට සම්පතක් අහිමි කළා.., අපේ බඩ පුරවා ගත්තා. හෙට උදේම වැල්ලට ගියාම අපේ වැඩවල ප්‍රතිඵල තැන තැන තැම්පත් කරලා තියෙනවා දකින්න පුළුවනි.
රුධිරය තැවරුණු, අපාගාමී තෑග්ග නම් දෙවියන්ගෙන් වෙන්න බැහැ. ලේ, පුළුටු වලට ඇලුම් කරන යක්ෂයෙකුගෙන් ලැබුණු තෑග්ගක් කියලා නම් හිතාගත හැකියි.
තෑගි පෙනෙයි ඉස්සරහට..