IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 ක් සීගිරියට


 
(කාංචන කුමාර ආරියදාස)
 
ශ්‍රීලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (18) දින දහවල් සීගිරිය නැරඹීම සඳහා පැමිණ සිටියහ.


උදයංග වීරතුංග මහතා ඇතුළු  මෙම කණ්ඩායම සීගිරියට පැමිණ තිබුණු අතර මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් මෙම යුක්රේන් ජාතික සංචාරකයෝ මහත් හරසරින් පිළිගෙන ගනු ලැබූහ.

බස් වලින් කීපයකින් සීගිරියට  පැමිණි විදේශීය සංචාරකයන් හට පොලිසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව ද සපයා තිබිණි.
සංචාරක පිරිස සඳහා ආරක්ෂාව සැපයීමට පැමිණ සිටි පොලිසිය යුද හමුදාව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායම ද ආරක්ෂිත ඇඳුම් වලින් සැරසී  පිරිසට පහසුකම් සැපයීම සඳහා ක්‍රියා කරනු ලැබූහ.


සීගිරියට පැමිණි යුක්‍රේන සංචාරක කණ්ඩායම මුලින්ම ‍මධ්‍යම  සංස්කෘතික අරමුදල සීගිරි කෞතුකාගාරය නැරඹීම සඳහා පිටත්ව ගිය අතර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමෙන් පසුව මෙම කණ්ඩායම කණ්ඩායම් දෙකකට බෙදී මගපෙන්වන්නන් දෙදෙනෙකුගේ සහයෝගය ඇතිව සීගිරි ජල උද්‍යානයේ මෙන්ම සීගිරි උද්‍යානයේ ද නැරඹීම සිදු කරන්නට වූහ.
 
 



අදහස් (4)

යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 ක් සීගිරියට

Dilshad Monday, 18 January 2021 08:57 AM

හරිම සන්තෝෂයි...

:       1       4

Prabha Monday, 18 January 2021 06:42 PM

ආරක්ෂාවට පොලීසිය, හමුදාව දාලා 45 දෙනෙක් ගෙන්නලා වියදම් කීයද? ආදායම් කීයද? අපි දන්න යුක්රේන් රටනම් බොහෝම දුප්පත්...

:       0       18

Hafeel Wednesday, 20 January 2021 04:15 AM

එක රට, එක නීතිය කියන ආණ්ඩුවේ ජාත්‍යන්තර රතු වරෙන්තුකාරයෙකුට තියන නිදහස...

:       0       7

sharm warn Wednesday, 20 January 2021 07:05 AM

මට තියෙන ප්‍රශ්නේ... ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් වෙලා අපරධකාරයෙක් හැටියට නම් වෙච්චි කෙනෙක් මහජන මුදල් අවභාවිතය වැනි චෝදනාවලට ලක්වෙච්ච කෙනෙක් මේ තරම් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වගේ වැඩ කරන්නේ කොහොමද? හරක් රංචුවට මේවා තේරෙන්නේ නැහැ. මොකද ඒ අය හරක් නිසා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site