
( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් මියයන රෝගීන්ගේ මළසිරුරු භූමිදානය කිරීමට කිසිසේත් අවසර නොදෙන්න යැයි රජයට බලකරමින් ‘සිංහල සංවිධාන එකමුතුව’ විසින් සංවිදානය කළ විරෝධතාවක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද (04) පැවැතිවිණි.
‘ජනවරමට පිටුපා අන්තවාදයට ඉඩ නොදෙනු - සියලු කොරෝනා මරණ ආදාහනය කරනු’ යන තේමාව යටතේ මෙය පැවැත්වූ අතර ‘නව සිංහල ජාතික ව්‍යාපාරයේ’ අධ්‍යක්‍ෂ සුරේෂ් ප්‍රියසාද් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්රෙදි අයිය මලෝ එක ළඟ ඉන්නේ... අපේ රටට දෙවි පිහිටයි.
භූමදානය කළාට කමක් නැහැ. සජිත් ප්‍රේමදාසගේ ගෙදර වත්තේ...
දැන් ඉතින් වැඩේ කෙරෙයිද?
මේ කොහේ යන රැලක්ද? අනුන්ව පුච්චලා තමන් පමණක් ඉහලින් වැජඹෙන්න දඟලන නුඹලාට අන්න දැන් යුක්රේන ජාතිකයින් තෑගි ගෙදරටම ගෙනත් තියනවා. යමු ගිහින් ඒ සුද්දන්ව උම්මා දීලා පිලි අරගෙන කොරෝනා තෑග්ග ඔලුව උඩ තියාගෙන සනීපෙට ආදාහනය වෙයල්ලා!!!
සූ ගාලා 10ක් විතර ජන ගඟක්.. ඒ මදිවට අධ්‍යක්ෂකයෙකුත්.. මේ අයට පිස්සු නැත්නම් ෂෝක්.
නියමයි, තවතවත් මෙවැනි විරෝධතා පෙළපාලි කරන්න. හේතුව එතකොට මේ රටේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ටත් දෙමළ මිනිස්සුන්ට සරණාගත වීසා හම්බවුනා වගේ දියුණු රටවල හම්බවෙයි. මේ රටේ බහුතර සිංහල ජනතාව තම රටට ආදරෙයි නම් මේ රට තුළ මෙවැනි විරෝධතා අතරින්පතර කර මේ රටින් පිට රටට සංක්‍රමණය (බුද්ධි ගලනයකට) හේතු නොවී සිටින්න.
මේවා ජාතිවාදී, ආගම්වාදී ආණ්ඩුවට කඩේ යන තුච්ච වැඩ...
චීවරයේ ගරුත්වය රකින්න ... අනේ බුදු හාමුදුරුවන් වහන්සේ හිටියා නම්...
සිංහල සංවිධාන එකමුතුව, 6යි හාමුදුරුවෝ එක්ක 7යි. පොලිස් නිලධාරියා එක්ක 8යි. ලැජ්ජයි ඔබලාත් මැරෙන බව හිතන්න.
අපි සිංහලද, නව සිංහලද?
ඔය ඉන්නෙත් අන්තවාදීන් තමයි. හිතන් ඉන්නේ ජාත්‍යන්තරවාදීන් කියලද?
මේ අයව අත්අඩංගුවට ගන්න ඕනෑ.. විකෘති කරපු ජාතික කොඩියක් උස්සන් හිටියට, මෙන්න නියම දේශප්‍රේමියෝ, විලි ලැජ්ජයි.
මේ කොඩිය අයිති රට මොකක්ද? නොදන්න නිසයි අහන්නේ...?