පූජ්‍ය පක්ෂයට කොවිඩ් එන්නත දීම අස්ගිරියෙන් ඇරඹෙයි අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්රමුඛ එම පාර්ශවයේ භික්ෂූන් වහන්සේ පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම මහනුවර ජාතික රෝහලේදී සිදු කෙරුණි. 21 February 2021
සෝමාවතීයට පිවිසෙන මාර්ගය බිම්ගල් අතුරා සකස් කරයි පොලොන්නරුව ඓතිහාසික සෝමාවතීය පුදබිම වෙත පිවිසෙන අභ්‍යන්තර රවුම් මාර්ගය රුපියල් දස ලක්ෂ 15ක පමණ වියදමින් බිම්ගල් අතුරා සකස්කර වන්දනා මාන සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා විවර කරදීමේ උතුම් පිංකමක් අද (21) සිදුකෙරිණි. 21 February 2021
වි.ජ.මූ. ලොකුබණ්ඩාර ගුණ සැමරුමෙන්... හිටපු දේශීය වෛද්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම කථානායකවරයකු ද වූ දිවංගත වි.ජ.මූ. ලොකුබණ්ඩාර මහතා වෙනුවෙන් පැවති ගුණානුස්මරණ පින්කමක් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේදී අද (20) පැවැත්විණි. 20 February 2021
බොරළු කැපීමේ ජාවාරමක් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලයි දඹුල්ල රන්දෙණිය ප්‍රදේශයේ රජයේ රක්ෂිත යකට මායිම්ව පෞද්ගලික අයකුට අයිති බව කියන මහා කන්දක පවත්වාගෙන යන බොරළු කැපීමේ ක්‍රියාවලිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සිදුව ඇති පරිසර විනාශයට සහ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියෝ ඉල්ලා සිටිති. 19 February 2021
ගුවන් හමුදාවට තවත් ඩ්‍රෝන යානා දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවන් හිදි ගුවනින් නිරීක්ෂණ කිරිමට යොදා ගත හැකි ඩ්‍රෝන යානා 2ක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත නිළ වශයෙන් බාරදිම අද (18) ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ දී සිදුවිය. 18 February 2021
ශිෂ්‍යත්ව විභාගයට සිටි සිසුන්ගේ මව්පියෝ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේ ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පාසල්වලට බදවා ගැනීමේ කඩයිම් ලකුණු පහත දමන ලෙස රජයට බලකරමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද( 17) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි. 17 February 2021
නගර සභා සේවකයන්ට - බන්ධනාගාර නිලධාරීන්ට එන්නත දෙයි සාමාන්‍ය ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ මහනගර සභාවේ සේවකයන්ට අද(16) පෙරවරුවේ කොළඹ කැම්බල් පිටියේදී සහ බන්ධනාගාර නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේදී සෞඛ්‍ය අංශ විසින් එන්නත ලබාදෙන ලදී. 16 February 2021
ඉණවටක් ගිලෙමින් අවසන් ගමන් යයි බදුලු ඔයේ අහස්මංකඩ තොටුපල හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිවීමෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන 11 කණුව ගම්මානයේ දී මියගිය මාතාවකගේ සිරුර අද (15) පස්වරුවේ ගම්වැසියෝ බදුලු ඔයේ කරවටක් ගිලෙමින් ඔයෙන් ඒගොඩ පිහිටි පොදු සුසාන භූමිය වෙත රැගෙන යන අයුරු දක්නට ලැබේ. 15 February 2021
කොරෝනා එන්නත ජනතාවට ලබාදීම බස්නාහිරින් අරඹයි කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට ලබාදීම අද(15) ආරම්භ කෙරිණි. 15 February 2021
සංවර්ධන නිලධාරිනියෝත් ප්‍රසූත නිවාඩු ඉල්ලති සංවර්ධන නිලධාරින් ලෙස රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ සේවය කඩිනමින් ස්ථීර කරන්නැයිද, රජයේ සේවිකාවන් සඳහා අනුමත ප්‍රසූත නිවාඩුව සංවර්ධන නිලධාරිනියන්ටත් ලබා දෙන්නයි ද ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ විරෝධතා පාගමනක් කොළඹ දී අද (15) පැවැත්විණි. 15 February 2021
තවත් කඳුකර කොටියෙක් මන්දකට හසුවෙයි කඳුකර කොටියකු අද (15) මන්දකට හසු වී ඇති බවත්, කොටියා මන්දෙන් මුදා බේරා ගැනීමට කටයුතු කරන ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දුන් බවත් බගවන්තලාව පොලිසිය පවසයි. 15 February 2021
ජයලාල් රෝහන දැයෙන් සමුගනී ප්‍රවීණ නාට්‍යවේදි ආචාර්ය ජයලාල් රෝහන මහතා අද (14) පස්වරුවේ සිය ජීවන රඟ මඩලෙන් බැස ගියේය. 14 February 2021
එජා සාම සාධක රාජකාරියට යන යුද හමුදා සෙබලුන් පුහුණු අභ්‍යාස අරඹයි එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරිය සඳහා යාමට නියමිත යුද හමුදා සෙබලුන් හර් මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස තෙවන වරටත් දින 5 ක් පුරා යාපනයේ සිට මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානය දක්වා ගමන් කිරීමට සංවිධානය කර ඇත. 14 February 2021
අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව විරෝධතාවයක් ශ්‍රී ලංකාවේ පරිසර නීතිය මගින් ආරක්ෂා කරන ලද තලංගම අවරිහේන තෙත්භූමිය හරහා කුළුණු මත අධිවේගී මාර්ගයක් ඉදිකර වනසා දැමීමට ගෙන ඇති පියවරට විරෝධය දැක්වීම සඳහා එම වෙල්යායේ කුඹුරු ගොවිතැනෙහි නියුතු ගොවීහුද, ප්‍රදේශවාසීහුද, පරිසරයට ආදරය කරන විදේශිකයින් පිරිසක්ද එම වැව ආසන්නයේ අද (13) විරෝධතාවයක නිරත වූහ. 13 February 2021
දුර්ලභ කලු රාජාලියෙක් උඩ රට දිය ඇළි ආශ්‍රිතව කිසිවකුටවත් ලංවීමට නොහැකි ගල් කුළු මුදුන් වාසභවන කරගෙන ඉතා රහසේ සැඟවී සිටින දුර්ලභ ගනයේ කලු රාජාලියකු අනතුරකට ලක්ව සිටියදී පිටිගල බොරලුහේන ප්‍රදේශයේ අද (13) සොයාගත් බව හික්කඩුව වන ජීවී කාර්යාලය කියයි. 13 February 2021
නිරෝධායන නීති අනුව හිමිවරු 60 ක් සිරිපා කරුණා කරති නිරෝධායන උපදෙස් වලට අනුකූලව නිසි අවසර පත්‍රයක් ඇතිව පැමිණි අස්ගිරිය මහ විහාර පිරිවෙනෙහි භික්ෂුන් වහන්සේලා 60 නමක් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කළ බව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියෝ පැවසූහ. 12 February 2021
’’රජ වාස’’ වෙළඳ සංකීර්ණ ජනපති අතින් විවෘත කරයි ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අලෙවි ආයතන සියල්ල එකම වහලක් යටතේ ස්ථාපිත කෙරෙන දැවැන්ත අලෙවි ප්‍රවර්ධන වෙළඳ සංකීර්ණය ’’රජ වාස’’ විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) සිදුකෙරිණි. 11 February 2021
රුපියල් 1000ක දෛනික වැටුප ලැබීමේ සතුට සමරති රජය මගින් වතු කම්කරුවන්ට දෛනික මූලික වැටුප රු 900 ක් සහ දීමනා වශයෙන් රු 100 ක් වශයෙනුත් ලබාදීම නිමිත්තෙන් වතු කම්කරුවෝ අද(09) තේ වතුවල ප්‍රජාවන් සමඟ ජය සැමරූහ. 09 February 2021
උසස්පෙළ කඩයිම් ලකුණු ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක් වර්ෂ 2019දී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉදිරිපත් කිරීමේදී උසස්පෙළ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් මතු වූ ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය අද(08) අගමැති ලේකම් කාර්යාලය අසළ දී විරෝධතාවක යෙදුණහ. 08 February 2021
කොරෝනාවෙන් රට බේරාගන්න දිවුලපිටියේ ගම්මඩුවක් කොරෝනා වසංගතයෙන් ගමත් රටත් බේරා දෙන ලෙසට ඉල්ලමින් දේව කන්නලව්වක් පවත්වා සෙත් පැතීමේ ගම්මඩු ශාන්ති කර්මයක් ඊයේ රැය පහන්වනතුරු දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි. 07 February 2021
දිය - ගොඩ දෙකම එක නාවිකයෝ ජාතික නිදහස් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිය ගොඩ තරණ කිරීමේ සමත්කම් ප්‍රදර්ශනය කිරීමේ විශේෂ මෙහෙයුමක් කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේදී අද (04) සවස පැවැත්විණි. 04 February 2021
එජාප නිදහස් උත්සවය සිරිකොතදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 73 වන නිදහස් දින උත්සවය පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී අද(04) පැවැත්විණි. 04 February 2021
හසලක ගාමිණී විරුවාගේ පිළිරුවට පුෂ්පෝපහාර රට වෙනුවෙන් දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න විරුවාගේ පිළිරුවට අද (04) හසලක නගරයේදී මිණිපේ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීහු පුෂ්පෝපහාර දැක්වූහ. 04 February 2021
සඳ-හිරු සෑයේ හතරැස් කොටුව ඉදිවෙමින් තිස්වසරක යුද්ධය නිමාකර මානුෂීය මෙහෙයුමින් රට නිදහස් කිරීම සංකේතවත් කරමින් අනුරාධපුරය පුදබිමේ ඉදිකෙරෙන සඳහිරු සෑය අද (04) වනවිට සලපතල මළුවේ සිට අඩි 122ක් උස ප්‍රමාණයක් ඉක්මවන පරිදි නිමවා තිබේ. 04 February 2021
73 වැනි නිදහස් සැමරුම ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සැමරුම් දිනය අද( 04) කොළඹ නිදහස් චතුරඝ්රයේදී පැවැත්විණි. 04 February 2021
සිසුජන ව්‍යාපාරය උද්ඝෝෂණයක නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය මගින් අද (3) පස්වරුවේ කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝසණයක නිරතවූහ. 03 February 2021
ආනවිලුන්දාවේ කඩොලාන පැළ සිටුවයි ලෝක තෙත්බිම් දිනය ආනවිලුන්දාව රැම්සා අභය භූමිය තුළ වනජීවි රාජ්‍ය ඇමැති විමලවිර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) පැවැත්විණි. 02 February 2021
සෙල්ලන්කන්දේ දඩබ්බරයා හොරොව්පොතානට පුත්තලම සෙල්ලන්කන්ද රක්ෂීතයේ සැරිසරමින් ගම්මාන වලට කඩා වැදි නිවාස වලට හානි කරමින් සැරිසැරු ගැමියන් තනි ඈහේ දඩබ්බරයා නමින් හැදින්වු වන අලියා වනජීවි නිළධාරින් විසින් අල්ලා හොරොව්පොතාන වන අලි සංරක්ෂණ ඒකකයට රැගෙන යන ලදී. 02 February 2021
වරාය බදුදීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා සත්‍යග්‍රහයක ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය ඉන්දියානු පුද්ගලික සමාගමකට බදුදීමට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කළ විරෝධතා සත්‍යග්‍රහයක් කොළඹ පිටකොටුව බෝධිරාජ විහාරස්ථානය ඉදිරිපිටදී අද (01) පැවැත්විණි. 01 February 2021
සමාජවාදී ජනතා පෙරමුණ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් ‘වරාය විකිණීම නතර කරනු’ යන මැයෙන් බැනර් ප්‍රදර්ශනය කරමින් සමාජවාදී ජනතා පෙරමුණ අද (1) දින කොළඹ ලිප්ටන් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි. 01 February 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026