
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ශ්‍රී ලංකාවේ පරිසර නීතිය මගින් ආරක්ෂා කරන ලද තලංගම අවරිහේන තෙත්භූමිය හරහා කුළුණු මත අධිවේගී මාර්ගයක් ඉදිකර වනසා දැමීමට ගෙන ඇති පියවරට විරෝධය දැක්වීම සඳහා එම වෙල්යායේ කුඹුරු ගොවිතැනෙහි නියුතු ගොවීහුද, ප්‍රදේශවාසීහුද, පරිසරයට ආදරය කරන විදේශිකයින් පිරිසක්ද එම වැව ආසන්නයේ අද (13) විරෝධතාවයක නිරත වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටගෙන ඉන්න නෝනා මහත්තයාලා ටිකෙන්ම පේනවා...
මිනිස්සුන්ට රට ඇමරිකාව වගේ දියුණු කරන්නත් ඕනෑ කියකියා කෑගහනවා.. එක පැත්තකින් අනෙක් පැත්තෙන් එ්කට විරුද්ධත් වෙනවා. එතකොට කවුරු ආණ්ඩු කළත් රට සංවර්ධනය කරන්න විදියක් නැහැනේ, ගස් නොකපා හයිවේ හදන්න පුලුවන්ද? පුලුවන් නමුත් එයින් පසුකාලීනව එන හානිය මාර්ග පද්ධතියට බලපෑමක් කරනවා. එහෙනම් හොඳම විකල්පය දැන් තියෙන විදියටම යමු. දූපත් මානසිකත්වයෙන් ලෝකය දෙස නොබලනු මැනවි, ගස් වැල් කපන්න බැහැ, කුඹුරු, ඉඩකඩම් හයිවේ එකට අහු වෙන්න බැහැ, අලි කපොලු අහුවෙන්න බැහැ, ගංගා ඇල වේලි අහුවෙන්න බැහැ. ඉතින් කොහොමද එහෙම පාරවල් තියා ගෙයක් දොරක්වත් හදන්නේ..?
ගොවිතැන් කරන කවුරුවත් නම් පේන්න නැහැ.
කණු උඩ පාර හැදුවාම වෙන පරිසර හානිය බොහොම අඩුයි. එමනිසා මේ පාර අනිවාර්යයෙන්ම හදන්න ඕනෑ.
රට දියුණු කරන්න ඕනෑ පරිසරය විනාශ කරලා නෙමෙයි කියලා මේ ආණ්ඩුව කරන අයට තේරෙන්නේ නැද්ද?.
කුළුණු උඩ ගහන්නේ පරිසරේ රකින්න තමයි...
මැද ඉදිකරන කොන්ක්‍රීට් කුළුණු පේලියක් මත මේ අධිවේගය සැලසුම් කර ඇත්තේ හානිය අවම වන ලෙසයි. අනෙකුත් විකල්ප මාර්ගද සොයාබලා සමාජයට අවම හානිය වනසේ තෝරාගෙන ඇත..
මේ මොන රටක්ද කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. එතකොට කොහෙන්ද මේ පාර හදන්නේ? ඉල්ලන්නේ රට සිංගප්පූරුවක් කරන්න කියලා.. එහේ ප්‍රබල නීතියක් තියෙනවා අසත්‍ය කිසිම දෙයක් වෙබ් අඩවි වල වාර්තා කරන්න බැහැ. ඒ නීතිය මෙහෙ දාන්න ගියාම ඒකටත් විරුද්ධ වෙනවා. අනික හැමදේම විවේචනය කරන එක පුරුද්දක් වෙලා..
එක සුදු කෙස්ගහක් ගලවන කොට, තව කලු කෙස් කීපයක් ගැලවෙනවා. හොඳ දේ ගැන හිතලා කැප වෙන්න.
මොන හොඳ දේ කරන්න ගියත් මේ අයගේ පෙළපාලි, මොනවා හරි කරගන්න ඕනෑ..
ලංකාවේ ඇත්තටම මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන භූමිය ටිකයි. අනිත් ඔක්කොම තෙත්, පහත්, මඩ වගුරු, නැතිනම් කඳු... රටක් දියුණු කරන්න නම් ඉතින් මේවත් රැකගෙන සංවර්ධනය කරන්න ඕනෑ. කුළුණු මතින් දිවෙන එකක් නම් තෙත් බිමට හානියක් වෙන එකක් නැහැ කියලා තමයි හිතෙන්නේ.
මම මේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මමද එහි ගියේ කුමක් දැයි බැලීමටය. සහභාගී වූ පුද්ගලයින්ගෙන් 99% ක්ම පිටස්තර පුද්ගලයින්ය. ඔවුන්ගේ බාහිර පෙනුමෙන් අපට වැටහී ඇත්තේ ඔවුන් ආර්ථිකය ශක්තිමත් පවුල්වලට අයත් වන අතර ඔවුන් නිරතුරුවම පරිසරය ගැන කතා කරන්නේ මෝස්තරයක් ලෙස පමණක් බවයි. අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අත්පත් කර ගැනීමට යන කුඹුරුවලට අයත් ගම්වාසීන් අතළොස්සක් පැමිණ සිටියහ. මෙම විරෝධතාවය තලංගම වැවේ වේල්ල මත පැවැත්විණි. නමුත් යෝජිත අධිවේගී මාර්ගය මෙම ස්ථානයෙන් යම් දුරකින් පිහිටා ඇත. මෙම අධිවේගී මාර්ගය සුන්දර තලන්ගම වැවට ඉහළින් ගමන් කරන බව මුළු ලෝකයම නොමඟ යැවීමට සංවිධායකයින්ට අදහසක් ඇති බව පැහැදිලිය. මීඩියා ඔවුන්ගේ කාර්යයන් ඉතා හොඳින් ඉටු කළේය. මා දන්නා පරිදි යෝජිත අධිවේගී මාර්ගය බිම් මට්ටමේ සිට අඩි 20 ක් පමණ ඉහළින් පිහිටි විශාල කණු මත ඉදි කිරීමට නියමිතය. පරිසර හානිය අවම මට්ටමක පවතී. එකම දෙය වන්නේ පූර්ව පාරිසරික කළමනාකරණය සහ පශ්චාත් පාරිසරික කළමනාකරණ සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි. මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම විශේෂයෙන් මෙම ප්‍රදේශයේ අධික රථවාහන ගැටළුව විසඳීමට හේතුවේ.
මේ ඔක්කොම දේශපාලන ගේම්... කණුමතින් ගියාම ලොකු හානියක් වෙනවද? කෝ ලංකාවේ අය? ඇයි සුද්දෝ විතරක්? ඒ අයට මොකක්ද තියෙන අයිතිවාසිකම ලංකාවේ දේවල්වලට ඇඟිලි ගහන්න.
සූකරයාට මඩවල දිව්‍ය ලෝකයකි. ඔය ගොල්ලොම තව ටික කාලයකින් කොළඹට කිරි අපට කැකිරි, අපට පාරක් දියව් කියලා කෑ ගසාවි.