IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කැඩුණූ අමුණ ගොවියෝම හදති

(ප්‍රසන්න පත්මසිරි)

බිබිල කොටගම  හාල්පානුවෙළ වෙල්යායට ජලය ගන්නා කැන්දෙන අමුණ කැඩී මාස කිහිපයක් ගත වෙද්දීත් එය රජයෙන් ප්‍රතිසංස්කරණය නොකළ නිසා ගොවින් එක්ව තාවකාලිකව ඉදිකිරිම් සිදු කර තිබේ.

කොටගම හාල්පානුවෙළ ප්‍රදේශයේ අක්කර 90ක පමණ වී වගා කරන වෙල්යායකට ජලය ගැනීමට ඉදිකර තිබුණ ගල් ඔයේ කැන්දන අමුණ කැඩී වෙල්යාය වියළෙද් දී අමුණ ඉදිකර දෙන්නැයි ගොවීන් බළධාරීන්ගෙන් කිහිපවරක්ම මෙය ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටියත් එය ඉටුකර ගැනීමට නොහැකි වූ නිසා ගම්මානයේ ගොවීන් එක්ව අවශ්‍ය ද්‍රව්‍ය යොදා අමුණ තාවකාලිකව ඉදිකරගෙන ගොවි බිම් වලට ජලය ලබාගැනීමට සමත්විය.

අමුණ ඉදිකිරීමේ කටයුතු සඳහා කොටගම ග්‍රාම නිළධාරී හේමන්ත වික්‍රමසිංහ මහතාගේ දායකත්වය ද ගොවීන්ට ලැබී තිබේ.



අදහස් (5)

කැඩුණූ අමුණ ගොවියෝම හදති

janahitha uAE Monday, 22 February 2021 08:06 AM

ඉතාම හොඳ තීරණයක්.. ප්‍රදේශයේ දේශපාලන නායකයා අවධානය යොමු නොකිරීම පිළිබඳව අපි ජනාධිපතිතුමන්ට ලියා දැන්වූ බව දන්වා සිටිමු. බලමු තත්වේ.

:       1       10

Raveendra Monday, 22 February 2021 08:42 AM

ඉතාම හොඳ ක්‍රියාවක්. සහභාගී වූ සැමට යහපතක්ම වේවා...!!! මෙයට අදාළ නිලධාරින් මෙන්ම දේශපාලුවන්ද මෙය බැලීමට එනවිට අසුචි වලින් ස්නානය කිරීමට වැඩ කටයුතු සැලැස්වීම ඉතාමත් යෝග්‍ය ලෙස පෙනෙන්නේ අපට පමණද?

:       1       16

විජිත් Monday, 22 February 2021 11:45 AM

ගොවි මහත්වරුනි, මගෙත් සුබ පැතුම් ඔබ සැමටම. හැබැයි... ඡන්දෙ කිට්ටු වෙද්දී ඔබලා බුද්ධිමත්ව හිතන්න.. ඒ වගේම ඔබ ඔබගේ හදවතට නොව බුද්ධියට අමතන්න. ඔබගේ ඡන්දය ගෙන, අන්තිමට ඔබලාට ඇහුම්කන් නොදෙන, ඔබ සමාව අමතක කළ, ඔබ විසින් පඩි ගෙවන, දේශපාලු " හිඟන්නන් " ඔබගේ වටිනා ඡන්දය හිඟාකෑමට, නොයෙකුත් කතන්දර, සුරංගනා කතා කියාගෙන ආයෙත් දවසක ඒවි... එදාට ගමේ ගෙවල්වල සිටින බල්ලෝ ලිහලා තියන්න...

:       0       12

nihal Monday, 22 February 2021 05:32 PM

මහජන මුදලින් පඩිගන්න පළාතේ දේශපාලකයින් බුදිද?

:       0       2

sharm warn Monday, 01 March 2021 09:41 AM

ඔබතුමන්ලා කවදත් රටට යහපතක් කළ අය... අයහපතක් කළේ ඡන්දෙදී විතරයි. කෘෂිකර්ම ඇමැති කියලා කෙනෙක් ඉන්නවා ... පුළුවන් නම් එයාව කලාවැවේ බැම්මේ තියලා මැටි ගැහුවා වගේ ඉණ ගාවට වළක් හාරලා බස්සවලා තියන්න. බලබල ඉන්න කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 575 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site