මහ නාහිමි දේහය කොළඹ නිදහස් චතුරස්රයට වැඩම කරවති
විචිත්ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක මෙන්ම සුපේෂල ශික්ෂාකාමී මහ තෙරනමක් වූ අපවත් වී වදාළ ගල්කිස්ස ශ්රී ධර්මපාලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්ය ගෞරව සහිතව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද සහභාගීත්වයෙන්, කොළඹ නිදහස් චතුරස්රයේදී අද (25) පස්වරුවේ ඇරඹිණි.