IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


බස් අනතුරේ ගල ඉවත් කරයි

(මුදිතා දයානන්ද,නිශාන්ත කුමාර)

බදුල්ල පස්සර මාර්ගයේ දාහතර දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර සිදුවු ස්ථානයේ මාර්ගයට වැටී තිබෙන ගල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

ගල පිහිටි ස්ථානය අවට පදිංචිකරුවන්ට අනතුරක් නොවන පරිදි ගල පුපුරුවා හැර ඉවත් කිරිම සුදුසු බවට එහිදි තිරණය කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ අධ්‍යක්ෂක ආර්. එම්. එස්. බණ්ඩාර මහතා පවසයි.

මෙම ස්ථානයට අමතරව බදුල්ල පස්සර මාර්ගයේ තවත් අනතුරුදායක ස්ථාන පහක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කළ බවද ඔහු කියයි.

මාරක රිය අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයට වැටී තිබු ගල ඉවත් කිරිමට තම ආයතනය මීට මාස හයකට පමණ පෙර නිර්දේශ කර තිබු බවද බණ්ඩාර මහතා පැවසීය.

මෙම ගල වැටි තිබෙන ස්ථානයට තරමක් ඉහළින් නිවාස දෙකක් පිහිටා ඇති අතර ඒවාට හානියක් සිදුවිය නොහැකි නමුත් ගල පුපුරුවා හැරිම අවසන් වන තෙක් තාවකාලික එම නිවාසවල පදිංචිකරුවන් ඉවත් කිරිම සුදුසු බවද ඔහු සඳහන් කරයි.

 



අදහස් (9)

බස් අනතුරේ ගල ඉවත් කරයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 26 March 2021 02:09 AM

මේ ගල ඉවත් කිරීමට ක්‍රියා නොකළ සියලුම දෙනාට මිනීමැරුම් චෝදනාවට අැතුල්කොට දඬුවම් කළ යුතුයි. ඒ වුණාට, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියලුම වැරදි රියැදුරා පිටින්ම ඇරියා. රියැදුරා වැරදි ඇති. ඒත්, ගල අයින්කොට තිබුණා නම්, මේ අවාසනාව සිදුවෙන්නේ නැහැ.

:       0       9

Bandara Friday, 26 March 2021 02:17 AM

ඔය ගල අයින් කරන්න හිටියේ ඔය පැත්තේ ගම සමඟ පිළිසඳරක් තියෙන කොටද දන්නෙ නෑ... නැත්තම් මෙච්චර කාලයක් ඕක ඉවත් කරේ නැත්තේ ඇයි..? ලංකාවේ තනිකරම දේශපාලන නාට්ටි තමයි යන්නේ.. අනේ මන්දා අපේ රට කවදා හැදෙයිද කියලා..

:       0       5

SL Friday, 26 March 2021 03:50 AM

ලංකාව පුරා තියෙන පාරවල් වල (අඩුම තරමේ RDA එකට අයිති පාරවල් ) තියෙන මාරක වලවල් ටිකයි ඒවා ඉස්සරහ දාලා තියෙන මාරාන්තික බැරලුයි අයින් කරන්න. RDA ,PRDA නිලධාරින්ගේ නොසැලකිල්ල නිසා දවසකට අනතුරු ගොඩක් සිද්දවෙනවා සහ වාහන විශාල ප්‍රමාණයකට හානිවෙනවා...

:       0       10

රිතික් Friday, 26 March 2021 04:39 AM

ගල් කඩන මැෂින් තියෙනවා විදෙස් රටවල පුපුරවන්නේ නැතුව ආරක්ෂිතව ඉවත් කරන්න පුළුවන්..

:       0       7

sharm warnFriday, 26 March 2021 07:50 AM

ඒ විදේශ රටවල... ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට යහපතක් වෙන දේවල් වලට පාවිච්චි කරන්නේ ගල් යුගයේ තිබ්ච්ච දේවල්.. මොකද සාමාන්‍ය මිනිස්සුන්ට මොනවා වුණාම මොකද? වී.අයි.පී. ලා ටික සුවයෙන් උන්නාම ඇතිනේ. ඒකනේ පාස්කු දවසේ ප්‍රහාරය ගැන අච්චර කියවද්දී දේශපාලකයන්ගේ ආරක්ෂාව විතරක් තරකර සාමාන්‍ය මිනිස්සු 300ක් මරලා දැම්මේ. මේක ලංකාව... ලංකාව...

:       0       1

Felix Friday, 26 March 2021 06:05 AM

සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ, වැඩ කෙරෙන හැටි තමයි මේ. අනතුරක් වෙනකම් බලා ඉඳලා පස්සේ පිළියම් හොයනවා..! ශ්‍රී ලංකාවේ හැටි තමයි මේ...

:       0       11

සේනක බිම්සර Friday, 26 March 2021 07:41 AM

රාජපක්ෂලා රට පුරා කැලෑ කප කපා වැඩකට නැති අධිවේග හදනවා. මේ වගේ මිනීමරු ගලක් අයින් කරන්න වත් දන්නේ නැහැ.

:       2       1

sannyFriday, 26 March 2021 08:22 AM

දැන් කොයි පාරද වැදගත් නැත්තේ?

:       0       2

hesa Friday, 26 March 2021 07:54 AM

දැනටම කී දෙනෙක් මේ ගලට මාන අල්ලන් ඇත්ද..? කොටස් වලට

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18056 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 11268 13

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10819 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 447 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 130 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 807 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site