
(මුදිතා දයානන්ද,නිශාන්ත කුමාර)
බදුල්ල පස්සර මාර්ගයේ දාහතර දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර සිදුවු ස්ථානයේ මාර්ගයට වැටී තිබෙන ගල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
ගල පිහිටි ස්ථානය අවට පදිංචිකරුවන්ට අනතුරක් නොවන පරිදි ගල පුපුරුවා හැර ඉවත් කිරිම සුදුසු බවට එහිදි තිරණය කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ අධ්‍යක්ෂක ආර්. එම්. එස්. බණ්ඩාර මහතා පවසයි.
මෙම ස්ථානයට අමතරව බදුල්ල පස්සර මාර්ගයේ තවත් අනතුරුදායක ස්ථාන පහක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කළ බවද ඔහු කියයි.
මාරක රිය අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයට වැටී තිබු ගල ඉවත් කිරිමට තම ආයතනය මීට මාස හයකට පමණ පෙර නිර්දේශ කර තිබු බවද බණ්ඩාර මහතා පැවසීය.
මෙම ගල වැටි තිබෙන ස්ථානයට තරමක් ඉහළින් නිවාස දෙකක් පිහිටා ඇති අතර ඒවාට හානියක් සිදුවිය නොහැකි නමුත් ගල පුපුරුවා හැරිම අවසන් වන තෙක් තාවකාලික එම නිවාසවල පදිංචිකරුවන් ඉවත් කිරිම සුදුසු බවද ඔහු සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගල ඉවත් කිරීමට ක්‍රියා නොකළ සියලුම දෙනාට මිනීමැරුම් චෝදනාවට අැතුල්කොට දඬුවම් කළ යුතුයි. ඒ වුණාට, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියලුම වැරදි රියැදුරා පිටින්ම ඇරියා. රියැදුරා වැරදි ඇති. ඒත්, ගල අයින්කොට තිබුණා නම්, මේ අවාසනාව සිදුවෙන්නේ නැහැ.
ඔය ගල අයින් කරන්න හිටියේ ඔය පැත්තේ ගම සමඟ පිළිසඳරක් තියෙන කොටද දන්නෙ නෑ... නැත්තම් මෙච්චර කාලයක් ඕක ඉවත් කරේ නැත්තේ ඇයි..? ලංකාවේ තනිකරම දේශපාලන නාට්ටි තමයි යන්නේ.. අනේ මන්දා අපේ රට කවදා හැදෙයිද කියලා..
ලංකාව පුරා තියෙන පාරවල් වල (අඩුම තරමේ RDA එකට අයිති පාරවල් ) තියෙන මාරක වලවල් ටිකයි ඒවා ඉස්සරහ දාලා තියෙන මාරාන්තික බැරලුයි අයින් කරන්න. RDA ,PRDA නිලධාරින්ගේ නොසැලකිල්ල නිසා දවසකට අනතුරු ගොඩක් සිද්දවෙනවා සහ වාහන විශාල ප්‍රමාණයකට හානිවෙනවා...
ගල් කඩන මැෂින් තියෙනවා විදෙස් රටවල පුපුරවන්නේ නැතුව ආරක්ෂිතව ඉවත් කරන්න පුළුවන්..
සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ, වැඩ කෙරෙන හැටි තමයි මේ. අනතුරක් වෙනකම් බලා ඉඳලා පස්සේ පිළියම් හොයනවා..! ශ්‍රී ලංකාවේ හැටි තමයි මේ...
රාජපක්ෂලා රට පුරා කැලෑ කප කපා වැඩකට නැති අධිවේග හදනවා. මේ වගේ මිනීමරු ගලක් අයින් කරන්න වත් දන්නේ නැහැ.
දැනටම කී දෙනෙක් මේ ගලට මාන අල්ලන් ඇත්ද..? කොටස් වලට