IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පෙළපාලියේ ආ පහේ ශිෂ්‍යත්ව හපන්නු පොලිස් ජිප් රියෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට

 

(රංජන් කස්තුරි)

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන්  සමත් සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී ඉහළ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීම නිසා අසාධාරණයක් සිදු වු බව කියමින්  එම සිසුහු හා මවුපියෝ පිරිසක් අද  කොළඹදී විරෝධතාවක් නිරත වූහ.

පාසල් සුරැකීමේ ජනතාව ව්‍යාපාරය සංවිධානය කළ එම විරෝධතාවය කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වූ අතර විරෝධතාකරුවෝ පා ගමින්න් අග්‍රාමත්‍ය කාර්යාලය දක්වා ගමන්ගත්හ.

විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය අසලට පැමිණි අවස්ථාවේ පොලිසිය විසින් සිසුහු හා මවුපියෝ ජීප් රථයක නංවාගෙන සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයට රැගෙන යනු ලැබූහ.

(ගයාන් අමරසේකර)

 

 



අදහස් (9)

පෙළපාලියේ ආ පහේ ශිෂ්‍යත්ව හපන්නු පොලිස් ජිප් රියෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට

chathura Monday, 15 March 2021 08:56 AM

හැම ඉස්කෝලෙම නම ඉවත්කර පොදු නමක් දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඉස්කෝලේ නම හින්දා තමයි මේ අධික තරගයක් තියෙන්නේ. එසේ නොහැකි නම් සහතිකවල පාසලේ නම සඳහන් කිරීමකින් තොරව පොදුවේ සහතික නිකුත් කරා නම් මේ අනවශ්‍ය ප්‍රශ්න ඔක්කොම ඉවරයි.

:       1       11

dasun Monday, 15 March 2021 09:29 AM

අධ්‍යාපන ඇමැති කෝ?

:       1       2

බද්රානි Monday, 15 March 2021 09:48 AM

ඔය කොයි මාමලාටත් කිරි එරෙන්නේ ඡන්දෙ කාලෙට විතරයි දරුවනේ. පොඩි එවුන්ව වඩාගෙන හුරතල් කර කර ඉන්න දැන්... ඒ ලොකු මාමලාට වෙලාවක් නැහැ. මේ දවස්වල වැඩිය දඟලන්න ආවොත් කන පලාගන්න තමයි සිද්ද වෙන්නේ. ඔය පොලිස් මාමලා වුණත්, ඔයාලට ලොකුවට පෙනුණාට, ඒ ලොකු මාමලා ඉස්සරහ එයාලත්, ඔයාලා වගේම පොඩි දරුවන් වගේම තමයි හැසිරෙන්නේ....

:       2       14

rihan Monday, 15 March 2021 10:55 AM

මේ පුංචි මල් කැකුළු වලට පුවරු එසවීමේ තත්වයකට පත් කිරීම උසස් නිළධාරීන් කළ ලොකු වරදක්.

:       3       2

vikum Monday, 15 March 2021 06:46 PM

අවසානයේ අපට දේශපාලකයන් විසින් රටට දායාද කලේ, පාසැලේ එක වසරෙ සිට උපාධිය දක්වාත්, උපාධියේ සිට රැකියාව දක්වාත්, රැකියාවේ සිට මිනීවල දක්වාත් උද්ඝෝෂණය කරමින් පුරවැසියාගේ අයිතිය වෙනුවෙන් මහපාරේ ඇවිදීමින් සටන් කිරීම මිස, පුරවැසියන්ලෙස උපතින් ලැබු උරුම වූ දෙයක් නොමැත, සැබැවින්ම මේ ගෙවුන අවුරුදු 74 ක දේශපාලන රටාව අප සමාජයෙන් අගුගා දැමිය යුතු කාලය නොවේද, ඔබ අද දින මෙය සැලකිල්ලට නොගන්නේ නම්, ඔබෙ දරුවාගේ දරුවන්ටද, අප අද මුහුණදෙන මේ ගැටලුව නොවිසදෙනු ඇත,

:       4       6

සීදේවි සුවාරිස් Tuesday, 16 March 2021 03:19 AM

පොඩි කාලේ ඉඳලා ළමයිව ෆෝම් කරනවා උද්ගෝෂණ කරන්න. මේ ළමයි ලොකු වෙලා එපා කරපු උන් වෙනවා.

:       17       11

ANDARETuesday, 16 March 2021 05:10 AM

ගොන් කතා කියන්න එපා. ඒ ළමයිගෙ ප්‍රශ්න අහන්න කෙනෙක් නැති නිසයි ඔහොම කරන්න වෙලා තියෙන්නෙ.

:       6       13

bangara Tuesday, 16 March 2021 07:01 AM

මාමේ නෙවෙයි පුතේ සීයලාට අයියේ කියන්න...

:       1       10

v sadali sithara de mel Friday, 19 March 2021 08:08 AM

මේ වසරේ ලකුණු 168 ක් ගත්ත ලමයත් අසමත් පාසලක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 691 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17841 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site