IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සසුනඹරේ රන් තරුවක් නිවුණා, මහ නාහිමි සඳු නිවනින් නිවුණා

 

(ඩයනා උදයංගනී)

විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක මෙන්ම සුපේෂල ශික්‍ෂාකාමී මහ තෙරනමක් වූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත අපවත් වී වදාළ කොටුගොඩ ශ්‍රී ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව, කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (25) පස්වරුවේ පැවැත්විණි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙනි.

මහ නා හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර දේහය උන්වහන්සේ විහාරාධිපතීත්වය දැරූ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ සිට කොළඹ නිදහස් චතුරස්‍රය කරා වැඩම කරවීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවයේ කටයුතු ඇරඹිණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් ආචාර්ය නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනු නා හිමියෝ, මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා හිමියෝ සහ ශාස්ත්‍රපති ගංතුනේ අස්සජි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති, වැඩබලන උත්තරීතර මහ නායක හා අමරපුර චූලගන්ඨි පාර්ශවයේ මහ නා හිමියෝ පැවිදි අනුශාසනයන් සිදුකළහ.

ඉන්පසු මහ නා හිමියන්ගේ විදේශීය ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා නියෝජනය කරමින් මියන්මාර, චීන හා වියට්නාම භික්‍ෂූන් වහන්සේලා පිරිසක් දේහයට පුෂ්පෝපහාර දැක්වීම සිදුකෙරුණු අතර උන්වහන්සේගේ ශිෂ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමියෝ ඉංග්‍රීසි බසින් අනුශාසනාවක් පැවැත්වූහ. සෙසු ආගමික පූජකවරුන් නියෝජනය කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ද මෙහිදී අදහස් දැක්වීම විශේෂත්වයක් විය.

ගිහි පාර්ශවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ශෝක පණිවුඩය සභාවට ඉදිරිපත් කරමින් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ, අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ මහලේකම් ආර්.ඒ.ඩී සිරිසේක යන මහත්වරුන් අදහස් දැක්වූයේ ඉන් අනතුරුවය.

රාජ්‍ය ගෞරව දැක්වෙන අවමංගල උත්සවයන්හි දක්නට ලැබෙන ආචාර වෙඩිමුර, ගුවනින් මල් ඉසීම් වැනි කටයුතු කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන්ගේ අවමඟුල් උත්සවයේදී දක්නට නොලැබුණු අතර සරළ අල්පේච්ඡ දිවිපෙවෙතක් ගත කළ උන්වහන්සේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවන බැවින් බැවින් එම අංගයන් ඉවත් කරවූ බව අමරපුර නිකායාභිවෘද්ධි සභාවේ ලේකම්වරයා පැවසීය.

ගිහිකතා හා ශෝක ප්‍රකාශ අවසානයේදී බුද්ධයායේ ධම්මාලෝක හිමියෝ පුණ්‍යානුමෝදනාව සිදුකළහ.

අනතුරුව කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහ නා හිමියන්ගේ දේහය උන්වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා සහ අමරපුර කාරක සංඝ සභික භික්‍ෂූන් වහන්සේලා විසින් නිදහස් චතුරස්‍ර භූමියේ පසෙක සිවුරේ වර්ණයෙන් ඉදිකර තිබූ දර්ශනීය චිතකය කරා වැඩම කරවනු ලැබිණි. මහ නා හිමියන්ගේ බෑණනුවන් දෙපලක් විසින් පස්වරු 6.20 ට පමණ චිතකයට ගිනිදැල් වූ අතර අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ශ්‍රී ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නාහිමියන් තම උදාරතර ශාසනික මෙහෙවර නිමා කරමින් දැයට සමුදුන්නේ රැස්ව සිටි සියලු දෙනාගේ සෝ සුසුම් මධ්‍යයේය.

මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකෙරෙන අවස්ථාවේදී අවට පරිසරය අඳුරු ස්වභාවයක් ගෙන තිබුණේ මහ නා හිමියන් දැයෙන් සමුගැනීමේ ශෝකයෙන් සොබාදහම ද කම්පා වූවාක් මෙනි.

කොවිඩ් අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අදාහන පූජෝත්සවයේ වැඩකටයුතු සැලසුම් කර තිබූ අතර එම භූමියේ රැඳී සිටීමට අවකාශ සලසා තිබුණේ ආසන පනවා තිබූ ප්‍රමාණයට පමණි.

එමෙන්ම ආදාහන පූජෝත්සවය පැවති කාලසීමාව තුළ කොළඹ නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.

(ළහිරු හර්ෂණ)



අදහස් (1)

සසුනඹරේ රන් තරුවක් නිවුණා, මහ නාහිමි සඳු නිවනින් නිවුණා

සමිත සේනක අලුත්ගමගේ. Friday, 26 March 2021 01:19 AM

කොටුගොඩ ධම්මාවාස අපේ මහානායක හාමුදුරුවන් වහන්සේ වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම සිල්වත් භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේට නිවන්සුව අත්වේවා .. !!! ඒත් අප හදවතේේ තිබුණු ඒ පිරිසිඳු සංවේදී කෘතවේදීත්වය ඒ අයුරින්ම පවත්වා ගැනීමට නොහැකි වුනේ මේ වෙලාවට කිසිසේත්ම අවශ්‍ය නැති දේශපාලන කතා නිසා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට, දේශපාලනයට ආරක් ගත්, ඇතැම් චීවරධාරීන් වෙර දරනු පෙනුනා. මේ අනවශ්‍ය අය මේ උතුම් සංවේගී අවස්ථාවට මැදිහත් නොවී, රාජ්‍ය අනුග්‍රහය පමණක් ලබාදී, ශාසනේ වැඩේ හාමුදුරුවරුන්ටම බාරදී, සිටියා නම්, කොපමණ අගේද? මේ රටේ පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලකයන් ගිය මග උරුලෑවා ගියා වගේ තිබෙන යුගයක, ඇතැම් චීවර ධාරින්ගේද සහායෙන් ආගමේ එල්ලීමට දැඟලීම මොනතරම් පිළිකුල් සහගතද? දේශපාලනය නැමැති මස්කඩය බුදුදහමත් සමග සහජීවනයෙන් මිශ්‍රකිරීමට සලසා රට රවටා වාසි ගැනීමට කෙරෙනා සියලුම උප්පරවැට්ටි ගැන සිහිකල්පනාවෙන් සිතා බලමු. පිළීගඳ ගහන මස්කඩය හා බුදුදහම එකක් නොව දෙකකි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18056 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 11191 13

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10819 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 447 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 129 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 807 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site