IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘ප්‍රඥාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය අරඹමින්

(යොහාන් භාසුර)
තාක්‍ෂණ විෂය දාරාවෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරණ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට මූල්‍යමය ආධාර ලබාදීමේ අරමුණින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්යකට අනුව රුපියල් ලක්‍ෂ 100 ක මූලික මුදලකින් ‘ප්‍රඥාාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය ආරම්භ කළේය.   
ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (16) පස්වරුවේ පැවැත්විණි.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම ‘ප්‍රඥාාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතියෙන් ප්‍රථමයෙන් ශිෂ්‍යයන් 100 කට රුපියල් 1000 බැගින් මූල්‍ය දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් අරමුදලට මූල්‍ය පරිත්‍යාග කරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 



අදහස් (8)

‘ප්‍රඥාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය අරඹමින්

ලුම්බිණි Wednesday, 17 March 2021 03:47 AM

රුපියල් ලක්‍ෂ 100 එන්නේ කොහෙන්ද?

:       0       9

nimalWednesday, 17 March 2021 11:00 AM

‘ප්‍රඥාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය ප්‍රමෝට් කිරීමට පමණක් රුපියල් මිලියන 5ක් පමණ වියදම් කර ඇත.

:       0       1

dhanuka Wednesday, 17 March 2021 04:14 AM

අනුන්ගේ සල්ලිවලින් තමන්ගේ නම දාලා මේ වගේ වැඩ කරනවට වඩා හොඳයි නොකර ඉන්න එක..

:       0       12

SLWednesday, 17 March 2021 10:24 AM

ඇතුලත්මුදලි මහත්තයා "මහපොළ" වෙනුවට තමන්ගේ නම දාගත්තේ නැහැ. නමුත් මහපොළත් එක්ක ඇතුලත් මුදලි නම නිතැතින්ම මතක් වෙනවා. ඒකට දැන් ඉන්න කබ්බෝ... මේ අයගේ මොල තමයි මොල.... රාජපක්ෂ ක්‍රීඩා පිටිය, රාජපක්ෂ වරාය රාජපක්ෂ අරක... රාජපක්ෂ මේක..., අනේ මන්දා.. !!! 

:       0       2

විපරමා Wednesday, 17 March 2021 08:27 AM

සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩු මිළ අඩුකරන්ඩ බැහැ කියපු කෙනා..? තමුන්ගේ නමත් මුලට දාගෙන ලෝකෙට පේන්න, ජනතාව ගසාකාපුවායින් කරන වැඩ දැක්කම අපිට නම් හරිම හිරිකිතයි.

:       0       9

sumanapala Gamage Wednesday, 17 March 2021 10:02 AM

මහපොළ අහලකටවත් එන්න මෙයාට බැහැ.

:       0       4

විජිත් Wednesday, 17 March 2021 10:37 AM

"ප්‍රඥා බන්දු" මාර නමක්. ඒ වුණාට ප්‍රඥාව චුට්ටක්වත් නැති, හීනමානයෙන් පෙලෙන මිනිසෙක්... අනුන්ගෙන් මුදල් ඉල්ලාගෙන, රටේ ජනතාවට දේශපාලනිකව අප්‍රියම චරිතයක් වී ඇති, තම නම ආරක්ෂා කරගැනීමට දරන බොළඳ උත්සායක් විදිහටයි මම මෙය දකින්නේ... ලලිත් ඇතුළත් මුදලි මහත්මයා " මහපොළ " ශිෂ්‍යත්ව හඳුන්වලා දෙනකොට එයාටත් තිබුනා " ලලිත් මහපොළ " වගේ නමක් ඒ වැඩපිළිවෙලට දමන්න. ඒ සඳහා ඔහුට බලයත් ,ශක්තියත් ඕනෑවටත් වඩා තිබුණා. නමුත් ඔහු එවැනි බොළඳ වැඩක් කිරීමට තරම් නූගත්, මෝඩයෙක් නොවීය. ඒ නිසාමදෝ මහපොළ ශිෂ්‍යත්වය අදත් නොසැලී... ඉදිරියටම යමින් රටේ අනාගතය බාරගන්න සිටින සිසුසිසුවියන්ට සෙවනැල්ලක් වී සිටිනවා.

:       0       2

කපුරු හාමි Wednesday, 17 March 2021 11:47 PM

ඔය ශිෂ්‍යත්වය අගට වෙන එකක් දැම්මා නම් හරි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17840 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site