(කාංචන කුමාර ආරියදාස)
කලා වැවට ජලය ගෙන යන මිරිස්ගොනියා ඔයේ කිරලව පාලම ආසන්නේ නීතිවිරෝධී ආකාරයෙන් බෝට්ටු යොදා වැලි ගොඩ දැමූ බව කියන පුද්ගලයන් පස්දෙනකු අත් අඩංගුවට ගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
වැලි ගොඩදැමීමට යොදා ගත් බෝට්ටු තුනක් වැලි ප්‍රවාහනයට යොදා ගත් ට්‍රැක්ටර් දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බළකා බාරයට ගෙන ඇත.
රාජ්‍ය ආරක්ෂක අංශයට දිගින් දිගටම ලැබුණු තොරතුරක අනුව දින ගණනාවක් ඉතා සූක්ෂම ලෙස සොයා බලා පැය තුනක මෙහෙයුමකින් පසු සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු පවසති.
කූඩවලින් වැලි ගොඩ දැමීම සඳහා බලපත්‍ර ලබා ගෙන ඉවක් බවක් නොමැතිව බෝට්ටු සහ ටැක්ටර් ඔයට දමා වැලි ගොඩ දැමීම සිදුකරන අයුරු නිරීක්ෂණය වූ බව පොලිස් විශේෂකාර්ය බළකාය කියයි .
ඔය දෙපස විශාල වශයෙන් පාංශු ඛාදනයට ලක් වෙමින් ගහකොළ පරිසරය විනාශ වීමේ තර්ජනයකට ලක් වෙමින් පවතින බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ,බඩුත් හාමුදුරුවන්ගේ ,මේ නරුමයෝ රජයේම පිංගුත්තරයෝ .එක කෝල් එකෙන් .අපේ මිනිහෙක් කියල නිදහස් කරාවි .
කතරගම දෙවියන් ඉදිරියේත් රට පුරාත් " සුරකිමු ගංගා" කියලා තවත් සංදර්ශනයක් පටන් ගත්තා.. මේ දවසේ මේ ගඟ ගැනත් මේ ගොල්ලන්ට පෙනේවා කියලයි කියන්න තියෙන්නේ...
ඔය දවසේ කුලියට වැඩකරන අහිංසක මිනිස්සු අල්ලන් වැඩක් නැහැ. ඕක පිටිපස්සේ ඉන්න දේශපාලනික අපතයින් සෙට් එකයි, කුඩු චණ්ඩි ටිකයි තමයි අල්ලන්න ඕනෑ.