
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පුජා භුමියේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑයේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ පූජෝත්සවය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදුහඬ මැද ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අලංකාරවත් පෙරහරකින් නිදන් වස්තු සඳහිරු සෑ පරිශ්‍රයට වැඩමවනු ලැබීය. අනතුරුව මහා සංඝරත්නය විසින් නිධන් වස්තු තැන්පත් කරනු ලැබූහ.
සඳහිරා සෑයේ චූඩා මාණික්ය මෙදින වැඩම කරවිමද විශේෂත්වයකි.
ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු!!!
ඔය නිධන් වස්තු තැන්පත් නොකරනවා නම් කිසි දවසක නිධන් හොරු දාගැබ් කඩා විනාශ කරන්නේ නැහැ. දාගැබ්වල වස්තුව තැන්පත් නොකරනවා නම් ඕවා කඩා හාරා මොනවා ගන්නද? අපේ හාමුදුරුවරු මේ ගැන සිතිය යුතුයි.
සාදු... සාදු... සාදූ..!!! බුද්ධ ශාසනම් චිරං තිට්ඨතු..!!!
මෙය හුදෙක් බෞද්ධයින්ගේ වුවමනාවට වඩා දේශපාලකයින්ගේ අවශ්‍යතාවයට ඉදිකරනු ලබන්නක් බව පෙනේ. අටමස්ථානවල ඇති අඩුපාඩු සකස් නොකර අලුතින් වෙහෙරක් ඉදිකරන්නේ දේශපාලන නායකයන් තමන්ගේ නම් අනාගත පරම්පරාවල දරුවන්ගේ අධ්‍යාපන පොත පතේ පවා ඇතුළත් කරගැනීමේ කුඨ අභිලාෂයෙනි. මේවාට බෞද්ධයින් රැවටිය නොහැකියි.
සාදු... සාදු... සාදු... මේ පින්කමේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට සිටි කෙනා ඒ සඳහා සහභාගි වෙලා නැති බවයි පෙනෙන්නේ. හෙලිකොප්ටර් කැඩිලාද නැත්නම් වෙන අාබාධයක්ද?