
(මුදිතා දයානන්ද)
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම මගින් බොදු බල සේනා ඇතුළු බෞද්ධ සංවිධාන කීපයක් තහනම් කිරිමට නිර්දේශ කිරීමට එරෙහිව භික්ෂු සංවිධාන එකමුතුව සංවිධානය කළ සත්‍යග්‍රාහයක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදි අද පස්වරුවේ පැවැත්විණි.
ආණ්ඩුව විසඳිය යුතු ප්‍රශ්න කීපයක් ඇතුළත් යෝජනා වලියක් මාර්තු 11 ප්‍රකාශය නමින් මෙහිදී ඉදිරිපත් කළේය.
මෙම සත්‍යග්‍රහාරහයට පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමිවරු ඇතුලු ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා එක්ව සිටියහ.
ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ඉන්න එක්කෙනෙක්ටවත් රට ගැන කැක්කුමක් නැහැ. ඔක්කොම දේශපාලන ඉත්තෝ විතරයි.
රට වනසන, මහපොළොවට බරක් වූ මොවුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා. චීවරයට මුවා වෙලා මේ කරන විගඩම් අපි නම් ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් කලේ අන්තවාදී බෞද්ධ හා අන්තවාදී මුස්ලිම් කල්ලි දෙකක් බිහිකොට ජාතීන් අතර අසමගිය ඇති කිරීමයි. එහි එක ප්‍රතිඵලයක් තමයි පාස්කු ප්‍රහාරය. දැන් මේ චීවරධාරින් උත්සාහ කරන්නේ ජනතාව නොමග යවා ඒ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහා මොළකරුවන් නිදහස් කර ගැනීමටයි. මේ ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු දැන දැනම ප්‍රහාරය වළක්වා නොගත්, මෛත්‍රිපාල සිරිසේනව පුලුවන්නම් අත්අඩංගුවට ගෙන පෙන්වන්න. අන්න එදාට සිරිසේන ලස්සනට වමාරයි බලය වෙනුවෙන් සිදුකළ මේ ප්‍රහාරයේ මහා මොළකරුවන් කවුද බව?
ඈතදී... මම බැලුවා. කහපාට ඒ කියන්නේ "හිත නිවන" පැහැයක් ඇති සිවුරෙන් ගත වසාගත් සිල්වත් සුපෙක්ශාකාමි බුද්ධ පුත්‍රයන් කොහොමද මහා පාර අයිනේ සත්‍යග්‍රහ කරන්නේ කියලා. ටිකක් කිට්ටුවෙලා බලද්දී තමයි මට වැරදිලා කියලා වැටහුනේ. මේ සිල්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා නොවෙයි.. කහ සිවුරු ඇඳගත් බමුණෝ රැලනේ. රට කන, හොර, අමන, දුෂිත, මිනීමරු දේශපාලුවන්ගේ ඉඳුල් බුදිමින්, වාහනයට, මුදල්වලට වහවැටී.. දේශපාලුවන්ගේ දුෂ්චරිතවලට සුදු හුණු ගාන රැල. මේ රටේ සමගියෙන් ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, මැලේ, බර්ගර්.. වැනි අයව එකිනෙකා කෙටවීම තමයි මේ රැළගේ රැකියාව. මම හැමදාම කියනවා දවසක අපේ රටේ ධර්ම සංගායනාවක් පැවැත්වුවොත් මේ හොර බමුණන්ට යන එන මන් නැතිවෙලා මිනිස්සුන්ගෙන් ගුටිකාලා, සිවුරු ගලවලා.. ඔවුන්ගේ හොර අඹුවනුත් සමග රටෙන්ම එළවා දමනවා නියතයි. එදාට සිල්වත් හිමිවරු කිහිප දෙනෙක් පමණක් අපේ රටේ ඉතිරි වේවි. එතුමන්ලා බුදු සසුන ආරක්ෂාකර ගනීවි. රටටත් හොඳ කලක් උදාවේවි...!!!
අපේ පුංචි මොලේටත් තේරුණා නිකන් පුස් වෙඩිල්ලක් කියලා. හමුදාවෙනුත් රැවටුණු එකනේ පුදුමේ. දැන් ඉතින් උපවාස කර කර ඉන්න. රට කාන්තාරයක් කරලා චීනෙට දීලා මෙයාලා ඇමෙරිකාවේ ඉන්න පවුල් ළඟට යයි.
මේ ඉහත දක්වා ඇති අදහස් සත්‍යයයි. ඒ මත අදහස් දක්වා ඇත්තේ සිතේ තිබෙන ආවේගයන් ප්‍රකාශ කිරීමක් ලෙස දකිනවා. පන්සල්, අසපු හැදුවට බැතිමතුන්ද නැත. දැන් මේ අය කරන්නේ මේ වගේ ණයට කැහැලා සමාජයත් අවුල් කරන එකයි. සංගායනාවක් අවශ්‍ය තත්වය තදින්ම දැනෙනවා.
මෙම උදවියම තමයි මේ රජය බලයට ගෙනාවේ.
කෝ අර කොටුවේ පොඩි නමයි අම්පිටියේ සුමන හිමියෝයි.. කලින්ම නිවන් ගිහින් වත්ද ..?
ආගමක් ගෑවුණු හැම සංවිධානයක්ම තහනම් වෙනවා නම් තමා රටට සෙතක් වෙන්නේ...
මේ රටේ ඉන්න සිවුරු දරාගත් අය සහ ගිහියන් බහුතරයක්ම කරන්නේ බුදුදහමට නිගා කරන එකයි. මේ අයට ධර්ම මාර්ගයේ යන්න වෙලාවක් තියෙනවාද? අත්හරින්න කියලා සිවුරු දරාගෙන, දැන් කරන්නේ අල්ලා ගැනීමයි. මේ අයගෙන් බණ අහන අයත් ඉන්නේ ද්වේෂයෙන්, වෛරයෙන් සහ මෝහයෙන්.
ගොම්බෙටි ගන්න එනකොටම මට හිතුණා හරක් පට්ටියේ කඩුල්ල ඇරලයි කියලා.
හොරු පන්නා දමන්න එක්වෙමු.