IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලෝක කුසලානයේ රිදි ජූබිලය සමරයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර වසර 25ක් සපිරීම නිමිත්තෙන් හම කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ශූරයින් ඇගයීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (17) පැවැත්විණි.

අග්‍රාමාත්‍ය කාර්යාලය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම ජාතික සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

1996 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) ක්‍රිකට් ශූරයන්ට පිරිනැමූ පදක්කම් මෙතරම් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තබා තිබූ අතර ඒවා ක්‍රිකට් ශූරයන් අතට පත්කරමින් ඔවුන් වෙත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සිදුකෙරිණි.

ලෝක කුසලාන විජයග්‍රහණයේ 25වන සංවත්සර සැමරුම වෙනුවෙන් එළිදැක්වූ QR කේතය සහිත පළමු සැමරුම් මුුද්දරය හා විශේෂ සමරු කවරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිරිනමන ලද අතර එතුමා විසින් අග්‍රාමාත්‍යතුමාට සහ 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතාට එය පිළිගැන්වීය.

‍ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ‍‍අරවින්ද ද සිල්වා, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර ධර්මසේන, උපුල් චන්දන, මාවන් අතපත්තු ඇතුළු ක්‍රීඩයකින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (9)

ලෝක කුසලානයේ රිදි ජූබිලය සමරයි

Bamunuarachchi Wednesday, 17 March 2021 12:16 PM

ගහන ගහන මැච් එක පැරදිලා... දිනන එක මැච් එක උඩ දදා සමරනවා. ලෝක කුසලාන හතර පස් වතාවක් ගත්ත අය කීවෙනි තරඟයද සමරන්නේ දන්නේ නැහැ.

:       41       23

rane Wednesday, 17 March 2021 06:50 PM

මොන මගුලකටද එස්.බී ඔතනට ගෙනාවේ..? මිනිහාට දැන් යන්න එන්න තැනක් නැහැ වගේ....

:       0       3

Ranjith Wednesday, 17 March 2021 08:13 PM

"චී චී බේබි" මොනවද ඔතන කරන්නේ...?

:       0       14

Kumara Wednesday, 17 March 2021 08:15 PM

සමරන එක නම් හොඳයි. හැබැයි ඕක සමර සමර තව අවුරුදු කීයක් ඉන්න වෙයිද දන්නේ නෑ.

:       0       2

Ashad Wednesday, 17 March 2021 08:18 PM

සුමතිපාල මොකද ඔතන..?

:       0       32

kumarage Thursday, 18 March 2021 04:26 AM

මාර විකාරයක්නේ... එහෙම ගියොත් ඉන්දියාවට, එංගලන්තයට, පාකිස්තානයට සමර සමරම තමයි ඉන්න වෙන්නේ. හොඳ වෙලාවට එකක් දිනුවේ...

:       0       2

wedage Thursday, 18 March 2021 04:58 AM

මොකෝ අර පින්සිරි කෙනෙක් පිටුපස සිටගෙන වීරයා වගේ ඉන්නේ..?

:       0       1

LIYA Thursday, 18 March 2021 05:24 AM

මතක හැටියට 2004, ලෝක කුසලානය ඉන්දියාවට වික්කේ මේ දේශපාලුවන්ම තමයි. ලැජ්ජයි.

:       0       2

BamunuarachchiThursday, 18 March 2021 06:33 AM

ඔයිට වඩා නරකද මෙතන බයිලා ටිකක් කිව්වොත්...?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site