IMG-LOGO

බස් අනතුරින් 14ක් මරුට: 32කට තුවාල

(ඉන්දිකා රාමනායක, ලුණගල ප්‍රසන්න පද්මසිරි,නිශාන්ත කුමාර,)

මොනරාගල - බදුල්ල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී අද අලුයම පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 13 ක් මියගොස් තවත් 32ක් තුවාල ලබ ඇතැයි පස්සර පොලිසිය කියයි.


ලුණුගල සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමන් එහි ගමන්ගත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

 

 



අදහස් (17)

බස් අනතුරින් 14ක් මරුට: 32කට තුවාල

Gayani SugathDasa Saturday, 20 March 2021 05:07 AM

ඉතාමත් කණගාටුයි. සාමයේ සැතපේවා...!!! 

:       2       46

NMSaturday, 20 March 2021 04:12 PM

මෙම අනතුර සම්බන්ධව වගකිවයුතු පාර්ශව කිහිපයක් ඇත. මහාමාර්ග දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය, පොලිසිය, එම ප්‍රදේශයේ සිටින වගකිවයුතු දේශපාලකයන් සහ විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාව සහ එහි දේශපාලකයන් මෙයට මූලිකව වගකිව යුතුවේ. මොනරාගල - බදුල්ල මාර්ගයේ මෙම මාර්ගයට ගලක් පෙරලී මාර්ගය අවහිර වූ විට එම අවහිරතාවය පැය 24ක් ඇතුළත ඉවත් නොකිරීම සම්බන්ධ වගකිවයුතු සියලු දෙනා වැඩතහනමකට ලක්කොට පූර්ණ පරීක්ෂණයක් කළයුතුවේ. ඔවුන් මෙම අවහිරය පැය 24ක් ඇතුළත නිවැරදි කර තිබ්බෙ නම් ජීවිත ගණනාවක් නැතිවීම සහ පවුල් ගණනාවක් මේ නිසා අසරණ වීම වැළැක්වීමට තිබුණි. රියදුරුගේ නොසැලකිලිමත් බවට වඩා රජයේ ප්‍රාදේශීය ආයතනවල මන්දගාමී බව නිසා මෙම අනතුර සිදුව ඇත. මෙවැනි අවස්ථාවකදී මාර්ගයේ අවහිරය තිබෙන ස්ථානයට මීටර 200- 300 කින් පමණ වේගය අඩුකිරීමේ පුවරු දැමීමට හෝ මාර්ග බාධක දමා වේගය අඩුකිරීමට නොසලකා හැර ඇත. බාධකය තිබෙන තැන පමණක් මාර්ග බාධක දැමීම නොදියුණු ක්‍රියාවකි. දුර සිට බාධක සහ පුවරු තිබ්බා නම් රියදුරු බසයේ වේගය අඩු කෙරෙනු ඇත. ලංකාවේ මහා මාර්ගවල ධාවනය වන සියලු මගී බස්රථවල ධාවන තත්වය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කළයුතුවේ.

:       0       0

Rata Perata Saturday, 20 March 2021 08:21 AM

බැංකු, සීනි මංකොල්ල කන්න දුන්න සල්ලිවලින් ලංකාවෙම මාර්ග ආරක්ෂක වැටවල් දාන්න තිබුණා.. ඒත් අපේ දේශපාලකයින් කවදාවත් ජනතාව ගැන හිතුවේ නැහැ. ඒත් ජනතාව නම් කන්න නැති වුණත් හොරුන්ටම කඹුරනවා.

:       19       104

podi malliSaturday, 20 March 2021 04:23 PM

පාරේ වෙන අනතුරු වලටත් දේශපාලනේ ගාවන පිස්සන් ඉන්න රටක් මේක. දැන් ඔතන අවුරුදු ගාණක් වැටවල් නෑ. එහෙම අනතුරු වුණාද? තව ඔහොම තැන් තියනවා කඩුගන්නාව පල්ලමේත්.. මේ බස් එකේ එලවන මොඩයා එන්නේ වගේ වගක් නැතුව.. ලොරිය නවත්තලා තියෙන කොටත් එන්නේ වේගෙන්.. බ්රේක් ගහන්න වුවමනාවක්වත් නෑ. අනික ඔය දුර බස්වල වැඩකරන ගොඩක් දෙනා අඩු වයසේ කොල්ලෝ... බුලත් විටක් කාගෙන, කන පැලෙන්න සින්දු දාගෙන තනි අතෙන් බස් එක එළවන් යන උණකාරයන්.. එක කකුලක් ගියර් පෙට්ටිය උඩ තියාගෙන බස් එලවන්නේ.. කිසි වගකීමක් නෑ... මේවා තමා හොයන්න ඕනේ.. වගකීමෙන් තොරව රිය පැදෙව්වා කියලා CCTV එකෙන්ම පේනවනේ...

:       0       0

Raveendra Saturday, 20 March 2021 08:27 AM

පව් අසරණ මගීන්... අනතුරෙන් මියගිය සැමට නිවන් සුව අත්වේවා...!!! තුවාල ලැබූ සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

:       1       82

MISHAL-MATARA Saturday, 20 March 2021 10:04 AM

කව්ද කිව්වේ..? බස් වල යන්න පුළුවන් හරි අඩක් කියලා.. නැත්නම් නීතිය ක්‍රියාත්මක කරනවා. කාටවත් "සර්" එක්ක සෙල්ලම් බෑ. ඉතාමත් කණගාටුයි. සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

:       14       41

විපරමා Saturday, 20 March 2021 10:48 AM

පව්, අහිංසක මිනිස්සුන්ටනේ මෙහෙම වෙන්නේ? රට කන දූෂිතයින්ට කිසිම අවුලක් නැති හැටි...

:       9       30

Wca Saturday, 20 March 2021 11:10 AM

Cctv වලින් දැක්ක විදිහට රියදුරු ඕනෑම තැනකින් කිසිම අවුලක් නැතිව දාන්න පුලුවන් කියන අධි මානසිකත්වය නිසා වූ දෙයක් කියලා පේනවා. එතන පාර පටු තැනක් වගෙම ඉදිරිපසින් ආපු ලොරිය යනකල්වත් ඉන්න බැරි හාදයෙක් තමයි රියදුරු විදිහට හිටියේ කියලා පේනවා. මියගිය අයට නිවන් සුව අත්වේවා...!!! තුවාල වූ අය ඉක්මණටම සුවපත් වේවා...!!! 

:       3       29

kamal Saturday, 20 March 2021 11:17 AM

මොකක්ද මේ රටේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? හැමදේටම තදියම... ඔය පටු පාරේ බස් එක මඳක් හෙමින් ධාවනය වුණා නම් අද මේ ජීවිත බේරිලා නේද? හැම මාර්ග අනතුරකටම පොලිසිය වගකිව යුතු නැහැ. මෙවැනි අනතුරුවල වගකීම රියදුරන් දැරිය යුතුයි.

:       2       26

hesaSunday, 21 March 2021 12:13 PM

ත්‍රීවීල්, යතුරුපැදි, මෝටර් රථ, ඇතුළුව සිදු වූ සෑම මාර්ග අනතුරු රියදුරන්ගේ අධික වේගයත්, නොසැලකිල්ලත් නිසාවෙන්.. ඔවුන් නෙවද මේ ඡීවිත වලට වගකිව යුත්තේ.. නමුත්, එවන් රියදුරන්ම නේද, ඊට දෙන දැඩි දඞුවම් නියෝග වලට විරෝධය දැක්වීමට, උද්ඝෝෂණ කිරීමට පාර බහින්නේ.. ඡීවිතක්ෂයට පත්වූවනට නිවන් සුවය ලැබේවා! තුවාල ලැබූ සැම ඉක්මන් සුවය ලැබේවා!

:       0       2

Nihal Saturday, 20 March 2021 11:53 AM

මතු කිසිම භවයක මේ රටේ නොඉපදේවා...!!!

:       7       34

banda Saturday, 20 March 2021 01:01 PM

ඉවසීමක් නැති රියදුරන් නිසා සිදුවූ මහා විපතක්.

:       1       27

CHANDA Saturday, 20 March 2021 01:35 PM

ලොරි කාරයත් එක පාරට නවත්තන එකෙන් කැත වැඩක් තමයි කරන්නේ.

:       14       7

Akila Saturday, 20 March 2021 02:17 PM

මෙතැන අනතුරට ප්‍රධානම හේතුව ඒ තැන මාර්ගයේ තිබූ අනාරක්ෂිත බව, ප්‍රදේශවාසීන් මාස 6ක් තිස්සේ ඉල්ලීම් කරලා තිබ්බත් අනතුරක් වෙන්න කලින් ඒ ගැන ගණනකටවත් නොගත්ත මාර්ග සංවර්ධන අධිකාරියේ වගකිවයුතු නිලධාරින් සියල්ලන්ටම දඬුවම් දිය යුතුයි..

:       0       0

sampath Saturday, 20 March 2021 05:31 PM

මාර්ග නඩත්තු කරන ආයතනය මේ වගේ පටුතැනක බැරියර් දාන්න තිබුණු බස් රියදුරුට ඒ වෙලාවේ කරන්න කිසිම දෙයක් නැහැ. මොනවා කළත් පෙරළෙනවා. පාර කැඩිලා තිබුණේ. ඒක පැහැදිලිව පේනවා. මේවගේ පාරවල් වලට වැටක් දැම්මත් වැඩක් නැහැ. අධික වේගයෙන් එන නිසා ලංකාවේ මගමරුවන් බිලිගන්න ජීවිත ගණන ත්‍රස්තවාදීන් මරාදැමූ ප්‍රමාණයට වඩා වැඩිවෙයි ...

:       0       0

pramod Sunday, 21 March 2021 06:57 AM

රියදුරන්ගේ මෙන්ම මාර්ග ප්‍රතිසංස්කරණ හා නඩත්තු ආයතනත් මේ සිදුවීමට වගකිව යුතුයි.. මේ ස්ථානයේ මාරගය අවහිර කරමින් කඩා වැටී ඇති විශාල ගල් කොටස මාස 6ක් යනතුරුත් ඉවත් නොකිරීම සහ උචිත රථවාහන හැසිරවීමේ ක්‍රමවේදයක් නොමැති වීමත් යන කරුණුද මේ අවාසනාවන්ත සිදුවීමට බලපා ඇත...

:       0       0

Marikkar Sunday, 21 March 2021 07:24 AM

රියදුරන්ලා දෙන්නම වැරැදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 569 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1001 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site