
(ප්‍රියාණි මංගලිකා )
දැයක් අවදි කල ගංගොඩවිල සෝම හිමි 17 වන ගුණ සමරුව වෙනුවෙන්, කොටවෙහෙර " සදහම් සෙවන " විහාර බිම ආශ්‍රිතව ඛෙහෙත් නෙල්ලි ඔසු උයනක් ආරම්භ කිරීම විහාරාධිපති මහමිතව පඤ්ඤාරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) දහවල් සිදු කෙරිණි.
සදහම් සෙවන විහාරාධිපති මහමිතව පඤ්ඤාරතන හිමියන්ගේ විහාරස්ථානයෙන් අරඹන "හුස්ම දෙන තුරු" රුක් රෝපන වැඩසටහන වර්ණවත් කරමින්, සෝම හිමි ගුණ සමරුව මේ අයුරින් සැමරිණි.
සෑම සුවිශේෂී අවස්ථාවකම මිහිමවට ගසක් තිළිණ කිරීමේ වටිනාකම දරුවන්ට කියා දෙමින් , ප්‍රදේශයේ කුඩා දූ දරුවන් රැසකගේද සහභාගිත්වයෙන් ,විහාරස්ථ දායක දායිකාවන් සහ ප්‍රදේශවාසීන්ද එක්ව විහාරාධිපති මහමිතව පඤ්ඤාරතන හිමියන් බෙහෙත් නෙල්ලි උයනේ පැල රෝපනය කිරීම සිදු කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සත්කාරයට සහබාගිවු සැමට යහපතක්ම වේවා...!!!