IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැස්සාම යටවෙන පාලවිය සිංහල මහා විද්‍යාලය

 


 
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
මහ වැසිත් සමග ගලා එන ජල කද පාසල් භුමියෙන් පිටතට යාමට නිසි ක්‍රම වේදයන් නොමැති කමින් පුත්තලම පාලවිය සිංහල මහා

විද්‍යාලයේ දරුවන්ට මේ වන විට තම ක්‍රීඩා කටයුතු සේම පාසල තුළ රැදි සිටිමටද නොහැකි වි තිබේ.

දරුවන් 850  කට ආසන්න සංඛ්‍යාවක් අකුරු කරන පාලවිය සිංහල මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙයි.

මෙම පාසලේ දරුවන්ගේ මව් පියන් දැඩි ආර්ථික අපහසුතා රැසක් මැද තම දරුවන් පාසලට එවිම සිදුවන්නේ නිසි අධ්‍යාපනය ලබා දිමේ අරමුණින් උවද මේ වන විට එම වාතාවර්ණය පාසල තුළ නොමැති බව දෙමාපියන් පවසයි.

සෑම මහ වැස්සකින් පසුවම පාසල් භුමිය සම්පුර්ණයෙන් ජලයෙන් පිරි යන බවත් එය බැස යාම නිසි ලෙස සිදු නොවිම හේතුවෙන් මැසි මදුරු කරදරයද බරපතල වි ඇති බව කියයි.

සිසු දරුවන්ගේ මව් පියන් පවසන්නේ මේ වන විට පාසල් භුමිය තුළ වැසි ජලය පිරි තිබිම නිසා කැසිකිලි වැසකිලි පවා උතුරා යමින් ඇති බවයි .

ඒ සමගම වැසි ජලය පාසල් භුමිය පුරා සති ගනනක් රැදි තිබිම නිසා පාසල් භුමියේ සෙවනට ඇති ගස් පවා මුල් බුරුල් වි වැ‍ටි ඇති බවයි.

පාසලේ දරුවන් පවසන්නේ වැසි දිනවල පාසල් භුමියේ පිරි යන ජලය හේතුවෙන් පාසල් භුමිය තුළ ගමන් කිරිම පවා නොහැකි ලෙස සෑම තැනකම මඩ ගොහොරුක් බවට පත්වන බවයි .

දරුවන්ට අධ්‍යාපනය සේම ක්‍රීඩාවද අවශ්‍ය උවද පාලවිය විද්‍යාලයේ දරුවන්ට මේ  වන විට ක්‍රීඩාව සම්පුර්ණයෙන් අහිමි කර ඇත්තේ වගකිව යුතු බළධාරින් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම නිසා බව දෙමාපියන් පවසයි.

පාසලේ දරුවන් සේම දෙමාපියන් බළධාරින්ගේ ඉල්ලා සිටින්නේ පාසල් භුමිය දරුවන්ට නිදහසේ අවහිරයකින් තොරව රැදි සිටිමේ වටපිටාව නිර්මාණය කරදෙන ලෙසය.

මේ පිළිබදව කල විමසිමේදි පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලියු .පී.එස් .කේ .වි‍ජේසිංහ මහතාගෙන් මෙම දරුවන් පත්ව ඇති අසිරුතාවය පිළිබදව කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.

“ ඇත්තටම කාලයක සිටයි මේ තත්වය බලපා තිබේන්නේ අපි මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විම් වලදි දන්වා තිබේනවා අදාල කටයුතු කර දෙන ලෙසට .

නමුත් තවම මේ පිළිබදව නිසි පිළිතුරක් ලැබි නැහැ .ඒ නිසා අපිත් බරපතල ගැටළුවකට මුහුණ දි තිබෙනවා .

ඇත්තටම මේ දරුවන් වැසි කාලවලදී ලොකු ගැටළුවක මුහුණ පාන එක ඇත්ත තත්වයක් . අපි පුළුවන් තරම් ඉක්මනට මේ සදහා අදාල පිළිතුරු ලබා දෙන්න කටයුතු කරනවා යැයි ඔහු පවසයි. 



අදහස් (2)

වැස්සාම යටවෙන පාලවිය සිංහල මහා විද්‍යාලය

Lalith Kumarasinghe Saturday, 12 December 2020 01:18 AM

මේ පාසලේ ඉගෙන ගන්න ළමයි මෙවැනි අත්දැකීමක් ලබන බව ඇත්ත. මොකද මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා ඒ අය විඳින අපහසුතාවය... විභාගයකදී ගන්න ලකුණු මට්ටම දිස්ත්‍රික්කයටම පොදු වෙනවා නම් පාසලේ අනෙක් දේවල් පොදු නොවන්නේ ඇයි..? නිසි අධ්‍යාපනයකට කායික මානසික සුවතාව බොහෝම වැදගත්, බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුකර මෙම ගැටලුව නිරාකරණය කර දෙන්නේ නම් පාසල තුළින් ඉහළ දක්ෂතා පෙන්වන්නට හැකි මල් කැකුළු බොහොමයක් විකසිත වනු ඇත.

:       0       14

ඇන්ටන් Saturday, 12 December 2020 05:15 AM

සිංහළයනි, අපේකම පෙන්වමු. ඔබලා දැකලා නැතිවුණාට. මුහුණු පොතේ දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය ඒ අයගේ පැති අරන් වැඩ... අපිත් අපේ සිංහල පාසල් හදමු . එක්වෙමු සිහලුනි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site