IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී දළදා මාලිගාවේදී අලුත් සහල් මංගල්‍ය පවත්වයි

(පී.එම්. රාජපක්ෂ)

මහනුවර ශ්‍රී දළදා මාලිගාව  වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් එකක් වන අලුත් සහල් මංගල්‍යය  දුරුතු පුන් පොහෝ දිනය යෙදුණු අද (28)  ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකෙරිණි.

අලුත් සහලින් පිසූ කිරිබත් දළදා සමිඳුන් අභියස දී පූජා කිරීමෙන් ගොවිතැන් කටයුතු සශ්‍රික වී රටට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනා කිරීම අලුත් සහල් මංග්‍යය පැවත්වීමේ අරමුණ වේ.

මෙම පූජාව වෙනුවෙන් කෙත් වතුවලින් නෙළා ගත් සාරවත් වී අස්වැන්නේ සහලේ අග්‍ර කොටස  ශ්‍රී  දළදා  මාලිගාව  හා  සිව්  මහා දේවාලවල කොටස් ලෙස වෙන් කිරීම පුරාතන සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව කුණ්ඩසාලේ, පල්ලේකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුව අසළ දී සිදු කෙරිණි.

ඉන්පසු වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත  ඇතුන් පිරිවරා ගත් පෙරහරින් සහල් රැගෙන ඒම සිදු කෙරිණි.

අස්ගිරි මල්වතු මහනාහිමියන්ගේ අනුශාසනා පරිදි තේවාව භාරව කටයුතු කරන මහා සංඝරත්නය සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් කාරියකරවන කෝරාළ ඇතුළු සෙසු රාජකාරි නිරතවන්නන් අතින් මේ පුරාතන චාරිත්‍රය මෙවරත් ඉටු කෙරිණී.



අදහස් (0)

ශ්‍රී දළදා මාලිගාවේදී අලුත් සහල් මංගල්‍ය පවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 715 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17942 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 768 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site