
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනාවෙන් ආරක්ෂා වීම සඳහා ඉදිරියේදී ලබාදීමට නියමිත ඔක්ස්ෆර්ඩ් සෙනාකා එන්නත දීම සම්බන්ධයෙන් පෙරහුරුවක් අද (23) පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මීට සමගාමීව පිළියන්දල දිසා රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ දී ද මෙම වැඩසටහන පැවැත්වුණි.
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 50 දෙනෙකුට ආසන්න පිරිසක් තෝරාගෙන මෙම පෙරහුරුව කළ බවත් ඉදිරියේදී ප්‍රජා දායකත්වය ලබාගෙන මෙම වැඩසටහන දියත් කිරීමට නියමිත බවත්, එන්නත දීමේදී නිර්ණායක හා මාර්ගෝපදේශ හඳුනා ගැනීම සඳහා වූ පූර්ව සූදානමක් ලෙස මෙම පෙරහුරුව කළ බවත් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
මෙහිදී සමාජ දුරස්ථභාවය , මුඛආවරණ පැළඳීම, දෑත් පිරිසුදු කිරීම ඇතුළු ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුගතවෙමින් එම පෙරහුරු වැඩසටහන පැවැත්වුණි .
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සුෂී පෙරෙරා මහත්මිය, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාක් ද සිල්වා ඇතුළු නිලධාරිහු සහභාගී වී සිටියහ.






(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර සූදානම කළමනාකරණයේ යතුරයි. අපේ සෞඛ්‍ය සහ ආරක්ෂක බලමුළුවේ මෙම මැරතන් ධාවනය සාම්ප්‍රදායික කි.මී .42.195ට වඩා දුර ගියා වූ ගව්වෙන් ගව්වද ඉක්මවන සුලු අජානීය අශ්වයාද පරයා දිවෙන්නා වූ අපමණ දුක්ඛ දෝමනස්සයන්ද ඉවසමින් කෙරෙන්නාවූ මේ සා උත්කෘෂ්ඨ මෙහෙවරට කඩවර ශක්තිය ලැබේවා!!! යි ආශිර්වාද කරමු...