







(ඩික්සන් වසන්ත)
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති කාන්තා දින සැමරුම් උත්සවයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම කාන්තාවන් වන අමරා පියසීලි රත්නායක සහ සුනේත්‍රා රණසිංහ යන මහත්මීන් ඇගයීමට ලක් කෙරිණි.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුනේත්‍රා රණසිංහ මහත්මිය වෙත සමරු සිහිවටනයක් පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා රැස්ව සිටි පිරිස ඇමතු අතර එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැබිනි කාන්තාවන්ට පෝෂණ මල්ලක් බැගින් ප්‍රදානය කළේය.
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති කාන්තා දින සැමරුම් උත්සවට පෙර කාන්තාවෝ රජයට එරෙහිව විරෝධතාවයක නිරතවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපි කාන්තා දිනය වෙනමම සමරනවා ඈ... නොදකින් එ්කත් දේශපාලනය කරගෙන තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගන්න තටමන තැටමිල්ල. මෝඩ වැඩ... !!!
නොහැකියාවෙන් පෙළෙන අයගෙන් සත්කාර ලැබුවාට ඵලක් නැහැ. ඔය උදවිය කළේ රට අගාධයට අරගෙන යාමයි.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර 50කට අධික දේශපාලන කාලයේ සහ වසර 43ක පාර්ලිමේන්තුව නියෝජනය කළ කාලයේදී රටේ ජනතාවට නොතේරුණු එතුමාගේ වටිනාකම සහ දක්ෂ රාජ්‍ය කළමනාකරණය එතුමා පාර්ලිමේන්තුවේ නොමැති මාස 18ක කාලය තුළදී රටේ ජනතාවට තේරුම් ගොස් තිබේ. එක්සත් ජාතික පක්ෂය සහ එතුමා පරාජය ලැබූවද වර්තමාන දේශපාලන ක්‍රමවේදය තුළ එය ජයග්‍රහණයක් මිස පරාජයක් නොවේ. මේ වනවිට රටක් වශයෙන් අප මුහුණදී තිබෙනුයේ සියලු ජාතීන් සමග එක්ව ලංකාවේ සමස්ත දේශපාලන ක්‍රමවේදයේ අලුත් ගමනක් සඳහා පසුබිම ඇතිකරනවද එසේ නැතහොත් සාම්ප්‍රදායානුකූල දේශපාලන ක්‍රමය ඉදිරියට ගෙන යනවද කියන්නා වූ සංධිස්ථානයට වේ. වෙනසක් සඳහා පසුබිම සකස් වෙමින් තිබේ. ජනතාවගේ ඉල්ලීමක් මේ වනවිට මතුවෙමින් තිබේ. එයට නායකත්වය ලබාදිය යුතුවන්නේ එක්සත් ජාතික පක්ෂය වේ.
තමන්ට හිමි පාර්ලිමේන්තු ආසනේට කෙනෙක් පත්කරගන්න බැරි පක්ෂය ගැන තවත් මොන කතාද? ඔහොම්ම මැදමුදනට යන්න...
තවත් අසරණයින්ට පිහිට...
රැල්ල හැදෙනවා වගේ ඒ පැත්තට...
ඔක්කොම දේශපාලනීකරණය වෙලා. කවදා මේ රට හැදෙයිද මන්දා..?
ඔය ඔක්කොම පෝෂණ මල්ල ගන්න ආපු කට්ටිය..