
(කුෂාන් ජයවර්ධන)
කලාවැව ජාතික උද්‍යානයේ තේජවන්තයා ලෙසින් විරුධාවලි ලත් රේවත හස්ථියා කැකිරාව අලියාවැටුණු වැව ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස මරැමුවට පත්ව තිබේ.
රේවත හස්ථියාගේ මළ සිරුර කැකිරාව අලියාවැටුණුවැව ප්‍රදේශයේ වගා බිමක වැටී තිබියදී ගනේවල්පොල වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් අද (09) පෙරවරුවේ සොයාගෙන තිබිණ.
ආහාර සොයා යනෙන අතරතුරදී අද අලුයම් කාලයේ රේවත මෙලෙස හදිසියේ අනතුරට ලක්ව මිය යන්නට ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. පෞද්ගලිකව ඉදිකළ විදුලි වැටකින් විදුලි සැරවැදීමකින් රේවත මෙලෙස මිය ගොස් ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
මියගිය රේවතගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් පවත්වා තිබූ අතර විදුලිසැර වැදිමෙන් එම ඇතා මිය ගොස් ඇති බව එහිදී අනාවරණය වී තිබේ. මිය ගොස් ඇත්තේ රේවත හස්ථියා බවට එහිදී වනජීවී නිලධාරීන් විසින් හදුනාගනු ලැබ තිබේ.
මිය ගිය රේවත ඇතුන් 23 ක් පමණ වූ කලා වැව ඇත්පංතියේ සිටි සංචාරක ආකර්ශනය ඉහළින්ම දිනාගත් ඇතෙකි. කලාවැවේ තේජවන්තයා ලෙස විරුදාවලිය ළත් එම ඇතාගේ දඩබ්බර ගතිගුණ සංචාරකයන්ගේ වඩාත් ආකර්ශයට හේතුවී තිබිණ.
මිය ගිය රේවත උස අඩි 09 ක් පමණ වන වයස අවුරුදු 45 ක් පමණ වන ඇතෙකි. අඩි තුනහමාරක පමණ දළයුගයකටද මියගිය රේවත හිමිකම් කීය. කලාවැව හා රිටිගල යන ප්‍රදේශවල දී රේවත වැඩි වශයෙන් සංචාරකයන්ට දැක ගැනීමට හැකිවිය.
රේවත හස්ථියාගේ එම ඝාතනය සම්බන්ධයෙන් සිද්දිය සම්බන්ධයෙන් දැනට පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව අලියාවැටුනු වැව ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවේ පසුවන ඔහු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගනේවල්පොල වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීහු පවසති.
ගනේව්ලලොග වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරති.


(ඡායාරූප - කුෂාන් ජයවර්ධන)


(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රේවත හස්තියාත් අලියාවැටුණු වැවේදී මරුට
Ruhunu Tuesday, 09 March 2021 12:45 PM
මේ වගේ මිනිස්සු අලියෙකුටම කියලා පාගලා මරවන්න ඕනෑ.
chithral Tuesday, 09 March 2021 12:55 PM
මේ වන සතුන් මරා දමන අමනයින්ට හෙන හතම වැදියන්..!!!
රජින්ද Wednesday, 10 March 2021 12:43 AM
කැලෑ ටික එක එක්කෙනාට ඕනෑ විදිහට හසුරවන්න. පදිංචි වෙන්න ඉඩදීලා වන සතුන් ගැන කිසිම අගයක්, සංරක්‍ෂණයක් කරන්නේ නැහැ. අපි මේ ආණ්ඩුව ගැන පුදුම බලාපොරොත්තු තියාගෙන උන්නේ... දැන් ඒ හැමදේම විනාශ වෙමින් යනවා.
Ajantha Wednesday, 10 March 2021 02:24 AM
අලි ඇමැති නිදිද දන්නේ නැහැ..?
Rasika Wednesday, 10 March 2021 08:26 AM
තව කියියක් මැරෙනකම් ඉන්නවද.?
Asiri Wednesday, 10 March 2021 12:31 PM
අවශේෂ කැලෑවල වගාකරන්න දුන්නාම ඉතුරු අලි ටිකත් ඉවර කරගන්න පුළුවන් වෙයි.
chinthana Thursday, 11 March 2021 06:28 AM
අලියා වැටුණු වැවේදී අලියා වැටුණා. ගමේ නම ගැලපෙනවා.
duminda Thursday, 11 March 2021 08:41 AM
අලියෙක් මළාම මක්වෙනවද?