IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලග්ගල හේන්වල කුරහන් බරු බැහැලා


 
(කාංචන කුමාර ආරියදාස)
 
මාතලේ දිස්ත්‍රික් ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල කුරක්කන් අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමඟ කුරක්කන් මිල කිලෝවක් රුපියල්  150  කින් පහළ වැටී ඇතැයි ගොවීහු කියති.

ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුරක්කන් හේන් වගාව මෙවර ඉතා සාර්ථකව වැඩි අස්වැන්නක් ලැබෙමින් පවතින බවද ගොවීහු පෙන්වා දෙති.

ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශවල කුරක්කන් බඩඉරිඟු ආදී හේන් වගාව සඳහා තවමත් ප්‍රසිද්ධව  පවතින අතර අහස් දියෙන් මෙම හේන් වගා බොහෝමයක් සිදුකරයි.

මේ දිනවල විල්ගමුව ප්‍රදේශයේ හේන් වල බඩඉරිඟු අස්වැන්න මෙන්ම කුරක්කන් අස්වැන්න ද නෙළන අතර ඔවුන් කියාසිටින්නේ අස්වැන්න නෙළීමට පෙර රුපියල් 500 ත් 550 ත් අතර මිලකට ගොවීන්ගෙන් මිලදී ගත් බවය. එහෙත් අස්වනු නෙළීම ආරම්භ කිරීමත් සමඟ එය රුපියල් රුපියල් 300 පමණ පහත වැටී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

එමෙන්ම කුරක්කන් අස්වැන්න නෙළා ඒවා කුරහන් ඇට බවට පත් කිරීමට විශාල  වෙහෙස මහන්සියක් ගොවීන් දරන බවත්, අස්වැන්න නෙලා ගැනීම අවසන් වනතුරුම හේන්වලට වී වන අලින්ගෙන් සහ වන සතුන්ගෙන් තම වගාවන් බේරා ගැනීම සඳහා ද විශාල කැප කිරීමක් කරන බව ලග්ගල විල්ගමුව ගොවීහු පෙන්වා දෙති.

ලග්ගල අබන ප්‍රදේශයේ ගොවියකු වූ වයි.එම්. සේන මහතා  තම ඉල්ලීම කවියකින් මෙලෙස ඉදිරිපත් කළේය.

ලග්ගල හේන්වල කුරහන් බරු  බැහැලා
අපි දැන් ගෙට ගන්නවා මලු   පුරවාලා
ඒවට හොද මිලක් දෙන්නට හිත  පල්ලා
ලග්ගල අහිංසක ගොවියෝ  රැකපල්ලා 



අදහස් (1)

ලග්ගල හේන්වල කුරහන් බරු බැහැලා

sharm warn Monday, 01 March 2021 09:38 AM

හරිම හිතපිරෙන දසුනක්... කුරක්කන් අඹරලා ඒ කෑම හදපු කාලේ මතක් වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site