
(සුජිත් හේවාජූලිගේ, ටී.කේ.ජී.කපිල )
චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සිනොෆාම් එන්නත් තොගය බාර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා අද (31) කටුනායකට ගියේය.
චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවේය.
කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේදී නිල වශයෙන් චීන තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් එම එන්නත් තොගය බාර දුන්නේය.
විශේෂිත ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කොට තිබෙන අතර , ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගුවන්තොටුපල ආනයන ස්ථාපිත කළ ශීතකරණවල ගබඩා කර තිබේ.
අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත වේද අංශයේ ගබඩා වෙත විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් රැගෙන යාමට නියමිතය.
මෙම එන්නත් තොගය බාර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු විශාල පිරිසක්ද ශ්‍රී ලංකාවේ චීන තානාපති ඇතුළු නිලධාරිහු පිරිසක් ද ,ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.





2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිනෝෆාම් එන්නත් බාර ගන්න ජනපති කටුනායකට