IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සුහුරු පන්ති කාමර හදන රටේ මේත් පන්ති කාමරයකි

(චන්දසේන ගමගේ)

වලස්මුල්ල  ‘රළුව’ ප්‍රාථමික විද්‍යාලයේ 05 වැනි වසරේ සිසුන් ඉගෙණුම ලබන පොල්අතු සෙවිලි කළ පංති කාමරය වෙනුවට නව ගොඩනැල්ලක් ලබා දෙන්නැයි ඉල්ලමින් මවුපියෝ පිරිසක් අද (22) දහවල් රළුව ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

2016 වසරේ සිට රළුව ප්‍රාථමික විද්‍යාලයට ගොඩනැගිල්ලක අවශ්‍යතාවයක් පවතින බවයි. අදාල බලධාරීන් දැනුම්වත් කළද ඊට විසදුමක් ලබා දෙන්නට ඔවුන් අසමත් වූ බවද දෙමාපියෝ පැවසූහ.

පස්වැනි වසරේ සිසුන් 20 දෙනකු අකුරු කරන්නේ මාව්පියන් විසින් ඉදිකරන ලද තාවකාලික පොල්අතු සෙවිලි කරන ලද ගොඩනැගිල්ලක බවත් එය වැසි දිනවලදී තෙමෙන බවත්  පවසති.

පාසල ඉදිරිපිට ට රැස් වූ මාපියන් හමුවට පැමිණි වීරකැටිය පොලිස් ස්ථානාධිපති කැළුම් සංගීත් මහතා දන්වා සිටියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 10 ක් වෙන්කර ඇති බවයි.



අදහස් (14)

සුහුරු පන්ති කාමර හදන රටේ මේත් පන්ති කාමරයකි

බද්රානි Thursday, 22 April 2021 10:39 AM

පින්තුර දකිද්දී මම හිතුවේ "ගම සමග පිළිසදරක්" වෙන්න ඇති කියලයි. ඇත්තෙන්ම කියනවා නම්, ළමයෙකුව ගහක් උඩට නග්ගවලා කෙලින් ප්‍රශ්නයක් අහන්න තරමට අපි අපේ රටේ අධ්‍යාපනය දියුණු කල යුතුයි. හා නැද්ද?

:       115       34

Raveendra Thursday, 22 April 2021 11:14 AM

සඳුන් වන වවන්න කලින් උතුමාණන් වලව්වේ මිදුලට බැහැලා පොඩ්ඩක් බැලුවා නම් ගමේ ප්‍රශ්න දැකගන්න තිබ්බා. ඒත් නන්දසේනයන්ට පේන්නේ සිංහරාජය මායිමේ ඇති ලංකාගම වැනි ගම්මානයන් විතරක්මය. අහෝ රජුත්, යුව රජුත් එගම වැසියන්ව මුලා කළ ඇති හැටි නම් අපූරුයි..

:       47       44

chandimaThursday, 22 April 2021 09:10 PM

මොකද උතුමාණන්ට විතරක් කියන්නේ? මහබැංකුව හොරාකාපු, රට බල්ලට ගියත් බලය අතට ගන්න චේතනාවෙන් ලංකාවේ යුද්ධය උඩුදුවන්න ඇරපු රුපියල් 5ට ගන්න තිබුණු ඩොලර් එක බල්ලට යන විදිහේ යුද්ධයක් රටට දායාද කරන්න දෙමළ මිනිස්සුන්ගේ දේපළ, වත්කම් කොල්ල කාලා පුස්තකාල ගිනිතියපු ඒ උත්තමයින්ටත් කිව්වා නම් නේද හොඳ?

:       4       33

KapilaFriday, 23 April 2021 08:07 AM

අතීතෙට බැන බැන ඉන්න, මෝඩ මිනිස්සු... ආණ්ඩු මාරු කරන්නේ ඒක නිසා නේද?

:       1       1

aseFriday, 23 April 2021 04:18 AM

රතු අත දුටුවම, එය සත්‍ය අදහස නම් අපේ රටට දළදා හිමි සරණ පමනැ සිතෙ .

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 22 April 2021 12:42 PM

" ඇත්තෝ කති බොති සුඛති කියනාවූ හරුපේ ... නැත්තෝ නිකං බලා සිටිති යන්නට ගැලපේ ... රළුව විදුහලේ පොල් අතු පැළක අපේ ... සිසු දරුවන් ශිල්ප දක්වයි නොමැති සැපේ ... "

:       8       3

sampath Thursday, 22 April 2021 01:53 PM

කාට හරි මේ රටේ ඇත්තටම හැදෙන්න ඕනනම් අධ්‍යාපනය දියුණූ කරන්න අනෙක් විච්චුරණ නවත්වන්න අවුරුදු 10 කින් රට ගොඩ ගන්න පුළුවන් හොඳම දේ දරුවන්ට කියන්න කියුබානු සංකල්පය යොදා ගන්න.

:       4       1

victor Thursday, 22 April 2021 06:47 PM

වැඩේ කියන්නේ පාසල් 02ටම එකම ප්‍රශ්න පත්‍රය දීම...

:       0       3

Demuni Uduwara Thursday, 22 April 2021 11:53 PM

පිපිලා පරවන සුවද කැකුලු මල් මදිරාව නොව පාර දිගේ පිපුණේ.

:       0       2

sana Friday, 23 April 2021 03:20 AM

මේ ඡායාරූප අනුව නම් මේ පාසැලේ අනෙකුත් ගොඩනැගිලි, බැම්ම ගේට්‍ටුව පවා හොඳ මට්ටමක තිබෙනවා. ඒත් මේ පන්ති කාමරයක් පැලක් ගහලා තියලා ඒකට ළමයි 20ක් දාලා කියන්නෙ මෙතන ප්‍රචාරයක් ගන්න කරන වැඩක් කියලා හොඳටම පේනවා. විදුහල්පති දන්නෙ නැද්ද තමන්ගේ පාසලට ගොඩනැගිල්ලක් හදන්න මුදල් අනුමත වෙලා කියලා. අනෙක කොහේ හෝ පාසලක පැලක් තියෙනවා කියලා අනෙක් පාසල්වල සුහුරු පන්ති කාමර හදන්න එපා නම් ලංකාවේ අධිවේගී මාර්ග හදන එක නවත්වන්න වෙනවා කොහේ හෝ තැනක ගුරු පාරක් තියෙනවා කියලා.

:       3       18

Rakitha Friday, 23 April 2021 03:53 AM

ටැබ් දෙන්න හදපු ආණ්ඩු තිබුණු රටක්

:       12       3

tdr Friday, 23 April 2021 04:32 AM

ඔය දේවල් කලින් ආණ්ඩුවට පෙනුනේ නැත්ද?

:       5       16

Dengu Nona Friday, 23 April 2021 06:14 AM

ටී.ඩී.ආර්.. ගේ කතාව මරුනේ... කලින් ආණ්ඩුවට පෙනුනේ නැතිනම් මේ ආණ්ඩුවටත් පේන්න ඕනෑ නැද්ද?

:       9       2

WimalFriday, 23 April 2021 08:31 AM

දේශපාලන වහල්ලු කියන්නේ ඒ අයට තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17826 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site