
(ඩයනා උදයංගනී)
ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, ධවල මන්දිරයේදී වෙසක් පුරපසළොස්වක පොහෝ දින පහන් දල්වා, ගිලන් පස සහ මල් බුදුරදුන්ට පූජා කර වෙසක් දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.
බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින් මෙම වෙසක් උත්සවය පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර දෙවැනි පෙළ ප්‍රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතාගේ සහ ථේරවාදී, මහායාන, සහ වජ්ද්‍රාසන බෞද්ධ නිකායන්හි භික්‍ෂූන් වහන්සේලාගේ ද සහභාගිත්වයෙනි.
උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති කටුගස්තොට උපරතන නා හිමියෝ ථේරවාදී බුදුදහම නියෝජනය කරමින් එම ඓතිහාසික අවස්ථාවට සහභාගි වූහ.
වෙසක් දින උත්සවය ආරම්භ කරමින්, ඩග්ලස් එම්හෝෆ් මහතා සහ එම අවස්ථාවට සහභාගි වූ පිරිස පහන් දල්වා බුදුන්ට පූජා කළහ.
මෙහිදී ඩග්ලස් එම්හෝෆ් මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ගේ වෙසක් දින පණිවුඩය ඉදිරිපත් කළේය.
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ, ප්‍රධාන උත්සවය ලෙස වසර 2500 ඉතිහාසය පුරා සමරනු ලබන වෙසක් දිනයේදී දයානුකම්පාව, නිහතමානී කම, පරාර්ථකාමීත්වය යන බුදුදහමේ හරය ලෝක ජනතාවට සිහිපත් කරන බව කී ඩග්ලස් එම්හෝෆ් මහතා මානව වර්ගයාගේ සුබ සිද්ධිය සඳහා බෞද්ධාගම මගින් මහඟු මෙහෙවරක් සිදුකරන බව ද කීවේය.
ධවල මන්දිරයේ පැවති වෙසක් දින උත්සවය ට ඇමරිකානු රාජ්‍ය ලේකම් ටෝනි බ්ලින්කන් මහතා ද සුබපැතුම් එක්කර තිබිණි.
කටුගස්තොට උපරතන නා හිමියන් මෙම උත්සවයේ දී අදහස් දැක්වමින් පැවසුවේ මුළු මහත් ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පැවැත්වීම ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු රජය ලෝකවාසී බෞද්ධ ජනතාව ට සිදුකළ ගෞරවයක් ලෙස සලකන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඳගෙන සිටින ආකාරය නම් සුදුසු නෑ.
ඔවුන් නිදහස්.. නමුත් අපි...!!!
ශ්රී ලංකා ආණ්ඩුව දන්නේ නැතිව ඇති. දැනගත්තා නම් මේ දූෂිත හොර, මිනීමරු, රට චීනාට පාවාදුන් ආණ්ඩුව බලයට පත්කරන්න මහජනතාව මුලාකරපු, චීවරධාරීන්ගේ (සුපෙක්ශාකාමි, සිල්වත් උතුම් බුද්ධ පුත්‍රයින්ට අපහාසයක් නොවේවා ) යවනවා. වාසනාවට එහෙම වුනේ නැහැ. වැරදිලාවත් මේ සෙට් එක එහෙ ගියානම් ඇමෙරිකන් ජනතාවත් රවටලා, ජෝ බයිඩන්වත් මුලාකරලා, අලි බොරුවක් කියලා ඩොලර් කෝටියක් විතර අරගෙන මෙහෙට පනිනවා.
ඇමෙරිකාවේ ධවල මන්දිරයේත් වෙසක් සමරනවා නම් සමහරවිට ඇමෙරිකන් තානාපති තුමිය මල්වතු, අස්ගිරි මහනායකව, පූජ්‍ය පක්ෂයට දානයක් දුන්නා නම් ප්‍රශ්නයක් නැහැනේ.. විදේශිකයින් බුදුදහම පිළිබඳ පැහැදීමක් තියෙනවා..
බයිඩන් කාරයා හෙට, අනිද්දා දිහාවට ලංකාවට ඇවිත් මහණ වෙන්නලු හදන්නේ.. මළ විකාර...!!!
ඔක්කොම හොරු... ජනතාව කළේ ඔවුන්ගෙන් සුදුසුම හොරු සෙට් එක තේරීම.
කතොලිකයින් කොපමණ ගුණගරුකද? තමන්ගේ රටේ වෙනත් ආගමක් අටවා අධිකරණ සංඝනායක කම්දී පන්සල් ඇති කිරීමට ඉඩදීම ගැන, ලංකාවේ සුදු පාලනය යටතේ නොවේ නම් පල්ලි ඇරඹීමට ඉඩදෙයිද..?
පක්ෂ දේශපාලනයෙන් අන්ධ වු කල සබුද්ධිකයාද අබුද්ධික වන බව ඔබගේ ප්කාරශයෙන් ඔබ ඔප්පු කර ඇත.
බුදු දහම ඇමරිකාවෙ පතුරවන්න ඕනෙ නෑ.බොහෝ ඇමරිකානුවන් ලංකාවෙ බෞද්ධ යැයි කියමින් සියලු පව් කරන බොදුනුවන්ට වඩා හොදබොදිනුවන්.ඔවුන්ට නිවන අපට වඩා ලගයි.
කුලියට අදහස් පලකරන වුන් තමයි මේ අබුද්ධික අදහස් දාන්නේ. උන්ට අනුකම්පා කලයුතුව ඇත.
කොරෝනා වෛරසය ලෝකයා අමතයි මෙතෙක් කල් මානවයා විසින් දියුණු කරනු ලැබූ ජීව ව්ද්‍යාවෙන් මා පිළිබඳව විමසීමේ දී වෛරසයක් යනු ජීවියෙක් දැයි එයට නිසි පිළිතුරක් තවම දී නැත. අජීවී දෙයක් දැයි විමසීමේ දී එයටද ඔවුන් තුළ එකඟතාවයක් නොමැත. එසේනම් මානවයා විසින් ජීව විද්‍යාත්මකව හෝ විද්‍යාත්මකව යමක් සොයගනු ලැබුවේ.. නම් ඒ සියල්ලම ස්වභාවදහමේ නිර්මාණයන්ය. ඒවා කෙසේ නිර්මාණය වී තිබේද එහි ක්‍රියාකාරීත්වය කෙසේද ආදී දෑ වෙනස්කොට මිනිසාට සිතැඟි පරිදි පරිහරණය කිරීමට මෙම විද්‍යාවන් ඔහු නිර්මාණය කර ඇත. එය හුදෙක් මිනිසාගේ පරාර්ථයට වඩා ආත්මාර්ථය පදනම් කරගත් බැවින් එම විද්‍යාවන් සියල්ලම මේ මොහොතේ මා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මානවයා ඇතුළු සියලුම තිරිසන් සත්ත්ව වර්ගයාට මෙන්ම ඇසට පෙනෙන නොපෙනෙන සෑම ජීව ප්‍රජාවකම මෙම මිහිතලය සොඳුරු වාසස්ථානයක් කර දී ඇතැත් දියුණු යැයිද මනසින් උසස් යැයිද සිතන මිනිසා විසින් අමනෝඥ හා ආත්මාර්ථයෙන් යුතුව දිනෙන් දින මිහිතලයේ මෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ ද ආධිපත්‍යය ගැනීමට වෙර වීරිය දරමින් සිටී. එතෙක් මෙතෙක් මේ අභ්‍යාවකාශයට මිනිසා විසින් මුදාහරින ලද කසළ ප්‍රමාණය ද සුළුපටු නැත.
එක කොල අතට රතු 20- 30 වැටීමෙ අරුමය කිමද ?
කොහොමද සර්ගේ වැඩ..? කාටද ආඩම්බර?