පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසම හුදකලා කරයි කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් අද (12) පස්වරු 6 සිට පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ 90 වත්ත හුදකලා කරන බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි 12 January 2021
පෝලන්ත ගුවන් සේවයේ සාමාජිකයකුට කොරෝනා පෝලන්ත ගුවන් සේවා කාර්යය මණ්ඩල සාමාජිකයකුට සහ කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ සේවකයකු ඇතුළු සිව් දෙනෙකුට අද (12) දින කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේය. 12 January 2021
එක්සත් ජනපද විමර්ශන කාර්යාංශයෙන් අනතුරු ඇඟවීම් ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් නුවර සහ එරට ජනපද 50 සෑම අගනගරයකම ආයුධ සන්නද්ධ විරෝධතා පැවැත්වීමට සැලැසුම් කර ඇතැයි එරට ෆෙඩරල් විමර්ශන ආයතනය වන එක්සත් ජනපද විමර්ශන කාර්යංශය අනතුරු අඟවයි. 12 January 2021
අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට අවසර ලබා නොගෙන ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි පොලිසිය විසින් අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. 12 January 2021
ඊටීඅයි අධ්‍යක්ෂකවරු මුදා නොහරින්නැයි නිහඬ විරෝධතාවයක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ඊ. ටී. අයි ෆීනෑන්ස් ලිමිටඞ් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක හේමාල් එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ, දීපා අජංලී එදිරිසිංහ සහ අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන ඇප මත මුදා නොහරින ලෙස ඉල්ලමින් එම තැන්පත්කරුවෝ අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවකට එක්ව සිටියහ. 12 January 2021
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ පැරැණි මාර්ග සොයයි මෙරට පැරණි මාර්ග පද්ධතිය සොයා පුළුල් පුරා විද්‍යා පර්යේෂණයක් සිදුකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැරසෙයි. 12 January 2021
හමුදා නිලධාරීහු මුව දඩයමේ යති වනජීවී නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමකදී ගෝනි දෙකක අසුරනු ලැබූ මූව මස් කිලෝ ග්‍රෑම් හැටකට ආසන්න ප්‍රමාණයක් සමඟ හමුදා නිලධාරීන් තිදෙනෙකු සහ ජීප් රථයක් සමඟ තණමල්විල දෙමළිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය. 12 January 2021
රුපියල යළිත් පල්ලමට ජනවාරි මුල් සතියේදී යම් ස්ථාවර මට්ටමක් පෙන්නුම් කළ රුපියලේ අගය නැවත වරක් පහළ ගොස් තිබේ. 12 January 2021
විදුලිජනක යන්ත්‍ර යැයි කියා කෝටි 5ක මෝටර් රථ පිටරටින් ගෙන්වලා විදුලිජනක යන්ත්‍ර කොටස් බව සඳහන් කරමින්, නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ආනයනය කර තිබු රුපියල් කෝටි 5කට අධික වටිනාකමින් යුතු මෝටර් රථ 12 ක් රේගු භාරයට ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂක රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 12 January 2021
මුතුරාජවෙල ගොල්ෆ් පිටිය හදන අධ්‍යයන වාර්තාවට අවසර මුතුරාජවෙල ගොල්ෆ් පිටියක් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර දී ඇතැයි එම අධිකාරිය දැනුම් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 12 January 2021
මහයතිවර සිව්නමකට අග්ගමහා පණ්ඩිත පදවි මියන්මාරයේ 73 වැනි නිදහස් සමරු උළෙල නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමකට හා එක් ගිහියෙකු ඇතුළු අට දෙනෙකුට ගෞරව සම්මාන ප්රදානය කීරිමට මියන්මාරයේ ජනාධිපතිවරයා තීරණය කර තිබේ. 12 January 2021
දමන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙනුර ප්‍රගීත් හෙට්ටිගමගේ (පොජපෙ) මහතාට සහ ඔහුගේ රියැදුරාට අහඹු ලෙස සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට අනුව කොවිඩ් - 19 කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව දමන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 12 January 2021
අජිත් ප්‍රසන්න නිදහස් කරන්නැයි රණවිරුවෝ වීදි බසිති රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා වහා නිදහස් කරන ලෙස ඉල්ලා අද (12 ) ආබාධිත රණවිරුවෝ පිරිසක් සීනිගම දේවාලය අසළ උද්ඝෝෂණයක නිරතවූහ. 12 January 2021
ව්‍යාජ රන් සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට රනින් සකසා ඇතැයි පවසා ව්‍යාජව සකස් කල (මරංචි) බෝල තොගයක් ගැණුම්කරුවන් රවටා අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් හය දෙනෙකු සමගින් එම ව්‍යාජ රන් සැකසීමට උපයෝගී කරගත් උපකරණ අද (12) අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. 12 January 2021
දින 12 ක් වවුනියාව නගර සීමාව හුදකලා කරයි කොවිඩ් -19 වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් දින 12ක කාලයක් වවුනියාව නගර සීමාව හුදකලා කර තිබීමට පියවරගත් බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම් සමන් බන්දුලසේන මහතා පැවසීය. 12 January 2021
දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නවතයි කන්ඩලම ජලාශයයේ ජල මට්ටම ඉහළයාමත් සමග දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අද(12) සම්පුර්ණයෙන් නවතා දමා ඇතිබව දඹුල්ල පොලිසිය කියයි. 12 January 2021
නිරෝධායනයට පෙර රංජන් බලන්න සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු එති සිරදඬුවම් නියමවූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට පෙර හමුවීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපස රැදී සිටිති. 12 January 2021
ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට කොරෝනා ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. 12 January 2021
රංජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට සිර දඬුවම් නියම වූ, හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. 12 January 2021
රාජකාරියේදී නම්‍යශීලී වේලාවන් රාජකාරියේදී නම්‍යශීලී වේලාවන් හඳුන්වාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 12 January 2021
තම තමන් ගැන බලාගන්නා ලෙස මන්ත්‍රීවරුන්ට උපදෙස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුටම මේ වන විට කොවිඞ් -19 වයිරසය අසාදනය වී තිබෙන බැවින් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් තම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නොවන මට්ටමින් උපදෙස් දී ඇතැයි ඬේලි මිරර් පුවත් පත වාර්තා කරයි. තමන්ට කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් විමසිලිමත්වන ලෙසත් හැකි ඉක්මනින් තමන්ගේ වෛද්‍ය නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් වාර්තා කරන 12 January 2021
කෝටි 10 ක් වටිනා මෝටර් රථ 17 ක චැසි හා ඇන්ජින් අංක වෙනස් කරලා වාහන කුලියට ලබා දෙන ස්ථාන වලට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වාහන ලබාගෙන ඒවායේ චැසි හා ඇන්ජින් අංක ව්‍යාජ ලෙස වෙනස් කර හා කොටස් කර විකුණන සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ තිදෙනෙක් මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය . 12 January 2021
පාර්ලිමේන්තු පොකුරක් බිහිවීමට ඉඩදෙනු එපා කොරෝනා මාරක වසංගතය රට හදන තැන ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තුව ද ආක්‍රමණය කර ඇත. ඉකුත් සිකුරාදා වාර්තා වූ පුවතකින් කියැවුණේ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කොරෝනා ආසාදිතයකු වී ඇති බවය. ඉරිදා වාර්තා වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා ද ආසාදිතයකු බවය. එම හේතුව නිසාම මැති ඇමැතිවරුන් විසි දෙනකු පමණ නිරෝධායනයට යොමු කළ බවය. 12 January 2021
රංජන්ට වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය. 12 January 2021
බලන්ගොඩ නගර සභාවේ උණුසුම් තත්ත්වයක් බලන්ගොඩ නගරසභාවේ මාසික රැස්වීමේදී අද (12) දා උණුසුම් තත්ත්වයක් ඇති විය. 12 January 2021
ඓතිහාසික නාලන්දා ගෙඩිගේ ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක් ඓතිහාසික නාලන්දා ගෙඩි ගෙයි ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක් හටගෙන තිබේ. 12 January 2021
විල්පත්තුවට පුත්තලමෙන් ඇතුල්වීම තාවකාලිකව නවතා දමයි රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12 ක් විවෘත කිරීම හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා වන මාර්ගයේ විල්පත්තුවට ඇතුල්වීම නවතා දමා තිබේ. 12 January 2021
තවත් කොරෝනා මරණ 8 ක් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (11) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 11 January 2021
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 568 ක් මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (11) දිනට කොරෝනා ආසාදිතයින් 568 දෙනෙකු හදුනාගෙන තිබේ. 11 January 2021
යුක්රේන සංචාරකයෝ දළඳා වඳින්න යති සංචාරකයින් ගෙන්වා ගැනීමේ අරමුණින් රජයේ නියමු ව්‍යාප්තිය යටතේ ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (11) මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ සංචාරයක නිරත වූහ. 11 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026