(සුජිත් හේවාජුලිගේ)
තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇතැයි සමුපකාර සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ(5) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹුණු බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
තිරිඟු පිටි මිල කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස රුපියල් අසූ හතක් රජය නියම කළේ 2016 වසරේදී බවත් තිරිඟු පිටි මිල වැඩි කරන ලෙස සමාගම් කාලයක සිට රජයෙන් ඉල්ලීම් කළ බවත් ඔහු පැවසුවේය.
ජනතාව මේ මොහොතේ සිටින දුෂ්කර තත්වය සලකා මොනම ආකාරයකටවත් පිටි මිල වැඩි කිරීමට ඉඩනොදෙන බවද අලගියවන්න මහතා කීවේය.
මේ අවස්ථාවේදී පාන් පිටි මිල වැඩි කළහොත් බේකරි ආශ්‍රිත නිෂ්පාදන සියල්ල වැඩි වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පාන් පිටි මිල වැඩි නොකළ නිසා බේකරි ආශිත නිෂ්පාදන වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස්, සීනි වලටත් ඔහොම කිව්වා අනේ මන්දා අවලංගු ඇමතිකම්...
ඒකත් බලමුකෝ
අනේ! එහෙම කරන්න එපා පාන් පිටි වල මිල තව වැඩි කරන්න. මොළයට හොඳට වැටහෙන්න නම්, බඩ ට මීට වඩා දැනෙන්න ඕනා. මතකනේ අර කලින් හිටපු අය අත්‍යවශ්‍ය ආහාර වල මිල අඩුකරලා, පෙට්‍රල් මිල අඩුකරලා, පඩිය රුපියල් දහ දාහකින් අඩුකරලා කර ගත්ත හරියක්? ඕනාවට වඩා කාලා ඇඟේ තෙල දාලා දඟලන්න ගත්තාම මොලය නිකම්ම අක්‍රිය වෙලා යනවා. අනික, පිටිමිල අඩු උනොත්, ආයේ "වඳ කොත්තු" හදන්නත් පුළුවන්? . මේවා මේ රටේ බුද්ධිමත් පාලකයින් ඉතාම බුද්ධිමත්ව ගන්න ඕනා හොඳ තීරණ.
රජය වැඩි නොකළාට ගජමිතුරන් මොනවද කියන්නේ ..
මීලඟ ජවනිකාව පාන් පිටි නාඩගම !
අනිවාර්යෙන්ම දැනටමත් ඔය විකුනන ගානෙන් හොඳ ලාබයක් මේ ආණ්ඩුව ලැබෙනවා ඇති.