(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 189 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,140 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 154 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 34 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 96 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 93 දෙනෙක් වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමයි හොඳටම කරේ.
මෙි මරණ 10,000 න් ආසන්න වශයෙන් 80% පමණ අවු.60 වැඩි මෙි රට වෙනුවෙන් සොචිචමි හරි සේවයක් කරළ සුසාන භුමියේ ගේටිටුවට අත තියාගෙන ගෞරවනීය මරණයක් අපේක්ෂාවෙ න් සිටි අහිංසක, අසරණ ජ්‍යෙෂ්ඨ පුරවැසියො. දෑසට කදුලු උනන සීමා වැට කොටු නැතිව දිග හැරෙන ශෝකාලාපයක්.
ආගමික පාඨයන් ලවුඩ්ස්පීකර් වලින් උදේ සවස විකාශය කිරීමෙන් සිද්ධ වූ දෙයක් නැහැ පරිසර දූෂණය හැරුණුකොට. කරුණාකර ආගමික ස්ථාන අවට මහජනතාවට හිරිහැර නොකරන්න !!!
මහාචාර්ය චන්න කියන්නෙ සයිනොෆාම් එන්නත් කෝටියකට දුන්නා එන්නත් දෙකම ලක්ෂ හැත්තෑවකට දුන්නා කියලා වයිරසවේද විශේෂ දොස්තර රජීව් ද සිල්වා කියනවා සයිනොෆාම් එන්නත් දෙකම දුන් අයට ඇස්ට්‍රාසෙනිකා මොඩර්නා හෝ ෆයිසර් එන්නතක් 3 වැනි මාත්‍රාවක් ලෙස නුදුන්නොත් මරණ සිදුවෙන්න පුලුවන් කියලා. එහෙනම් සයිනොෆාම් ගෙනාපු එකෙන් වැඩක් නැද්ද.? සයිනොෆාම් වෙනුවට වෙන එන්නතක් ගෙනාවනම් මුදලක් ඉතිරිකර ගෙන ජනතාව නීරෝගි කරන්න තිබුනා නේද.?