(අංජුල මහික වීරරත්න)
නව ශ්‍රී ලංකාවක් බිහි කරන වැඩපිළිවෙළ සමඟ අලුත් වූ එක්සත් ජාතික පක්ෂය අරඹන ගමනට නායකත්වය ගනිමින් එකතු වන්නැයි තරුණ පරපුර ඇතුළු සියලු දෙනාට ආරාධනා කරන බව එජාප නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ 75 වන සංවත්සර උත්සවය අමතමින් අද පැවසීය.
තව වසර විසි හතකින් නිදහසේ සියවස සමරන දා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කරන්නට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. "ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්" යන තේමාවෙන් මෙවර එජාප සංවත්සර සැමරුම් උත්සවය ඔන්ලයින් තාක්ෂණයෙන් පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා ප්‍රමුඛ පක්ෂයේ ආදි නායකයන් සිහිපත් කිරීමෙන් අනතුරුව වත්මන් නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරමින් සංවත්සර උත්සවය අමතනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී පිළිගැනීමේ කතාව කළ අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂ සභාපති වජිර අබේවර්ධන ,උප නායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් ඔහෙගේ මොන මළදානයක්වත් එපා..
මොකටද ආයෙත් රට කන්නද..?
ඔබතුමා ප්‍රමුඛ ගිලෙන නැවකට නගින්න අලුත් තරුණයෝ සූදානම් නැත. අර ඉස්සර හිටි කපුවාත් කළා කියන ජාතියේ මෝඩයින් සෙට් එක 3% දක්වා වැඩිවී ගොස් ඇත.
මෙයාගෙන් නායකත්වය ගන්න නම් ලේසි වෙන එකක් නෑ...
එයා යටතේ තරුණ නායකයින්... මෙයා තමයි කවදත් නායකයා...
නායකත්වය බාරගන්නයි කියා කිව්වම නායකත්වයේ එල්ලිලා ඉන්නවා. අඩියටම වැටිලත් නැත්තටම නැති වුණත්, ලැජ්ජ නැතිකමට තවත් නායකත්වයේ එල්ලිලා ඉන්න හැටි..
හැමදාම ඕක කියවනවා. ඒ වුණාට පක්ෂයේ නායකයාට වලපයයි, ගොඩපයයි තවම අත්හරින්නේ නැහැ. අපිට මතකයි නායකත්වය ඉල්ලපු තරුණයින්ට මොනවද දුන්නේ කියලා..
ජය වේවා! ජය වේවා! අපේ අසහාය නායකයාට ජය වේවා. තරුණ තරුණියන් ඔබ සමගයි.
කොල්ලනේ දෝලාව කරට ගන්න,
ඔය මහත්තයා කොහොමත් තරුණයන්ට හරි කැමතියි...
මේ අදහස් ටිකවත් මෙයා බැලුවොත් හරි. එජාපයට ආයේ නැගිටින්න බැ.
බලේ තියෙන කාලේ රට ජාතිය වෙනුවෙන් වැඩක් කලේ නැහැ දැන් තාම අතහරින්න කැමති නැහැ වගේ.
එන්න කිව්වට ඇවිත් නටන්න එහෙම ලෑස්තිවෙන්න එපා. කවුරු ආවත් මමයි රජා හරිද.?
එජාප නායකතුමන් කවදත් තරුණයන් වෙනුවෙන් පෙනී සිටි නායකයා.
ගියපාර බලය දීල මොනවාද කලේ. අගමැතිගෙයි-ජනාධිපතිගෙයි කඹ ඇදිල්ල බල බල හිටියා මිසක්.
වර්තමාන තරුණ පරපුර අතරේ තරුණ ගොන් නාම්බෝ නැත.
තරුණ ළමයි ඔය ලනු කන්නේ නැහැ.
මම එජාපයට එකතු වෙන්න කැමැතියි.