(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍ය අංශවලින් කොළ එළිය ( ග්‍රීන් ලයිට්) දැල්වුණු වහාම පාසල් විවෘත කිරීමට සූදානම් යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සමඟ සාකච්ඡා අරඹා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ සාකච්ඡාවෙන් පසු පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සැලැස්මක් අධ්‍යාපන ඇමැතිවරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා කොරෝනා වසංගතය පවතිද්දී පසුගිය කාලයේදී පාසල් විවෘත කිරීමට යොදාගත් ක්රමවේදයද මේ දිනවල සමාලෝචනය කරගෙන යන බවත් පැවසුවේය.
ගුරුවරුන්ගෙන් සියයට 88 කට පමණ කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කර ඇති බවත් කෑගල්ල , අම්පාර,පුත්තලම ,වව්නියාව යන ප්‍රදේශවල ගුරුවරුන්ට දෙවෙනි එන්නත් මාත්‍රාව ලබාදීමට මේදිනවල කටයුතු කරගෙන යන බවත් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු වැඩ පිළිවෙළක් නැති බහුබූත අමාත්‍යාංශය ක්. ඉස්කෝලෙ වල් වැදිල.
පාසල් අරින්නෙ ගුරුවරු ඇතුවද නැතුවද?
වල් වැදුණු ඉස්කෝලෙ ශුද්ධ කරන්න ඕන අපි ගිහිල්ලා ද. සෞඛ්යාරක්ෂිත බව තහවුරු කරන්න සැනිටයිසර් දීලද. ගුරුවරුන්ගේ ස්ට්‍රයික් ඉවරද.
පාසල් අරින්න තියා පාරෙ යන්නත් බැහැ එච්චරට කොරෝනා .හිටපු ගමන් නින්දෙන් ඇහැරිල වගේ මොකාක් හරි මෝඩ ප්‍රකාශයක් මාධ්‍යට කියලා ආයෙ නිදාගන්නවා. අඩුම ගානෙ ලමයින්ව ඔන්ලයින් ඉගැන්වීමවත් තවම කරන්න පටන් ගන්න බැරි වුනා.
කරුණාකර පාසල් ළමුන් සඳහා පමණක් වෙනම රෝහලක් වෙන් කරන්න ... ඇඳන් 200 ක් සහිතව පාසල ආරම්භ කරන්න
කවුරු අරින්න සුදානම් වුනත් බුද්ධිමත් දෙමව්පියෝ ළමයින්ව මේ වෙලාවේ එවන්න සුදානම් නැහැ.
වසර දෙකකට අසන්න කාලයක් කිසිඳු වාර විභාගයකට මුහුණ නොදුන් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සැබවින්ම කොතැනක ඇත්ද? මෙම දරුවන්ගෙන් කොතෙක් ප්‍රමාණයක් තම ශ්‍රේණියට අදාල දැනුම නොමැතිව ඊළඟ ශ්‍රේණියට රැගෙන යනවාද? මෙම දත්ත ලබන්නේ අපොස සා.පෙ. හෝ උ.පෙළ. හරහාද? ප්‍රමුඛතා අතර පාසැල ආරම්භ කිරීම පැහැදිලිවම ඉදිරියටම ආ යුතුයි. එතෙක් වඩාත් වගකීම් සහගතව ක්‍රමවත් අධීක්ෂණයක් යටතේ මාර්ගගත අධ්‍යාපනය ක්‍රියාත්මක වියයුතුයි. පන්තියක සිටින සිසුන් ප්‍රමාණයට(40ක් පමණ) වඩා ඔබ්බට ගොස් මුළු ශ්‍රේණියම(200 හෝ වැඩි) සම්බන්ධ වෙමින් කරන කඩිනම් විෂය නිර්දේශ ආවරණය දරුවන්ට ග්‍රහණය කරගැනීමට නොහැකිය. ගුරුවරයාට දරුවා පිලිබඳ කිසිදු තක්සේරුවක් කිරීමට කිසිදු අවස්ථාවක් නැත. අප දැනටමත් අප ප්‍රමාදයි... නිද්‍රාශීලීව සිටීමෙන් මේ පිළිබඳ ඉක්මන් වැඩ පිළිවෙලක් ගොඩනැගෙන්නේ නැත. ඉක්මන් පියවර නොගත්තොත් වසර 10කින් පමණ රටේ අනාගත වගකීම් බාරගැනීමට තරම් දැනුමැති පරපුරක් අපට අහිමිවනු ඇත. එම වරද නිවැරැදි කිරීම ආර්ථික ගැටළු විසඳීමට වඩා බොහෝ අපහසු, කල් ගතවන අති විශාල ගැටළුවක් වේවි...!
මුන් වහල්ලුන්ට මාරුවෙන් මාරුවට ගොන් ආතල් දෙනවා .කොළ එළිය ( ග්‍රීන් ලයිට්) දැල්වුණු වහාම
කිසිම වැඩකට නැති අමාත්‍යාංශ ලේකම්වරයෙක්. හැමදාම කිව්වේ ඉස්කෝල පටන් ගන්න දවස් විතරයි. කිසි දවසක කියපු වැඩක් කලේ නැහැ. ජනතාවගේ අතර අවධානය වෙනතට යවන්න ප්‍රකාශ නිකුත්කළා විතරයි. කොහොම මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිකම කළාද මන්දා.
මෙම වසංගතය තුළ සෞඛ්‍ය, ආරක්ෂක අංශ නිසි අයුරින් ක්‍රියාත්මක වුවත් බොහෝ රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, කාර්යාල ක්‍රියාත්මක වූයේ තම සේවකයින්ට නිසි ලෙස වැටුප් ගෙවීමට පමණි. ගෙවන වැටුපට සේවයක් ලබාගැනීමට කාලෝචිත වැඩ පිළිවෙල සකස් කිරීමක් සිදුනොවීය. වැටුප් ගෙවන්නේ නම් ස්වේච්ඡා සේවයක් පමණක් නොසෑහේ. සේවය නිසිලෙස නියාමනය කළ යුතුයි... මේවා නොකළ ඵලවිපාක ගෙවමින් සිටියි. නිසි ලෙස වගකීම් පවරා තිබුණේ නම් දින 50ක් පසුකරමින් මෙතරම් දීර්ඝ කාලීන වර්ජනයක් ක්‍රියාත්මක නොවනු ඇත. සමහර ගුරුවරු මාර්ගගත අධ්‍යාපනය නිසා පුළුල් වූ සමාජ මාධ්‍ය දැනුම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිර්ලැජ්ජා ලෙස යොදාගෙන ඇත. දැන් නිදාගත්තා ඇති... ක්‍රියාත්මක වන්න, පාලනයක් නැති, විනයක් නැති සේවකයන් සඳහා බුද්ධිමත්ව පාලනයක්, නියාමනයක් ස්ථාපිත කරන්න.
අර යවපු පිස්සු මහාචාර්යත් එක්ක මෙයත් යැව්ව නම් තමයි හොඳ ගැලපෙන තැනකට
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. සෞඛ්‍ය කියන්නේ බටහිර බෙහෙත් මාෆියාව. ඔවුන් කොරෝන ඉවර කරන්නේ නැහැ වර්ධනය කරනවා මිසක්
ළමුන් අතුළත් කරන්න හොස්පිටල් වල ඉඩ ආවාම, අපේ ළමයි තමයි පාසල් එවන්නේ...