(නිමන්ති රණසිංහ)
එල්ටීටීඊ සංවිධානයේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළ ජෝර්ජ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් ජීවිතක්ෂයට පත්ව තිබේ.
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහු , මිය යන විට අසූ පස් වන වියෙහි පසු විය.
කෝපායි ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක රැඳී සිටියදී ඊයේ (05) පස්වරුවේ ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජෝර්ජ් මාස්ටර් මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
හිටපු තැපැල් නිලධාරියකු වන ජෝර්ජ් මාස්ටර් එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ එම සංවිධානයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළ අතර ඔහු කොටි සංවිධානය දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් සමග ද සමීපව කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව