(සුජිත් හේවාජුලිගේ)
සිනොපාර්ම් එන්නත ලබා ගත් අයට සමහර රටවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවට බොහෝ පුද්ගලයන් විශ්වාස කරන නමුත් එය අසත්‍යයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
චීනයේ නිෂ්පාදිත එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි කර ඇති හෙයින් එය විශ්වාසදායක එන්නතක් බවද ඇය කීවාය.
ඇතැම් රටවලට ඇතුල්වීමේදී ලබාගෙන තිබිය යුතු එන්නත් වර්ග පිළිබඳව තොරතුරු විකෘති කර ඇති බවද මලවිගේ මහත්මිය සඳහන් කළාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කවුරු කරන්න ඇතිද මැඩම්
ප්‍රංශයේ අනුමත ෆයිසර්, මඩෝනා, අන්ට්රාසේනිකා පමණයි.
මෙතුමියගේ දැන්දැන් කෙරෙන ප්‍රකාශ වලින් අපට හෙළිවන්නේ එක්කෝ මහාචාර්ය තුමියගේ ඔලුව අවුල්වෙලා නොඑසේනම් කාගේ හරි බලපෑමකට යටවෙලා...
රුසියානු එන්නත යුරෝපා සංගමය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන නොමැත. මෙහි තේරුම නම් තුන්වන රටකින් ඇතුළු වීමේදී එය ප්‍රතිශක්තිකරණ සනාථ කිරීමක් ලෙස භාවිතා කළ නොහැකි බවයි. මොනවද මේ මෙයා කියන්නේ මෙන්න අද තත්වය...
මෙයාට දේශපාලඥයන්ට හැදිලා තියෙන ලෙඩේ හැදිලා තියෙන්නේ. දවසකට මාධ්‍ය ඉස්සරහ පෙනී හිටියෙ නැත්නම් අසනීපයක් වගේ දැනෙනවාද කොහෙද? විදේශ අමාත්‍යංශය කියන්න තියෙන දේවල් මෙයා දැන් මාධ්‍යට කියනවා. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියහම වෙනදේ වෙලයි නතර වෙන්නේ. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ නෝනා ගැන බලලාවත් හැදෙන්න.
WHO එක මොකක් අනුමත කලත්, ඒ ඒ රටවල් තමා තමන්ගෙ රටේ පිළිගන්නේ මොන වැක්සීන් එකද කියලා තීරණය කරන්න. බොහොමයක් පළමු වෙනි ලෝකයේ රටවල් චීන සහ රුසියානු වැක්සීන් තාම අනුමත කරලා. වැඩිය මහන්සි වෙන්න ඕන නෑ, ඒ ඒ රටවල ආගමන විගමන දෙපාර්තමේන්තුවල නිල වෙබ් අඩවිවලට ගියාම විස්තර බලා ගන්න පුළුවන්. මෙතුමියත් කාගෙ හරි බළල් අතක් වෙලා අවසන් කියලා පේනවා, මෑත කාලයේ කරපු ප්‍රකාශවලින්. රටේ මිනිස්සුන්ට ඔබතුමිය ගැන විශාල ගෞරවයක් තියෙනවා. ඒක නැතිකර ගන්න එපා.
මෙයත් දැන් ගිරවට රඟපානවා.
මට පෙන්නේ මෙතුමිය කඩේ යන්න පටන් අරගෙන වගේ.
සයිනොෆාම් ගහපු ඕනෙම රටකට ඇතුල් වෙන්න පුළුවන් නමුත් එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය තවම ලැබිලා නැති නිසා එම පුද්ගලයන් සලකන්නේ එන්නත් නොකළ පුද්ගලයන් විදියට.
එන්නත් මාෆියාවෙන් ඔබටත් කොමිස් එකක් ලැබුනද.? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඕක අනුමත කරලා නැහැ.
ඔයා කොහොමද කියන්නේ අපි ඉන්නේ පිටරට. සයිනොෆාම් අනුමත කරන්නේ නැති රටවල් කොපමණ තියෙනවා ද. අතේ ස්මාර්ට් ෆෝන් එකක් ඇතිනේ. සර්ච් කරලා බලන්න. මහාචාර්ය තුම්ය තාමත් නින්දේ වගේ.
ඉස්සර නම් මෙතුමිය කියන දේ මම පිළිගත්තා. මේ කතාව ටිකක් වෙනස්. මම මේ දාන ලින්ක් එකේ ඉන්නෙ රට රටවල සංචාරය කරන යූ ටියුබ් කරන දෙන්නෙක්. මේ වීඩියෝව ලංකාවට කිසිඳු සම්බන්ධයක් ඇතිව කරපු එකක් නෙමෙයි. ඒ නිසා තොරතුරු විකෘති කරලා කියන්න බැහැ. මේක බලලාවත් හැදෙන්න මැඩම්... ඇත්ත වහන්න අමාරුයි මැඩම්... මේ දෙදෙනා විනාඩි 1 තත්පර 50 දි කතා කරන දේ අහන්න..
අපේ රටේ උගත්තු.
අනේ මෙහෙමත් මහාචාර්යවරුන්...
මුලින් කිව්වා සයිනොෆාම් එන්නත ඩෙල්ටා ප්‍රභේදයට හරි යන බව හොයාගත්ත කියල. නමුත් දැන් චීනය නව එන්නත් නිපදවලා ඩෙල්ටා වලට හරි යන.