
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අප අවට පරිසරයේ පවතින කොරෝනා වයිරසය විනාශ කර විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක් නිපදවීමට පිළියන්දල ප්‍රදේශයේ තරුණයකු සමත් වී ඇත.
පිලියන්දල දේවානන්ද පාර බුද්ධික පෙරේරා නැමැති විදුලි කාර්මික ශිල්පියකු මෙම යන්ත්‍රය දෙකක් නිර්මාණය කර ඇත.
පාසල් අධ්‍යාපනයේ සිටම කාර්මික ශිල්පයට හිත යොමු කළ මෙම තරුණයා කොවිඩ් වසංගතය අප රටට පැමිණි දා එම වයිරසයට අභියෝග කළ හැකි සෞඛ්‍යාරක්ෂිත පරිසර හිතකාමි නිර්මාණ සිදුකිරීමට අධිෂ්ඨාන කර ඇති මෙම තරණයා මේ වන විට කටයුත්ත සාර්ථක කරගෙන ඇත.
වාතයට මුසුවන වයිරසය සහ බැක්ටීරියා තප්පර කීපයකින් විනාශ කරන ( virus air burnable automatic machine ) අධි තාපයෙන් යුත් යන්ත්‍රය සහ මුදල් සහ ලිපි ලේඛන මත තැවරෙන වයිරස් සහ බැක්ටීරියා විනාශ කරන ,විසබීජහරණ ස්වයංක්‍රීය උපකරණය ඔහුගේ නිර්මාණයන්ය
බොරැල්ල සුසමවර්ධන මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සමාගමක මෝටර් කාර්මික පාඨමාලාවක් හැදෑරා ඇති ඔහු පසුව ජපානයට ගොස් මෝටර් කාර්මික සහ තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් ඔහු හදාරා ඇත.
මැලේසියාවට යන්ත්‍ර සූත්‍ර පුහුණු පාඨමාලාවක් ද ඔහු ලබා ගෙන ඇත.
කොරෝනා වයිරසය අපේ රටට දැනෙන තරමට ව්‍යාප්ත වීමත් සමඟම සිය දැනුම සහ වෘත්තීය අත්දැකීම් එකතු කර වයිරසය පරාජය කළ හැකි යම් උපකරණයක් නිපදවන්න කටයුතු කළ ඔහු එහි ප්‍රතිඵලයක් ලෙස යම් පුද්ගලයකුගෙන් වාතයට මුසු වන බැක්ටීරියා සහ වයිරස් තප්පර කීපයේදී විනාශ කරන යන්ත්‍රයක් නිපදවීමට හැකියාව ලැබුණු බව ඔහු පවසයි.
යම් රෝහල් වාට්ටුවක, ආයතනයක මෙම උපකරණය ස්ථාපිත කර තිබුණොත් යම් පුද්ගලයකුට කැස්සක් හෝ කිවිසුමක් ගියොත් එම උපකරණයට හැකියාව තියෙනවා ක්ෂණිකව කැස්ස හෝ ගිවිසුම හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා එහි වාතය සහිත වයිරස් විසබීජ එම උපකරණයට ඇදගෙන වයිරස් සියල්ල ලේසර් සහ අධික තාපය මඟින් පුළුස්සා විනාශ කරන්න මෙම උපකරණයට හැකියාව ඇතැයි ඔහු කියයි. මෙම යන්ත්‍රය නැවුම් පිරිසිදු වාතය පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලියක් ස්වංක්‍රීය සිදුවන බව ද පවසයි.
අඩි හතළිහක් පනහක් පරාසයක් පමණ දුරට යන්ත්‍රය ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන ආකාරයට මෙම යන්ත්‍රය නිපදවා ඇත.
මෙම යන්ත්‍රයෙන් මුව ආවරණ විෂබීජ හරණය කර නැවත පැළඳීමේ හැකි තත්වයට ගෙන ඒමේ හැකියාවත තිබෙනවා. ඊට ගතවන්නේ තත්පර හයක් වැනි ඉතා සුළු වේලාවක්.
මුදල් සහ ලිපි ලේඛන යන්ත්‍රයේ සකස් කර ඇති කවුළුව මත තැන්පත් කළ විට ස්වයංක්‍රීයව එහි දොර වැසී තත්පර අටක් වැනි කෙටි කාලයක් තුළදී එම මුදල් හෝ ලිපි ලේඛන තුළ තිබෙන අභ්‍යන්තර බැක්ටීරියා හෝ වයිරස් විනාශ කිරීමේ හැකියාව මෙම යන්ත්‍රය සතුව තිබෙනවා යැයි ද බුද්ධික පෙරේරා මහතා පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වැනි නිර්මාණශීලි තරුණයන් මුළු ලංකාව වටේම බිහි වේවා
කිව්වට තරහ වෙන්නවත් ඩිස්ලයික් දාන්න ඉක්මන් වෙන්නවත් එපා. මේ දෙකම ප්‍රායෝගික නැහැ. ඒ පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් කළ පුද්ගලයෙකු ලෙසයි මම මෙහෙම කියන්නේ....
ඔබගේ උත්සාහය අප හදවතින්ම අගය කරන්නෙමු.
කොරෝනා වයිරසය හඳුනාගන්න පුළුවන් සෙන්සර් එකක් තියෙනවද එහෙම තියෙනවානම් මේක හරි නැත්නම් මේක වායු දාරාවක් රත් කරන උපකරණයක් පමණයි.
බොහොම වටිනා නිපයුමක් ඉතා කඩිනමින් ප්‍රචලිත කල යුතු පරිදි රජය කටයුතු කල යුතු ය.
වතුරෙන් දුවන් කාර් එකක් ගැනත් මීට කලින් අහන්න ලැබුනේ.
හොඳ වැඩක්, ධම්මික වේදමත්මයට කරපු දේම කරයිද දන්නේ නැහැ. කල්පනාවෙන් වැඩ කරන්න.
මෙවැනි දෑවල නිරතවී සිටින කාර්මික ක්ෂේත්රයේ සියලු දෙනාම ඉතා ඉහළින් අගයමු. මන්ද මේ සඳහා මුදල්, කාලය, දැනුම, ශ්‍රමය හා ඒ සඳහා වු ආශාව යන දෑ එක්වර ආයෝජනයක් කිරීමට අත්‍යවශ්‍ය බැවිනි.
දැන් මේකෙන් ඇත්තටම වෛරස මැරෙනවා කියල පර්යේෂණ කරල තියේද? මොකද විදුලි කාර්මික ශිල්පියෙක්ට එහෙම පර්යේෂණයක් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙයි කියල මම නම් විශ්වාස කරන්නෙ නෑ. අනිත් එක තමයි අර මේ ලිපියෙ තැනක තියෙනවා කිවිසුමක් ගියාම වෛරස සියල්ල යන්ත්රට ඇද ගන්නවා කියල ඒක කියෙව්වාම නම් නිකං පිස්සන් කොටුවටක ගියා වගේ හැඟිමක් ආවා.
මෙවන් බොහෝ නිපැයුම් ගැන අසන්නට, ලැබුනත් ඒවාට අත්වූයේත් ධම්මික පැනියට අත්වූ ඉරනමමයි. මීට සමාන බැක්ටීරිය වනසන යන්ත්‍ර, මාකට් එකේ තියෙනවා. මෙය හොදින් පිරික්සා බලා කොරෝනා වාට්ටු වල අත් හද බලන්න සිරුරට හානියක් නැතිනම්. පේටන්ට් එක අරං නිපදවන්නන ගත්තොත්.
ඔබගේ උත්සාහය අප හදවතින්ම අගය කරන්නෙමු.
නියමයි මචන්... ජයෙන් ජයම වේවා...! තෙරුවන් සරණයි..!!!
මෙවන් මොල අපේ රටට ගානක් නැහැ පිලිගැනීමක් නැහැ. ජාතික සම්පත්. ආදරෙයි සහෝදරයා ඔබට ජය.,