
(පුෂ්පකුමාර ජයරත්න)
නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් කුරුණෑගල වැහැර ප්‍රදේශයේ අවන්හලක මත්පැන් සාදයක් පවත්වමින් සිටි පුද්ගලයන් හය දෙනකු රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ නීති විරෝධී මත්පැන් සාදයට සහභාගි වූවන් පිරිස කුරුණෑගල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් බවද එම ස්ථානයේ සිටි විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වැටලීම සිදු කරන අවස්ථාවේදී පලා ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් වසා දමා තිබෙන කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර මංසන්ධිය අසල පිහිටි අවන්හලක මෙම පිරිස ප්‍රසිද්ධියේ මත්පැන් සාදයක් පවත්වමින් සිටි අතර මහත් හඬින් කෑකෝ ගසමින් පවත්වාගෙන ගිය එම සාදය පිළිබඳව ප්‍රදේශවාසියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල පොලීසිය වැටලීම සිදු කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. මේ සිංහල බෞද්ධ රටේ මේ වගේ දේවල් වලට ඉඩදෙන්න බැහැ. මේ අයට හරියටම නීතිය ක්‍රියාත්මක කරන මෙන් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.
පාටි දාන වේලාවක්ද මේ.?
මේ අයගේ වැදගත් මුණු ටික වහල තියෙන්නේ මුන් එතරම්ම වැදගත් නිසාද...?? කිසිම වගකීමක් නැති රැලක්... උපරිම දඩුවම් ලැබේවා....!!
මත්පැන් සහ දුම්වැටි මේ බෞද්ධාගම මුල්කර ගත් රටේ සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි. එහෙම තහනම් කරන්න බැරි නම්, දැන් තිබෙන මිල 100% වැඩි වෙන්න බදු පැනවිය යුතුයි. අනික රට තිබෙන්නෙත් පූර්ණ බංකොලොත්භාවයට ඔන්න මෙන්න.
හොරවැඩක් කරද්දිවත් හත්පොලේ ගාගන්නැතුව කරන්න බැරි මිනිස්සු