බඩු මිල බැස්සීමේ වෑයම සාර්ථක කරගනිමු
සහල්, පිටි, සීනි, පරිප්පු, සැමන් පමණක් නොව බිත්තර ද ඇතුළත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් ස්ථාවර මිලක් යටතේ නිශ්චිත කාලසීමාවක් පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තීන්දු කර ඇතැයි පසුගියදා මාධ්‍යවල සඳහන් විය. එම වැඩපිළිවෙළ යනු ගැසට් පත්‍රයක් නිකුත් කිරීම නොවන බවද ප්‍රකාශ වී තිබේ.