(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සහල්, සීනි සහ වී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සඳහා රජය විසින් නියම කරනු ලැබ ඇති උපරිම මිල ගණන්වලට වැඩියෙන් අලෙවි කරන වෙළෙඳ සමාගම්වලට සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලසෙන පාරිභෝගික කටයුතු අධිකාරිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) ඉදිරිපත් කළේය.
මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනෙක විවාදයට ගැනීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූවේ මෙය ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන හදිසි පනතක් බවයි.
එම නීති විරෝධී කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව රුපියල් කෝටි දෙකක් දක්වාවූ දඩ මුදල් ඇතුළු දැඩි දඬුවම් නියම කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් නීතිමය ප්‍රතිපාදන සැලසෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම කුට වෙළදුන් සගවාතිබෙන මොනම ද්රව්යක්වත් අදාළ අංශ සොයා ගැනීමෙන් පසු ශතෙකවත් මුදලක් නොගෙවා ඒ ඒ ගබඩා ද සමග ද්‍රව්‍යන්ද සියල්ල රාජසන්තක කර එම ද්‍රවයන් මහජනතාව අතරේ ඉතාමත් සුළු මුදලට බෙදාදීමට අවශ්‍ය නීතිද පට්ටියේ ඉක්මනින්ම සම්මත කරගත්තොත් හොද නැද්ද...?
කූට දේශපාලකයින්ට දැඩි දඬුවම් දෙන පනතකුත් සුදුසු නොවේද?