(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට තෙප්පනාව කලුකැලේ ප්‍රදේශයේ අධික ලෙස බීමත් දෙමස්සිනාලා දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් බරපතල කැපුම්තුවාල ලැබූ ඒක් අයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ තෙප්පනාව, කලුකැලේ ලිපිනයේ පදිංචි හඳගලගේ වික්‍රමරත්න (53) යන අයයි. තුවාල ලබා ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකි . ඔහු රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මියගිය තැනැත්තා තිදරු පියෙක් බව පොලීසිය කීවේය. දරු තිදෙනාත් බිරිඳත් අතහැර වෙනත් කාන්තාවක සමග ජීවත්වන්නේ යැයි ද තුවාල ලැබූ තැනැත්තා මරණකරුගේ නංගී කෙනෙක් සමග විවාහවී සිටි තැනැත්තා බවද පොලීසිය සදහන් කළේය.
තුවාලකරුට පසුගියදා මැණික් ගලක් ලැබී එය විකුණා යම් මුදලක් අතමිට තිබී ඇත. සිද්ධියවූ 05දා රාත්‍රී ඔහු බීමත්ව ඔහුගේ මුල් විවාහක බිරිද සිටි නිවසට ගොස් තිබේ. ඒවන විට ඇය දරුවා සමග ජීවත් සිට ඇත්තේ ඇගේ මවගේ මහ ගෙදරය. ඇගේ සහෝදරයන් කිහිප දෙනෙක් එම නිවසේ ජීවත්ව සිටින බව ද පොලීසිය පැවසුවේය.
සැකකාර තුවාලකරු එහි එනවිට මරණකරු ද එම නිවසට පැමිණ සිට තිබේ. ඒ අවස්ථාවේ දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී දෙදෙනාම තියුණු ආයුධවලින් කපාකොටාගෙන ඇති බවට තොරතුරු ලැබුණ බව ද පොලීසිය කීවේය.
බරපතල තුවාල ලැබූ දෙදෙනාම රත්නපුර මහ රෝහලට ඇතුළත් කළ පසු වික්‍රමරත්න යන තැනැත්තා මියගොස් ඇති බව ද පොලිසිය පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරණි කියමනක් තියෙනවා "ළිඳට බහිනකොට ලණුව අතට දෙන්නේ තමන්ගේ මස්සිනාට විතරයි කියලා". මක්නිසාද යත් ඒ තරමටම මස්සිනා විශ්වාසයි... ලණුව කිසිවිටකත් අත්නොහරින බව. ඒ සියල්ල අද කාලයට නොගැලපෙන්නේ ගිනිවතුර සංස්කෘතිය අප රටේ ඉහළින්ම වැජඹෙන බැවිනි..
රටේ ප්‍රශ්න මදිවට
රට පුරා තව තවත් සුරාබදු සැල් විවෘත කරන්න. මේ පාර්ලිමේන්තුවේ බොහෝ අයට විවිධ නම් වලින් සුරාබදුසැල් තියනවා.