(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අද රටේ තියෙන්නේ ආහාර හිඟයක් නොව ආහාර මාෆියාවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.
රටේ සහල්, එළවළු හෝ වෙන කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩයක හිඟයක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවැසුවේ හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
ජනාධිපතිවරයා මෙම හදිසි නීති රෙගුලාසි ගෙන ආවේ එම ආහාර මාෆියාව පාලනය කරගැනීම සඳහා බවත් මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර ටික ලබාදීමට ජනාධිපතිවරයාට වගකීමක් තිබෙන බවත් අලුත්ගමගේ මහතා කීවේය.
සහල් මෙට්‍රික් ටොන් තුනයි දශම දෙකක් රජය සතුව තිබෙන බව පැවසූ කෘෂිකර්ම ඇමැතිවරයා සහල් සම්බන්ධයෙන් මේ රටේ කිසිදු පුද්ගලයකු කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයිද ප්‍රකාශ කළේය.
මේ රටේ වී හිඟයක්ද නැති හෙයින් ජනතාවට කෑම සැපයීමේ කිසිදු අර්බුදයක් නැතැයිද ඔහු පැවැසුවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නීතිය උපයෝගී කරගෙන ජනතාව පීඩාවට පත් කරන බවට විපක්ෂය අද චෝදනා කරන බවත් විපක්ෂය දරුණු කොවිඩ් වසංගතයක් තිබෙන අවස්ථාවක උද්ඝෝෂණ අටසිය හතළිස් හතක් පවත්වා මිනිසුන් එක්ලක්ෂ හය දහසක් පාරට ගෙනාවත් ගෝඨාභය ජනාධිපති වරයා ඒ අයට එක බැටන් පොලු පහරක් දීමට හෝ නියෝගයක් නිකුත් නොකළ බවද සඳහන් කළේය.
මිනිසුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් හිරේට නොදැමූ බව පැවැසූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයාට හදසි නිතිය පාවිච්චිකර උද්ඝෝෂණ නැවැත්වීමට හැකියාව තිබුණත් ඔහු එවැන්නක් නොකළ බවද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොඩයින් පාලකයින් වුණාම කලු කඩකාරයෝ රජවෙනවා තමයි. මිනිස්සුන්ගේ බඩගින්න විකුණන් කන්නේ ඔබලා තමයි. පාලකයන්ට පළමුව පවුල, දෙවනුව ධනය, තෙවනුව බලය, ඊට පස්සේ ඉතුරු වුණොත් රටේ මිනිස්සුන්ට...
ඔබතුමන් දැඩි කැපවීමක් දක්වන බව පෙනෙනවා.මෙම මාෆියාවන් නැති කර ජනතාවට සහන දායී මිලට භාණ්ඩ ලබා ගැනීමේ වාතාවරණය සකස් කරන දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා
20ත් සම්මත කරවාගෙන 2/3 අතේ තියාගෙන තව මාෆියාවක් ගැන කියන්නේ කටින්ද?
මාෆියාවක් ඇත්නම් එය මර්දනය කිරීමත්... රජයේ වගකීමක්... ඒ සඳහා රජය අපොහොසත් වී ඇති බවයි පෙනෙන්නේ... පසුගිය වසර කිහිපයේදී මෙහෙම දේවල් සිදුවුණේ නැහැ.
එතකොට අද රට පාලනය කරන්නේ කව්ද?
ඒකටත් විපක්ෂය පළිද? නැතිනම් ජනතාව පළිද? 2/3 තියෙනවනේ... ඕනෙ දෙයක් කරන්න... නිකන් කාලෙ නාස්ති කරන්නේ නැතුව.
සේරම මාෆියාවක්
ලොකුම මාෆියා කාරයෝ ආණ්ඩුවේ ඉන්න අයම මිසක් වෙන කවුද.
මෙයා අවංක, නිහතමානි, උගත් කෙනෙක්...
ඔය කියන මාෆියා ටික පාලනය කරගන්න බැරි නම් සර් ප්‍රමුඛ ආණ්ඩුව ෆේල්... ජනතාව අනතුරේ. කරන්න බැරිනම් අස්වෙලා ගෙදර යන්න.
අනේ මන්දා ඉතින්. අපිත් මේවා අහගෙන ඉන්නවා ඉතින්.
රවී වගේම යි.