(සුජිත් හේවාජුලිගේ )
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇත.
කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි හෙයින් තමා ඉන් ඉවත්වන බව විජේවික්‍රම මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊ-මේල් පණිවුඩයක් මගින් දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අප ආනන්ද විජේවික්‍රම මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එය දැන සිටියෙමු. 20-30 අතර එන්නත් ලබා දීම නිවැරදි ක්‍රියාවක් නොවේ.
සමහර හොඳ නළු නිළියන්ව නාට්‍යයෙන් අයින් කරනවා... සමහරු ඉල්ලා අස් වෙනවා... දැන් බලන්න වෙලා තියෙන්නෙ අලුත් නළු නිලියො අරන් කරපු මෙගා නාට්‍ය.. නරකම කෑල්ල එන්නෙ ඊළඟට. වැදගත් කියලා හිතාගෙන හිටිය නළු නිළියො සල්ලි ඕනකම නිසා අධ්‍යක්ෂකට ඕන විදියට මෙලෝ රහක් නැති රඟපෑම් කරනවා.
යන එකයි ඇත්තෙ.. සෞඛ්‍යය සම්බන්ධ තීරණ ගන්න අපිට ත්‍රිවිධ හමුදාව ම ඉන්නවා. එක දොස්තර කෙනෙක් නෙමේ දොස්තර සංහතියම අයින් වුණත් අපිට නම් ගාණක්වත් නෑ.
ඒ තමයි පපුවේ හයිය සමග කොන්ද කෙලින් තියන මිනිස්සු. නමුත් වැඩිපුරම ඉන්නේ හැම දේටම යස් සර් කියන උන්.
අපිට තේරෙනවා ඔය කමිටුවේ මොකක්ද වෙන්නේ කියලා. ඔබ තුමාගෙ ජීවිතයට ආසාවක් තියනවා නං ඔතනින් එහාට කතා කරන්න යන්න එපා.
පුදුම දේවල් තමයි මේ රටේ සිද්ධ වෙන්නේ... අපේ රටේ ඇතැම් දේශපාලන අංශ හිතන් ඉන්නේ ඒ අය තමයි හැම දේම දන්නේ කියලා. හැම දේම හොඳටම කරන්නෙත් කරෙත් ඒ අය කියලා. ලෝකය හා මිනිසා සකස්වී ඇති ක්‍රමය ගැන නිසි අවබෝධයක් නොමැතිකම තමයි මේ දේට මුල. ඒකෙන් රටම අමාරුවේ. වෛද්‍ය විද්‍යාව දත් වෛද්‍ය අංශ වලට වඩා දේශපාලකයන් වෛද්‍ය විද්‍යාව දන්නවා කියා පෙන්වන්න හදනවා. මේ තත්ත්වය එහෙයියන්ට හරි ජොලි. උඩ පනිමින් හුරේ දාලා මෝඩකම පෙන්වනවා. අනේ මෙහෙමත් මිනිසුන් ලොව තවත් රටවල නැතුව ඇති. අපේ රටේ අහිංසක ජනතාව පව් ...
මේගොල්ල මොනාද දන්නේ, අර නාමල් බෙබිවයි, බැසිල් උතුමානනුයි දාන්න. ටග් ගාලා වැඩේ කරයි.
තම තමන් පැළැද සිටින දේශපාලන කණ්ණාඩියේ වර්ණයට අනුව මේ පිළිබද කෙරෙන "යතුරු පුවරු විග්‍රහයන්" කියවා වින්දනයක් ලැබීමට දැන් අපට අවස්ථාව උදා වනු ඇත.
අනාගතේට බිහිවෙන්න ඉන්න උගත් දරුවෝ පරම්පරාවක් මේ රෝග තත්වය නිසා අපිත නැති වෙයිද.?
දැන් ඔය කමිටුවේ කීදෙනෙක් ඉන්නවද.? අපි හිතමු 10 දෙනෙක් කියලා. ඔය 10 දෙනාගෙන් එක තීරණයකට විරුද්ධ වෙන්නේ කීදෙනාද.?
දැන් තේරෙනවනේ ඇතිවෙලා තිබෙන තත්වය.
හැමෝම දේශපාලනයට ගැතිව ලියන්නේ නැහැ.කිසිදු දේශපාලනයකට ගැති නොවී ලියූ ඒවාත් මෙහි තියෙනවා. අවධි බුද්ධියෙන් කියවා බලන්න.
මේ වගේ ඕනේ අංගවිකල කොමෙන්ට් එකක්. මානසික අපහසුතා තියෙන එකෙක්ට දාන්න පුලුවන්ද මේ පත්තරේ?
නඩු කාරයින් නඩුවලින් ඉවත් වෙනවා. වෛද්‍යවරුන් සායනික කටයුතුවලින් ඉවත්වෙනවා. මේ සියල්ල සිදුවන්නේ පෞද්ගලික අවශ්‍යතා මත මිසක සද්භාවයකින් නොවේ. මමත්වය බොහෝ කාරණාවලට හේතු වේ. හැම දේම තම පක්ෂය කියන පටු රාමුව තුළ ඉඳන් බැලුවම මෙයාලා වීරයන් වගේ පේනවා
විද්වතුන් කියන දේ එදා ඉඳලම මේ මෝඩ උද්දච්ච පිස්සු පූසා ඇහුවේ නැහැ . මුලින් Dr ලක්කුමාර් අයින් උනා. දැන් මෙතුමා. මේ රට යන්නේ කොතනටද ? තමන් හැමදේම දන්නවා කියල හිතාගෙන හිටියම අන්තිමට කෙල වෙන්නේ ජනතාවට . ලස්සනම වැඩ මේ විකාර වලට විරුද්දව එකෙක් කතා කරන්නේ නැහැ
කමිටුවේ තීරණ ගද්දී වැඩි දෙනාගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම නිවැරදී .එහෙම නැතුව එක එක්කෙනාගේ පෞද්ගලික මත වලට වැඩ කරන්න ගියොත් කිසිම දෙයක් කරන්න බෑ .ඒ නිසා හොඳම තීරණය එවැනි අය ඉවත් වීම .එහෙම නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ
100% ඔබගේ අදහස් නිවැරදිය..
ද්‍රෝහින්ගේ ලැයිස්තුවට ඇතුළත් වීමට නියමිතයි.
වෛද්‍යතුමනි, ඔබ ගත්තු තීරණය නිවැරදියි. පසුගිය දා SLMA නිකුත් කළ ලිපිය කියවූවාම වෛද්‍යවරුන් විදිහට ඔබලා පත්වෙලා තිබෙන අසරණභාවය ඉතාම පැහැදිලියි...
ගිලෙන නැවෙන් මීයෝ පනිති
එක්කෝ දේශපාලන විශේෂඥයින් කියන විදිහට කොන්ද නවාගෙන ඉන්න ඕනේ... එහෙම නැතිනම් කොන්ද කෙළින් තියාගෙන පිටවෙන්න ඕනෑ.
උගත් බුද්ධිමතුන් කොන් වෙන සමාජයක් බිහිවෙමින් පවතිනවා
කණ්ඩායම් හැඟීම්, කොච්චර දක්ෂ උනත් පොඩ්ඩ බැරිවෙන්න බෑ අයින්වෙලා යනවා.. දැන් මේ කිවෙනියද ? මෙහෙම අයින් වෙච්ච
කොරෝනා කියන්නේ ජාත්‍යන්තර බොරුවක් ජාත්‍යන්තර ගේම් ඒකක
දැන් බලන්න උපාලි විජේවර්ධන මහත්තයා නැතිවුණා කියලා උපාලි සමාගම වැහිලා ගියාද.?