(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පෞද්ගලික පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.
මේ අනුව මෙම පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කර ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා කීවේය.
එම පනත් කෙටුම්පතෙහි 6 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71(1) ව්‍යවස්ථාවටද පනතේ 7 වැනි වගන්තිය 3,4 සහ 12(1) ව්‍යවස්ථාවන්ටද අනුකූල නොවන බව දැනුම්දී ඇතැයි පැවසූ කතානායකවරයා පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කර පසුව ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 84 ව්‍යවස්ථාවේ දෙවෙනි අනු ව්‍යවස්ථාව අනුව යැයිද සඳහන් කළේය.
කතානායක වරයා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දුන්නේ සභාවේ කටයුතු ආරම්භයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට අනුව ත්රස්තවාදියෙක්ටත් නිදහසේ ඉන්න පුළුවන්... එයා විනාශයක් කරන කම්... මහජනතාව කලබල වෙන ඕනෑම ප්‍රකාශයක් කරලා ඕකෙ ආවරණය ගන්නත් පුළුවන්... ඉතින් ඕකත් අපේ රටට ගැලපෙන විදිහට සංශෝධනය කරමු.
නවසීලන්ත අගමැතිනිය අද කියලා තිබ්බා එ් රටේ තියෙන මානව හිමිකම් සහ ත්‍රස්තවාදී වැළැක්වීම නීති ප්‍රමාණවත් නොවූ නිසා මේ සාහසිකයාව පිටුවහල් කිරීමට නොහැකි වූ බව...