(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනකු ලබන 17 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද 6 නියෝග කළාය.
මෙම සිද්ධියට සම්බන්ධ නඩුව අද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමති රිෂාඩ් බදුයුදීන් මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.
මෙම සිද්ධියට අදාළ පළවෙනි සැකකරු වන අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු සහ 4 වැනි සැකකරු වන හිටපු අමාත්‍යවරයාගේ මස්සිනා ඇප මත මුදා හැරීමට ද අධිකරණය තීරණය කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇණගෙන ඇණගෙන ගිහින් ඇන්නා නේද කෙහෙල් ගහකට...?
මේකත් ඇදලා ඇදලා අන්තිමට මේ මනුස්සයත් නිදහස් කරලා දායි. එච්චරයි...
බයියන් උසිගන්වන දේවල් මේවා... අනිත් දෙන්නටත් ළඟදීම ඇප දෙන්න වෙනවා...
ලංකාවේ නීතියක් නැහැ. තියෙන්නේ කැලෑ නිතිය. අනේ රටකට ගිය කල
මේ දැරිය මේ ලෙස මරා දැමීම රටේ සාමාන්‍ය මිනිහෙකු කරා නම්, මේ වෙනකොට නැති ඉක්මනක් මවලා, නැති නීති දාලා අම්මෝ මෙලහකටත් දෙන්න තියෙන උපරිම දඬුවම් දීලා. මේ අපරාධකාරයින්ගේ තරම පේන්නේ, අර වෛද්‍යවරයාට කළ තර්ජනය දිහා බැලීමේදීයි. මොවුන්ට විශේෂ නීති පනවා, ඉක්මන් දැඩි දඬුවම් දිය යුතුයි.
මේවා ජාති ජාතිත් පල දෙන අකුසල් අර අහිංසක දරුවා මොනතරම් කියාගන්න බැරි හැගීමක් ඇති වෙන්න ඇතිද.?