කොග්ගල වෙළද කලාපයේ කම්හල් දෙකකින් නව ආසාදිතයන් 22ක් කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් කොරෝනා ආසාදිතයින් 22 ක් අලුතෙන් හදුනා ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි. 15 January 2021
කෝටි 18ක ’අයිස්’ බස් රථයකින් ගෙනයද්දී අල්ලයි රුපියල් කෝටි 18 අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 15 January 2021
කොරෝනා මරණ සංඛ්‍යාව 250 පසුකරයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (14) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 14 January 2021
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව (12,400) ලබාගත් කුමාර් සංගක්කාර පවසන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක වැටී තිබේ. අද ආරම්භ වූ ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135 කට දැවී යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගක්කාර එසේ කියා සිටියේය. 14 January 2021
රිය අනතුරකදී පහරදීමකින් මන්ත්‍රී පුතෙක් අත්අඩංගුවේ රිය අනතුරක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයකුට පහර දුන්නේ යැයි සැකපිට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුත්‍රයකු (14) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. 14 January 2021
අද කොරෝනා ආසාදිතයන් 670 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 670 දෙනෙකු අද (14) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව 7.35 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 14 January 2021
දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල හොරණින් ඇරඹෙයි දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්ගලික) සමාගම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ. 14 January 2021
මදුරන්කුලියේ කම්හලක් වසාදමයි කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මදුරන්කුලිය කර්මාන්ත ශාලාවක් තාවකාලිකව අද(14) සවස වසා දැමු බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 14 January 2021
සිනමා කර්මාන්තයට අහිමි වූ බදු සහන යළිත් දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දී තිබී පසුව අවලංගු කෙරුණු බදු සහන යළිත් ලබාදීමට රජය තීරණය කර තිබේ. 14 January 2021
යුද ස්මාරක ඉදිකරන්න පළාත් පාලන ආයතනවල අනුමැතිය ඕනේ නැහැ යුද ස්මාරක ඉදිකිරීමට පළාත් පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය නැති බවත්, එවැන්නක් අවශ්‍ය නම් උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දැමීමට සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය. 14 January 2021
ජනපති කොරෝනා එන්නත චීනෙන් ඉල්ලයි කොරෝනා මර්දනය සදහා වන චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යවා ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී. 14 January 2021
තනි රෝදෙන් යතුරුපැදියේ ගිය ගමන පොලිසියෙන් නතර වෙයි පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේ විනෝදයට තනි රෝදයෙන් යතුරුපැදි පැදවු තරුණයන් 12 දෙනෙක් අද (14) අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 14 January 2021
සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර රාජ්‍ය -පෞද්ගලික ආයතන 473 කට නඩු සෞඛ්‍ය ආරක්ෂක නීති අනුගමනය කළ බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 473 ට ඉදිරියේ නිරෝධායන සහ රෝග වලැක්වීමේ ආඥාපනය යටතේ නඩු පැවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 14 January 2021
කොරෝනා සෑදී සුව වූ හිමියෝ තම දායකයන් නිදහස් කරන්නයි කියති කෝවිඩ් 19 ආසාදනය වී අයිඞීඑච් රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී ගමට පැමිණ, තමාගේ පළමුපෙළ ආශ්‍රිතයන් වු දැනට නිරෝධායනයට ලක් කර සිටින දායක නිවාස තුනකට මහ රෑ කඩාවැදුණු හිමිනමක් එම නිවෙස්වල නිරෝධයන දැන්වීම් කඩදාසි ඉරාදමා යකානටා ඇතැයි කුරුවිට පොලීසිය කියයි. 14 January 2021
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මත වෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව එරට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය. 14 January 2021
බලපත්‍ර නොමැතිව රිය පැදවූ අයගෙන් අල්ලස් ගත් කොස්තාපල් අල්ලයි රියදුරු බලපත්‍රයක් නොමැතිව චැලි වර්ගයේ යතුරුපැදියක් පැදවු තරුණයෙකුගෙන් රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් මාතර පොලීසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (14) මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය. 14 January 2021
අ‘පුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට අනුරාධපුර නගරයේ පිහිටි අවන්ති දේවි ළමා නිවාසයේ දරුවන් කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව අද 14 අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 14 January 2021
ශ්‍රී ලාංකිකයන්ට ජපානයට ඇතුළුවීම තහනම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 14 January 2021
බස්නාහිර සිට දකුණු පළාතට යමින් සිටි 6කට කොරෝනා අලුත්ගම පොලිස් වසමට අයත් බස්නාහිර පළාත් මායිමේ බෙන්තොට පාලම අසළ දී දකුණු පළාතට ගමන් කරමින් සිටි පුද්ගලයන් 102 දෙනෙකුට අද (14) දහවල් අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් පුද්ගලයන් 6 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ් -19 ආසාදිත බව හඳුනාගැනුනු බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා පැවසීය. 14 January 2021
පොලිසිය මාස 10 ක ඉවසීමක් පවුරෙන් පහළට තල්ලූ කරයි ගාල්ලේ කොටු පවුර මත සිටිමින් ශී‍්‍ර ලංකා - එංගලන්ත කි‍්‍රකට් තරගය නරඹමින් සිටි එංගලන්ත ජාතිකයකු වන රොබට් ලූවිස් මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගාල්ල පොලිසිය පියවර ගෙන ඇත. 14 January 2021
මදුරන්කුලියේ කම්හලක තවත් 7කට කොරෝනා මදුරන්කුලියේ කර්මාන්තශාලාවක තවත් සේවිකාවන් 7 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව අද(14 ) මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 14 January 2021
පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාලය වහයි අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයකු මෙන්ම පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාද වන නීතිඥ චමින්ද කුලරත්න මහතාටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් ඊයේ (13) සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබීය. 14 January 2021
පාසල් විවෘත කිරීම සාර්ථක කරගනිමු බස්නාහිර සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු පළාත් පාසල්වල සීනු නාදය පසුගිය 11 වැනිදා සිට යළිත් ඇසෙන්නට පටන් ගත්තේය. පාසලේ සීනුව රැව්දීම කුමන රටක කුමන ජාතියකට වුවද මහත් ප්රබෝධයක් දනවන්නකි. රටක් සජීවී ලෙස ක්‍රියාත්මක වන බව ජාතියේ හදගැස්ම නොනැවතී ක්‍රියාත්මක වන බව ලොවටම හඬ ගා කියන්නකි. 14 January 2021
මහරගම අනවසර වෙළඳ කුටි ඉවත් කිරිමට යාමේදී උණුසුම් තත්වයක් මහරගම නගර මධ්‍යයේ පිහිටි ,නගර සභාවට අයත් භූමියක ,අනවසරයෙන් වෙළඳාමේ නිරත වෙළඳුන්ගේ, වෙළඳ කුටි, මහරගම නගර සභාව මගින් ඉවත් කිරීමට යාමේදී නගර සභා සේවකයින් හා වෙළඳුන් අතර උණුසුම් තත්වයක් ඇතිවිය. 14 January 2021
අගමැති ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරියකට කොරෝනා හල්දුම්මුල්ල හාල්අටුතැන්න ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (14) තහවුරු වී ඇතැයි හල්දුම්මුල්ල සෞඛ්‍ය සේවා නිලධාරීහු කියති. 14 January 2021
ඉතියෝපියාවේ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 80 ක් මරුට ඉතියෝපියාවේ සුඩාන මායිමේ පිහිටි බෙනිෂාන්ගුල් - ගුමුස් ප්‍රදේශයේදී සිවිල් වැසියන් පිරිසක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් 80 දෙනකු පමණ මියගොස් තිබේ. 13 January 2021
කොරෝනා ආසාදිතයා රෝහලට රැගෙන යන අතරතුර පලා ගිහින් කොරෝනා ආසාදිත බවට කොළඹදී අද (13) තහවුරු වූ ගාල්ලේ පදිංචි පුද්ගලයෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන අතරතුරදී පලාගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ලේ පිහිටි තම නිවස වෙත එමින් සිටින මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිවලට දැනුම්දී ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි. 13 January 2021
කොග්ගල තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයන් හමුවේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් අද (13) සවස නිකුත් වූ පී.සී.ආර්. වාර්තාවලට අනුව තවත් කෝවිඩ් ආසාදිතයන් සිව් දෙනෙක් සහ මීට කලින් කෝවිඩ් ආසාදිතයන් හමුවූ ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් එක් ආසාදිතයෙක් සමගින් අද (13) දිනයේදී කර්මාන්ත පුරයෙන් නව කෝවිඩ් ආසාදිතයන් පස්දෙනෙක් වාර්තා වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 13 January 2021
කොවිඩ් මරණ සංඛ්‍යාව 250 ට කිට්ටු කරයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (13) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 13 January 2021
අද කොරෝනා ආසාදිතයන් 687 ක් මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (13) දිනට කොරෝනා ආසාදිතයින් 687 දෙනෙකු හදුනාගෙන තිබේ. 13 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026