(ඩයනා උදයංගනී)
හදිසි නීතිය දිගටම පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නීති මේ වනවිට සකස් කෙරෙමින් ඇති බවත්, එම කටයුතු අවසන් වන තෙක් හදිසි නීතිය යටතේ හෝ ජනතාව ආරක්ෂා කිරීමට සිදුවන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ජනතාව අසාධාරණ ලෙස ගසාකෑමට කිසිවකුටවත් ඉඩ දිය නොහැකි බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ඉතා ශක්තිමත් නීති ප්‍රතිපාදන සකස් කෙරෙමින් පවතින බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
එමෙන්ම මෙහි අරමුණ ජනතාවට ඇති උද්ඝෝෂණ කිරීමේ අයිතිය අහිමි කිරීම නොවන බව ද ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වෙනුවෙන් කරපු හැමදෙයක්ම අසාර්ථකයි... අන්තිමට වුණේ දුප්පතා තවත් දුප්පත් කරපු එක විතරයි. ගහපු පදයකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ.
රජයේ ප්‍රකාශක බවට කටයුතු කිරීමේදී ඔබතුමාගේ ගරුත්වය රැකගෙන, රෙදි සේදීමට නොයන්න.
තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ අපිට කිසිම හදිස්සියක් නැහැ ඔබලා හෙමින්සීරුවේ වැඩටික කරන්න.