(නිමල කොඩිතුවක්කු)
මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම නොව ජන ජීවිත බේරා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (06)පැවසීය.
හදිසි නීති රෙගුලාසිවලට සමගි ජනබලවේගය තරයේ විරුද්ධ බවත්, එවැන්නක් ගෙනැවිත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පහර එල්ල කිරීමට ආණ්ඩුව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
බඩුමිල පාලනයට හදිසි නීතිය අවශ්‍ය නැති බවත් ඒ වෙනුවට 2003 අංක 9, දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත සහ එම අධිකාරිය ඒ වෙනුවෙන් තිබෙන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එහෙත් ආණ්ඩුව ඒවා බලාත්මක නොකර ගජමිතුරන්ට සහන සලසන බවත් ජනතාවට අවශ්‍ය එවැනි පාලනයක් නොවනබවත් ඒ මහතා පැවසීය.
කොවිඩි වසංගතය ජාතික ආපදා තත්ත්වයක් වන අතර එවැනි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට 2005 ,අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනත අනුව බලතල හිමි බවත් එහෙත් ආපදා කළමනාකරණ ජාතික සභාව හෝ පත්කිරිමට ජනාධිපතිවරයා තවමත් කටයුතු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියව් දියව්.. සුදුකුමාර පිටුපසින් තියාගෙන අහිංසක මිනිසුන්ව අවුස්සලා උද්ඝෝෂණ, වැඩවර්ජන කරනකොට රෝග බෝවන බව නොදන්නා "මෝඩ ගොනාට" දැනුයි මතක්වුනේ මේ මොහොතේ කළ යුත්තේ ජනජීවිතේ බේරාගැනීම ගැන... නොදෝමකින් මේ අපේ දේශපාලුවන්ගේ මඤ්ඤන් බුද්ධිමත් මොලේ... පුදුමයි සුදුකුමාර ප්‍රමුක රතුහැට්ටකාරයින් මුකුත් උගත් කතා කිව්වේ නැත්තේ...
සියල්ල දත් පුතානෝ වන මෙමාට... සියල්ල අමතකයි පට්ටියේ ඔටුන්න දකිනවිට... ලෙඩ බෝවුණත් ඒ ඔක්කොම රට්ටුන්ට... දැන් මා අඬන්නේ බොරුවට බව දන්නැද්ද...?
ඔබතුමා නෙමෙයි... මොන සක්කරයා ඇවිල්ලා කිව්වත් වැඩක් නැහැ. ගැසට් ගහලා තමයි පස්ස බලන්නේ....
මේ මොහොතේ කළයුත්තේ කට වහගෙන පැත්තකට වෙලා ඉන්න එකයි. රටේ කිසිම ව්‍යවසනයකට කිසිම දායකත්වයක් නොදුන් නායකයෙක් තමයි ඉන්නේ...
හරි ... ස්තුතියි...!!!
බලය තියෙන කාලෙදීත් මේ වගේ හිතුවා නම්... පාස්කු ප්‍රහාරය වගේ දේවල් වළක්වා ගන්න තිබුණා නේද?...
ජන ජීවිත බේරාගන්න තමයි හදිසි නීතිය අවශ්‍ය වෙන්නේ... මොකද හොඳ විනයක් තියෙන සාමාන්‍ය ජනතාවට හදිසි නීතියද, මොන නීතියද කියන එක වැදගත් නැහැ. විනයක් නැති, සදාචාරයක් නැති, මොන දේටත් දේශපාලන වගන්ති දාන අයට තමයි මේකෙන් හිත රිදෙන්නේ... ඇයි දැක්කේ නැත්ද වෛරසයට එරෙහි සටනේදී අපි ගොඩාක් ඉදිරියෙන් කියලා කිව්වා. ඉතින් ඉදිරියට යන එක වරදක්ද? එහෙම නැත්නම් ආපස්සට යන්න කියලද කියන්නේ...? සාමාන්‍ය අහිංසක ජන ජීවිතය රැකගන්න නම්, චාරයක් නැති එවුන්ව..., ලෙඩේ බෝ කරන්නම බලාගෙන ඉන්න අයව පාලනය කිරීම අතිශයින් වැදගත් බව දන්නේ නැතෙයි. ඇයි දැක්කේ නැත්ද කොරෝනා අස්සෙත් නවසීලන්තේ වෙච්චි සිද්ධිය... ඉතින් ආයිත් පාස්කු ප්‍රහාරයේදී කළා වගේ අශ්වයා පැන්නට පස්සෙ ඉස්තාලේ වහලා වැඩක් නැහැ. සමහර විට ඔබ ඒ කාලෙත් ඔය කියන විදිහට පාරිභෝගික පනතින් ඕවා මර්දනය කරන්න පුළුවන් කියලා උපදෙස් දුන්නද දන්නේ නැහැ...
කරන එකම උදව්ව තමයි පාඩුවේ ගෙදරට වෙලා ඉන්න
රවීන්ද්‍රට, අර ගෝනිය තුළ ලැගලා ගල වැදිලා තදින්ම රිදිලා වගේ....!
මේ වෙලාවේ හැකි පමණ මිනිස්සුන්ව පාරට බස්සලා පුහු උද්ඝෝෂණ කරලා ඒ අයටත්, මුලු රටටමත් වාසනාව ළඟාකර දීමයි.. එය කළ හැකි එකම කෙනා ඔබයි පුතණුවනි...
සර්ව පාක්ෂික සමුළුවක් තියා ප්‍රශ්ණය විසදුවොත් පක්ෂයේ බලය නැතිවෙනවා.පක්ෂයේ බලය නැතිව ජනතාව ජීවත්වුනත් වැඩක් නැහැ ඊලග වතාවේ පාලකයින්ට අබලි ද්‍රව්‍ය බවට පත්වෙන්න වෙනවා පාලකයින්ට වටින්නේ ජනතාවට වඩා පක්ෂය බව තේරුම් ගන්න මහත්තයෝ
මේ මොහොතේ කළයුත්තේ එකමුතු වෙලා හොඳටම දුර්වල වෙලා ඉන්න සතුරාට මුහුණ දීම කියලා මේ ගොල්ලන්ට හිතෙන්නේ නැද්ද අම්මපා..?
ඒ් කියන්නේ කොවිඩි නොතිබුනානම් ජන ජීවිත වලට මොනවා උනත් කමක් නැ කියලද
කාලයක් රට වහලා තියෙන කොට කිව්වා මිනිස්සු එදා වේල හොයාගන්න එක නැතිකළා කියලා, ඊට පස්සේ රට ඇරියම කිව්වා මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා කියලා..., අනේ මන්දා මෙයාගේ වටේ ඉන්න ගෝලයින් ටික මෙයාව හොඳට අන්දනවා. මෙහෙම විපක්ෂ වලින් රටට වැඩක් නැහැ...
මේ මොහොතේ ඔබ කළයුත්තේ ගොන් පාට් නොදා සිටීමයි...
කතා නොකෙරුවානම් කියයි මේ අය විපක්ෂේ ඉඳන් ආණ්ඩුව කරන්න කිසිම වරදක් ගැන කතා කරන්නේ නැහැ කියලා.
මොනාද කියන්න හදනවා. එත් කිය ගන්න තෙරෙන්නේ නැහැ. ජාතික ප්‍රශ්න වලට ප්‍රාදේශීය විසදුම හරියන්නෙ නැහැ.
හදිස්සි නීති දමන්නේ ජන ජීවිත බේරා ගන්න තමයි. නැතුව කාගේවත් ප්‍රජා අයිතිය නැති කරන්න නොවෙයි. එහෙම කාලෙකුත් තිබුනා.
මොකක්ද දැන් ඔය කියන කථාව......දැන් ටික දොහකට ඉස්සර ඔයගොල්ලොම නේද මහ ජනයාගේ නැටි කරකවලා අරක දියව් මේක දියව් කියල මහ පාරට ගෙනාවේ...