ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් කොංග්රස් මණ්ඩල සැසියට බාධා කිරීමට විරෝධතාකරුවන් උසි ගැන්වූයේ යැයි යන චෝදනාවට ලක් වී සිටින ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්රටික් පක්ෂය සැරැසෙයි. 11 January 2021
සාලිය පීරිස් - කුවේර ද සොයිසා සභාපති සටනට එති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය සඳහා තරඟ කිරීමට ජනාධිපති නීතීඥ සාලිය පිරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා අද (11) සිය නාම යෝජනා බාරදුන්හ. 11 January 2021
සී.අයි.ඒ. සංවිධානයේ නව ප්‍රධානියා විලියම් බර්න්ස් ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ආයතනය හෙවත් ‘සී.අයි.ඒ’ සංවිධානයේ ප්‍රධානියා ලෙස රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන විලියම් බර්න්ස් පත් කිරීමට එරට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත. 11 January 2021
බලන්ගොඩ ඇගලුම් කම්හලක් වහයි බලන්ගොඩ කුමාරගම ප්‍රදේශයේ ඇති ඇගලුම් කර්මාන්තශාලාවකට කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු පැමිණ ගොස් තිබීම හේතුවෙන් එම ඇගලුම් කම්හල අද (11) දා සවස සිට තාවකාලිකව වසා දැමිමට උපදෙස් ලබා දුන් බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 11 January 2021
මාතර පුද්ගලික රෝහලක් වසාදැමීමට නියෝග මාතර නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ඇතුළු 5 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වීමත් සමග එම රෝහල තාවකාලිකව වසා තැබීමට නියම කළ බව මාතර පුරපති රංජිත් යසරත්න මහතා පැවසීය. 11 January 2021
කම්කරු මහලේකම් කාර්යාලයට එන්න එපා සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් පත් බාර දීමට නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයට පැමිණීමෙන් වළකින්නැයි කම්කරු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 11 January 2021
අත්හිටවූ දුම්රිය කිහිපයක් යළි ධාවනයට කොවිඩ් - 19 සෞඛ්යාරක්ෂක සංචරණ සීමා ලිහිල් කිරිම හේතුවෙන් දුම්රිය මගී සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාව සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරිම සඳහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන් වාර කිහිපයක් නැවත ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 11 January 2021
පුත්තලම ඩිපෝවේ රියදුරන් - කොන්දොස්තරවරුන් 44 ක් නිරෝධායනයට පුත්තලම ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්ර වරුන් 44 දෙනෙකු වහාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කළ බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසයි. 11 January 2021
බෙහෙත්පෙති නිපදවන කැල්සයිට් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට යයි බෙහෙත් පෙති ඇතුළු නිෂ්පාදන රැසකට භාවිතා කරන කැල්සයිට් මෙරට දීම නිශ්පාදනය ආරම්භ කිරීමට තීරණය රජය තිරණය කර ඇත. 11 January 2021
මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදකලා කරයි කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් පස්දෙනෙකු හමුවිමත් සමග රෝග ව්‍යාප්තිය පාලනය කිරිම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ත්‍රිකුණාමල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම් .කොස්තා මහතා පැවසීය. 11 January 2021
අලුත්ගම-බේරුවල-පයාගල අහඹු පරීක්ෂණවලින් 75කට කොරෝනා අලුත්ගම, පයාගල ,බේරුවල පොලිස් වසම් තුනෙහි සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් පුද්ගලයන් 75 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (11 )සඳහන් කළේය. 11 January 2021
දයාසිරි හමුවෙන්න ගිය හත් දෙනකුගේ ආශ්‍රිතයින් 30 ක් නිරෝධායනයට හෙට්ටිපොළ සිය කාර්යාලයයේදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු මේ වන විට ප්‍රතිකාර ලබන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවීමට එදින එම කාර්යාලයට ගිය නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ පුද්ගලයන් හත් දෙනෙකු සහ ඔවුන් ගේ පවුල් වල සාමාජිකයන් 30ක් පමණද නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. 11 January 2021
රාජ්‍ය නිලධාරීන් ගමේ ප්‍රශ්න සියැසින් දැකීම අවශ්‍යයි කාර්යාලයට සීමා නොවී ගමට ගොස් වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ‘ගම සමග පිළිසඳරක්’ තුළ වැඩ සමග යළි ගමට ජාතික වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීමකට සහභාගිවෙමින් ජනාධිපතිවරයා ‘මෙරට වගා කළ හැකි දේ වගා කර පිටරට ගොවියාට යන මුදල අපේ ගොවියා අතට පත් කරන බවද’ ප්‍රකාශ කළේ යැයි එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන් ය. 11 January 2021
කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට පැමිණි දරුවෝ යළි නිවෙස්වලට රැගෙන යති පාසල් ආරම්භ වු පළමු දිනම පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට පැමිණි තම දරුවන් කොරෝනා ප්‍රශ්නයක් මුල්කරගනිමින් දෙමාපියන්ආපසු රැගෙන යාමට අද (11) කටයුතු කර තිබුණි. 11 January 2021
යාපනය සරසවියේ කඩා දැමූ ස්මාරකය යළි ඉදිකරයි කඩාබිඳ දැමුණු යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය යළි ඉදි කිරීම සඳහා වන මුල් ගල් තැබීම එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එස්. සිරිසත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) උදෑසන සිදු කෙරුණි. 11 January 2021
වාසුදේවටත් කොරෝනා ජල සම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 11 January 2021
කොන්දොස්තර ආසාදිතයකු වීමෙන් පුත්තලම ලංගම ඩිපෝවෙ බස්රථ රැසක් ධාවනය නවතයි පුත්තලම ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයකු කොවිඩ් ආසාධිතයකු ලෙස හඳුනා ගැනීමත් සමග බස් රථ රැසක් ධාවනය නවතා දමා රියදුරු හා කොන්දොස්තරවරුන් පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්රු ප්‍රනාන්දු මහතා අද( 11) පැවසීය. 11 January 2021
ට්‍රම්ප්ට ආයෙත් ට්විටර් නෑ තවදුරටත් ප්රචණ්ඩත්වය ඇති කිරීමේ අවදානම හේතුවෙන් බලමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ඉවත් කරන බව ලෝ ප්‍රකට ට්විටර් සමාගම ඉකුත් සිකුරාදා (8) නිවේදනය කළේය. 10 January 2021
ඇමෙරිකාවේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති ඇතුළු 4 කට කොරෝනා අමෙරිකාවේ වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ 4 දෙනෙකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් සදහන් කරයි. 10 January 2021
කෑගල්ල රෝහලේ රසායනාගාර සේවකයන් 7 කට කොරෝනා කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන රසායනාගාර ශිල්පීන් පස්දෙනෙක් සහ රසායනාගාර සහයකයන් දෙදෙනකුට කොවිඩි-19 වයිරසය අසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. 10 January 2021
අතුරුදන් වූ යානයේ කළු පෙට්ටිය සොයාගනී කඩාවැටුණු ඉන්දුනීසියානු ගවන් යානයේ කළු පෙට්ටිය තිබෙන ස්ථානය සොයාගෙන ඇතැයි එරට බලධාරීහු පවසති. 10 January 2021
තවත් කොරෝනා මරණ 3 ක් කොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (10) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 January 2021
ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු එස්.ටී.එෆ්. 35 දෙනකුට කොරෝනා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව යෙදී සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. 10 January 2021
පොලොන්නරුව රෝහලේ 21 වාට්ටුව වහයි කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු අද (10) දිනයේ හමුවීම හේතුවෙන් පොලොන්නරුව මහ රෝහලේ අංක 21 වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ,වෛද්‍ය නිහාල් ගුණතිලක මහතා පැවැසීය. 10 January 2021
තවත් කොරෝනා ආසාදිතයින් 536 ක් හඳුනාගනියි දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් අද (10) දිනයේ මේ වන විට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 536 දෙනකු වාර්තා වී තිබේ. 10 January 2021
නැගෙනහිර පාසල් 32 ක් තවදුරටත් වසාදැමීමේ තීරණයක් නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් 32ක් තවදුරටත් වසා තැබෙන බව ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කීවාය. 10 January 2021
කලවාන නගරයේ වෙළෙඳසැල් - ආයතන තාවකාලිකව වහයි ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා කලවාන නගරයේ සියලුම වෙළෙද සැල් සහ ආයතන තාවකාලිකව වසා දැමිමට කලවාන ප්‍රාදේශීය කොව්ඩ් මර්දන කමිටුව අද (10) පස්වරුවේ තීරණය කර තිබේ. 10 January 2021
බොරැල්ලේ ප්‍රදේශ තුනක් හුදකලා කරයි බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ තුනක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 10 January 2021
යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කරන්න තීරණය කර නෑ යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවසීය. 10 January 2021
මුහුණු පොතින් තරුණියන් මුදලට විකුණලා මුහුණු පොත හරහා ප්‍රතිචාර දක්වමින් මිතුරු වන තරුණියන් ඉතා සූක්ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපි කතුන් තිදෙනෙකු අද (10) දා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය පවසයි. 10 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026